කෝටි 140ක වංචාවට ක‍්‍රිකට් විචාරක බ‍්‍රයන් තෝමස් රිමාන්ඩ්

February 12, 2021 at 6:48 pm | lanka C news
කෝටි 140ක වංචාවට ක‍්‍රිකට් විචාරක බ‍්‍රයන් තෝමස් රිමාන්ඩ්

ප‍්‍රධාන පෙළේ ව්‍යාපාරික ආයතනයක ව්‍යාපාර කටයුතු සඳහා ආයෝජනය කරන බව පෙන්වා තවත් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් බිලියන 1.4 ක මුදලක් ලබාගෙන වංචා කිරීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ මාධ්‍ය ප‍්‍රකාශකවරයා ලෙස කටයුතු කළ බ‍්‍රයන් තෝමස් නමැත්තාව ලබන 18 දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය මහතා ඊයේ (11 දා) නියෝග කළේය.

ප‍්‍රකාශයක් ලබාගැනීම සඳහා පෙරේදා (10 දා) පස්වරුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ එම සැකකරුගෙන් ප‍්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව ඊයේ (11 දා) පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

– divaina

54,971 views

15 Comments to “කෝටි 140ක වංචාවට ක‍්‍රිකට් විචාරක බ‍්‍රයන් තෝමස් රිමාන්ඩ්”

  1. aniwa says:

    හාල්මැස්සෙක් අල්ලලා මාද්‍ය සංදර්ශනයක් දානවා බය්යෝ ටෝය්යෝ ජෙප්පෝ සතුටු කරන්න
    තෝරු මෝරු කවදාවත් අහු වෙන්නේ නැහැ
    මේකා මෙහෙම නම් නිකන් හිතාගන්න පුළුවන් තිලෝ අංකල් කොහොම ගැහිල්ලක් ගහන්න ඇතිද කියල

    • මහනුවර අක්‍රම් says:

      මූ කොහෙත්ම හාල් මැස්සෙක් නම් නෙවෙයි

  2. බෝරන් අර්ගෙන් සෙන් ජෝශප් මරදාන කල්ලිය says:

    රසල් අර්නෝල්ඩ් හා රොෂාන් අබේසිංහ ගැනත් හොයන්න

Main News