කෝටි 11 කට අධික රත්තරන් කිලෝ 14 ක් උතුරු මුහුදෙන් අත්අඩංගුවට…

February 16, 2020 at 5:30 pm | lanka C news
කෝටි 11 කට අධික රත්තරන් කිලෝ 14 ක් උතුරු මුහුදෙන් අත්අඩංගුවට…

යාපනය මාදගල් මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් කෝටි 11 කට අධික වටිනාකමින් යුත් රත්‍රං කිලෝ 14 ග්‍රෑම් 350 ක තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

උතුරු නාවික විධානයට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව  නිලධාරීන් පිරිසක් විසින් යාපනය මාදගල් මුහුදු ප්‍රදේශයේ 14 දා රාත්‍රියේ මුර සංචාරයේ යෙදුනු අවස්ථාවේදී සැක සහිත ධීවර යාත්‍රාවක් නිරීක්‍ෂණය වී එය වැඩිදුර පරීක්‍ෂා කිරීමට සූදානම් වූ අවස්ථාවේ අදාල සැක සහිත ඩිංගි යාත්‍රාව අණ නොතකා යාත්‍රා කර තිබේ.

ඒ අනුව, නාවික හමුදා යාත්‍රාව මඟින් එම සැක සහිත යාත්‍රව පසුපස හබා ගොස් එම යාත්‍රාව සහ එහි සිටි සැකකරුවන් දෙදෙනෙක් (02) නාවික හමුදා බාරයට ගනු ලැබිමෙන් පසුව යාත්‍රාවේ සිදු කළ සොද්සි මෙහෙයුමේදී මෙම රත්‍රං සහිත පාර්සලය සොයා ගෙන තිබේ.

එලෙස සොයා ගන්නා ලද පාර්සලය තුළ රත්‍රං කිලෝ 14 ග්‍රෑම් 350 ක රන් කැබිලි වශයෙන්  තිබී ඇති අතර, එහි වටිනාකම රුපියල් කෝටි 11 කට අධික  වෙතැයි නාවික හමුදාව ගණන් බලා ඇත.

නාවික හමුදා භාරයට ගන්නා ලද සැකකරුවන් 27 වන වියෙහි පසුවන මාදගල් ප්‍රදේශයේම පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

අදාල රත්ත්‍රන් තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන එන්නට ඇති බවට නාවික හමුදාව සැක පල කර සිටියි.

නාවික හමුදා බාරයට ගන්නා ලද රත්‍රං කිලෝ 14 ග්‍රෑම් 350 ක ප්‍රමාණ යහා සැකකරුවන් දෙදෙනා සමග ඩිංගි යාත්‍රාව ඉදිරි විමර්ශන කටයුතු සඳහා කන්කසන්තුරය රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

17,705 Viewers

3 Comments to “කෝටි 11 කට අධික රත්තරන් කිලෝ 14 ක් උතුරු මුහුදෙන් අත්අඩංගුවට…”

  1. 😍😍😍😍😍😳😳 says:

    දැන් ඕවට මොනවද වෙන්නේ..?
    ඇත්තටම අර කුඩු ඇල්ලුවම වෙන දෙයමද??
    හිටංගෙ කාලේ කොහොම එන්න ඇද්ද?
    ‘මත්-කුඩු’ … ‘තායි -බඩු’… ‘රන්-තෝඩු’..
    නරක නෑ…
    ‘මත්කුඩු’ ටිකක් ගහල ‘රන්-තෝඩු’ දාපු…
    ‘තායි -බඩු’ වක් ලංකරගෙන හිටිය නම්
    මොන ආතල් එකක්ද මචෝ..😊😊

  2. LION says:

    මුල්කාලයේ වැලිවටතුරයි යෙදුනු සෙල්ලම් නැවත කරලියට වහාම උතුරේ හමුදාව වැඩිකළ යුතුය.

  3. FoolishLankan says:

    They have forgotten…that they have got an International Airport given by the last Govt.
    Bring anything just by spending little cash. In one way this is a development for Sri Lanka.

Main News