කෝටි 300ක් අයිස් හා හෙරොයින් තොගයක් අත්අඩංගුවට….
December 6, 2020 at 12:40 pm | lanka C news
රුපියල් කෝටි 300ට ආසන්න අයිස් හා හෙරොයින් මත් ද්‍රව්‍ය කිලෝ 199ක් සමග සැකකරුවන් සිව් දෙනෙකු මාරවිල දකුණු තොඩුවාව ප්‍රදේශයේදී (6) වන දින අළුයම අත් අඩංගුවට ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඩුබායි රාජයේ රැදී සිටින ප්‍රධාන පෙලේ ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් එවන ලද මත් ද්‍රව්‍ය තොගයක් බව සුරා බදු දෙපාර්ත්තුමේන්තුව වැඩි දුරටත් පවසයි.
එසේ අත්අඩංගුවට ගෙන තිබූ මත් ද්‍රව්‍ය තොගය අතර හෙරොයින් කිලෝ 99ක්ද, ඒ සමග අයිස් නැමති මත්ද්‍රව්‍යද කිලෝ 100ට ආසන්න ප්‍රමාණයක් තිබූ බව සුරාබදු නිලධාරින් පවසයි.
සුරාබදු දෙපාර්ත්තුමේන්තුව පවසන්නේ මෑත ඉතිහාසයේ තම දෙපාර්තමේන්තුව මගින් සිදු කල විශාලතම වැටලීම එය බවයි.
මසකට ආසන්න කාලයක් සුරාබදු නිලධාරින් හා සුරාබදු බුද්ධි අංශය දැවැන්ත මෙහෙවුමකින් පසුව මෙම වැටලීම සිදුකර ඇති අතර, ඩුබායි රාජ්‍යයෙන් එවන ලද රුපියල් කෝටි 300ක් ආසන්න වටිනාකමකින් යුත් මත් ද්‍රව්‍ය තොගය ශ්‍රී ලාංකික මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන් විසින් සූක්ෂම ලෙස ප්‍රවාහනය කිරීමට කටයුතු කර තිබියදී මෙසේ අත්අඩංගුවට ගත් බව කියයි.
අදාල මත් ද්‍රව්‍ය තොගය මාරවිල දකුණු තොඩුවාවේ සිට සූක්ෂම ආකාරයෙන් දොඹකර ලොරි රථයක පටවන ලද විදුලි ජනක යන්ත්‍රයක රහසිතග ආකාරයෙන් සගවා ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබියදී සුරාබදු නිලධාරින් හා නාවික හමුදා බුද්ධි නිලධාරින් විසින් (06) වන දින අළුයම අත්අඩංගුවට ගත් බව කියයි.
එම වැටලීමේදී මත් ද්‍රව්‍ය ප්‍රවාහනයට සුදානම් කර තිබු දොඹකරය සහිත ලොරි රථය හා අදාල විදුලි ජනක යන්ත්‍රය සුඛෝපභෝගි මෝටර් රථ දෙකක් හා වෑන් රථයක් අත්අඩංගුවට ගත් බව සුරාබදු නිළධාරින් පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ගනේමුල්ල හා දෙමටගොඩ පදිංචි ප්රධනා පෙලේ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බවට මේ වන විට සනාථ කර ගෙන තිබේ.
අදාල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිසිවෙකුට සැක නොහිතන ලෙස මාර්ග කාපට් කිරීමේ සමාගමක ඉංජිනේරුවරුන් ලෙස පෙනී සිටිමින් දකුණු තොඩුවාව ප්‍රදේශයේ සංචාරක හෝටලයක පසු ගිය (30) වන දින සිට අත්අඩංගුවට පත් වන දින දක්වා නවාතැන් ගෙන ඇති බවත්, පරික්ෂණවලදී සනාථ වී තිබේ.
මෙම මත්ද්‍රව්‍ය තොගය අදාල ජාවාරම්කරුවන් විසින් සූක්ෂම ආකාරයෙන් කොළඹ ප්‍රදේශයට රැගෙන යාමෙන් පසු දිවයින පුරා බෙදා හැරීමට සූදානම් කර තිබූ බව පරික්ෂණ වලදී සනාථ වී තිබේ.
