කෝටි 2000 මැණික් ගල අලි බොරුවක්.. ලක්‍ෂ 04ක් වටින්නේ නෑ.. ලංකාවේ නම කැත කරන වැඩක්…

July 28, 2021 at 10:22 pm | lanka C news
කෝටි 2000 මැණික් ගල අලි බොරුවක්.. ලක්‍ෂ 04ක් වටින්නේ නෑ.. ලංකාවේ නම කැත කරන වැඩක්…

මෑතකදී පැල්මඩුල්ල ප්‍රදේශයෙන් හමුවූ කිලෝ ග්‍රෑම් 510ක් බරැති ආරනූල් වර්ගයේ මැණික් ගලේ වටිනාකම සම්බන්ධයෙන් ක්ෂේත්රයේ ප්‍රවීනයන් අදහස් පළ කරති.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසන තරම් වටිනාකමක් මෙම මැණික් ගලේ නොමැති බව රාජ්‍ය මැණික් සංස්ථාවේ හිටපු සහකාර තක්සේරු නිලධාරී පාලිත ගුණසේකර මහතා සඳහන් කරයි.

එම විශාල මැණික් කලේ මැණික් ගල් සියල්ලම මියගොස් ඇති බවත් මැණික් ගල් විනිවිද නොපෙනෙන බවත් ඒවායේ කිසිදු වටිනාකමක් නැති බවත් පවසන ඔහු නමුත් කෞතුකාගාරයන් සඳහා රුපියල් ලක්ෂ දහයක වැනි මුදලකට විකුණා ගත හැකි බවද ඔහු පෙන්වා දෙයි.

මේ අතර රත්නපුර මැණික් කෞතුකාගාරයේ හිමිකරු එල්.එල්.ඒ. නන්දන මහතා සඳහන් කරන්නේ මෙයාකාර වැඩකටයුතු නිසා ලංකාවේ නමත් අපකීර්තියට පත් වන බවයි.

තමන් සන්තකයේ මේ හා සමාන මීට වඩා වටිනා මැණික් ගලක් ඇති බවත් එය අදාල මැණික රුපියල් ලක්ෂ තුන හතරකට වඩා වටිනාකමක් නැති බවද කියා සිටියේය.

කෙසේ වෙතත් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය කියා සිටියේ මෙම මැණික් ගල රුපියල් කෝටි 2000 ක් පමණ වටිනා බවත් එය අයිතිකරුවන් ගේ කැමැත්ත මත විදේශ වෙන්දේසියේ විකිණීමට පියවර ගන්නා බවත්ය.

129,826 views

20 Comments to “කෝටි 2000 මැණික් ගල අලි බොරුවක්.. ලක්‍ෂ 04ක් වටින්නේ නෑ.. ලංකාවේ නම කැත කරන වැඩක්…”

  1. LalithM says:

    හරි. විකුනලා ඩොලර් ගන්නකෝ. බැසිල් ස ට සල්ලි ඕන ණය ගෙවන්න.

  2. dil says:

    This is the nature of Sinhalese Buddhists people. They are always pessimistic. They cannot bear the prosperity of another. Uncouth nation in the world. Should not open the door for sinhalese except our own family members. They always undermine against others. So jealousy. Do no trust people who KARANDUWA OLUWE THIYAN INNA.

  3. Chan Choon says:

    Konde bandapu eka cheenek mesirilaken hoyaganna Bari unada …?

  4. Padeniya says:

    හරි බලාපොරොත්තු උන නිව්ස් එක. ඊට පස්සෙ ඒ ගල මල්ලක දාලා එක්තරා පව්ලක ගේ දොරකඩ තියලා ගිහිල්ලා. ඒ අයගෙ ඇති දක්ෂකම නිසා නැවත කෝටි 2000 කට විකුණලා. කොහොමද කතාව.

  5. Truth says:

    දුන්නා නේද ඒකටත් ෂොට් එක. 🖕🖕🖕

  6. සවි අරික්කාල says:

    සීමාසහිත ඵදා වේල නිවුස්. ඊළඟට රත්තරං නිධියක් මතුවීමට නියමිතයි.

    • ශාලින්ද්‍ර says:

      ඇයි … අපේ තඩි තෙල් නිදිය …., මෙහෙම වෙද්දී නාග ලෝකේ ට නිව්ස් එක ගිහිල්ලා ….. බෝතල් කරපු නයා ත් ආයි එන්න බැරි නැහැ

    • කුමාරි says:

      ඩේසි ආච්චි ට පිං , අපි ට තව තඩි ගල් හමුවේවා !!!

  7. Silly Point says:

    May be Rajapaksha brothers are trying to bring hidden money back to Sri Lanka. They will say that they sold this for so many millions in China. Very suspicious that they chose China. If it so expensive, one would think that it will be auctioned in New York.

Main News