අත්අඩංගුවට පත් ජාවාරම්කරුවන් කලක සිට මෙම ජාවාරම මෙහෙයවා ඇති බවට මේ වන විට වාර්තා වී ඇති අතර, සුරාබදු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ඒ.බෝදරගම මහතාගේ උපදෙස් මත සුරාබදු කොමසාරිස් වසන්ත දිසානායක මහතාගේ මෙහෙයවීමෙන් සුරාබදු පරික්ෂක චින්තක උඩපමුණුව සුරාබදු නිළධාරි ඩබ්ලිව්.එල්.ඩී. විජේසේකර මහතා සමග ඩබ්ලිව්.ජී.එස්.නිශාන්ත, ඒ.එම්.ප්‍රේමරත්න, අයි.සී. රත්නායක, රයිනිබයන්, එස්.පිලපිටිය, එන්.තලගල, සුරාබදු සැරයන් රණුර නජිත්සිංහ, ධම්මික හතුරුසිංහ, උපුල් නිලන්ත රාජපක්ෂ, නලින් ප්‍රියංකර, කේ.ඒකනායක, ගාමිණි හේරත්, රවින්ද්‍ර පෙරේරා ඇතුලු විස්සකට ආසන්න නිලධාරින් පිරිසක් වැටලීම සදහා එක්ව තිබුණි
– පුත්තලම කේ.ප්‍රියංකර කළුපහන
Mema Kudu prashne nisa Lankawe Sinhala kollo, kello, primi, genu okkoma vinashawela yanawa. Wediyenma kudu gennane Thambi Hamba pohosath, rich, Muslim hora kalakanni yakku, Afganistan wala idan Pakistan walata genella, etapasse Laniawata gennanawa muhuden, sea routes walin, malukarayoth okata sambanda ethi. Ellum gaha aran dana eka hari moda bhayanaka wekak, me pissu harak anduwa karannda hadanne. Nikan hari Ellum Gaha thiyenawanam, maraniya danduwamant bayen oya kudu vinashaya adu karaganda puluwan.
ඩුබායි ඉදං මාරවිලට ආවෙ කොහොමද
අල්ලන කුඩු වලට මොකද වෙන්නේ ??? දන්නැති හින්ද අහන්නේ.
ආපහු විකුනනවා……ඇයි දන්නෙ නැද්ද
ඩුබායිවල ඉන්න ලොක්කා එවන්නෙ ලංකාවෙ ඉන්න ලොක්කට
ලංකාවෙ ලොක්කා කවුද කියලා හොයලා අත්.අඩංගුවටගන්න ඔහු අශ්රිය කරනපුද්ගලයො ගැනත් සොයාබැලුවොත්තමා මෙහෙයුම සර්ථක වන්නෙ
Thank you all for your great effort and protecting the young generation from these criminals.
ජාවාරම් කරුවොත් අහුවෙනවා, කුඩු ගෙනාපු එවුනුත් අහුවෙනවා , කුඩුත් අහුවෙනවා. පොඩි ගණන් නෙමේ. කෝටි 1-2 ක් නෙමේ 200-300. යකෝ මේවා විහුළුවට උඩවිසිකරන සල්ලි ද ? මෙච්චර ගානක් ගෙවල මේවා ගෙන්න ගන්න එකාට එක රැයෙන් ලංකාවේ බැංකු දෙක තුනක් සල්ලි දීල ගන්න පුළුවන් පොරක් වෙන්න එපැයි. හැබැයි හැමදාම කියන්නේ මුන් එක්කෝ ඩුබායි නැත්නම් පක්සිතාන් නැත්නම් ඉන්දියා ඉඳන් .එවනවා කියලා. එත් ලංකාවේ මේකට සපෝර්ට් එක දෙන ලොකු ලොකු මෝරු තාම අපේ ස ල එක්කෙන්කෙකුටවත් අහු උනේ නැහැනේ. දැන් ඉන්න අලුත් ස බලමු වැඩේ කොහොමද කරන්න කියල. ලොකු ස කියන්නේ එයාලු හොඳටම කරේ කියල. මට දැන් තමා තේරෙන්නේ ඇයි මේ ලන්සායි රෙනොයි ජයවීරයි රන්ජ ව ඇතුලට යවන්න බැරිනම් අඩි හයක් යටට යවන්න හරි මෙච්චර දගල්ලනේ කියල.
Exactly
දැන් බලනකොට මදුෂ් වගේ තව අය ඉන්නවනෙ මේ ක්‍රීඩාවෙ!
Niyama pattara karayo
They reveal all the names of investigators
First country to do this
How can they do another operation. These are secretive services and government needs to be careful when revealing the names of narcotic personel
Or is this another gimmic
What happened to previously caught drugs
Were they desyroyed