කෝටි 3,4 වාහනවලට ලක්‍ෂයක තෙල් ගහනවනම් විදුලි බිල ගෙවන්න බැරි ඇයි..- අමරපුර ලේඛකාධිකාරී හිමිගෙන් ව්‍යාපාරික භික්‍ෂූන්ට ප‍්‍රහාරයක්..

September 20, 2022 at 9:20 am | lanka C news
කෝටි 3,4 වාහනවලට ලක්‍ෂයක තෙල් ගහනවනම් විදුලි බිල ගෙවන්න බැරි ඇයි..- අමරපුර ලේඛකාධිකාරී හිමිගෙන් ව්‍යාපාරික භික්‍ෂූන්ට ප‍්‍රහාරයක්..

විදුලි බිල ඉහළ දැමීමට විරුද්ධ වන ඇතැම් භික්ෂූන් වහන්සේලා ගමන් බිමන් යන්නේ කෝටි තුන හතරේ වාහනවලින් බව ‍ශ‍්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය පල්ලෙකන්දේ රතනසාර හිමියෝ සඳහන් කරති.

එම වාහන වලට මාසකට ඉන්ධන වියදම රුපියල් පනස් දහසක් ලක්ෂයක් වන බවත් පැවසූ උන්වහන්සේ දානය ගෙවල් දාන ගෙවල්වල, මළ ගෙවල් වල මෙම අත් සුඛෝපභෝගී වාහන දැකගත හැකි බවද කියා සිටියහ.

අනිත් ආගම් වල අරමුදලක් පිහිටුවා ඇතත් මෙරට විහාරස්ථාන සඳහා එවන් අරමුදලක් පිහිටා නැති බවද පැවසූ උන්වහන්සේ සියලුම විහාරස්ථානවල ආදායම එක අරමුදලකට බැර කළ යුතු බවද කියා සිටියහ.

මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

60,683 views

28 Comments to “කෝටි 3,4 වාහනවලට ලක්‍ෂයක තෙල් ගහනවනම් විදුලි බිල ගෙවන්න බැරි ඇයි..- අමරපුර ලේඛකාධිකාරී හිමිගෙන් ව්‍යාපාරික භික්‍ෂූන්ට ප‍්‍රහාරයක්..”

  1. අසන්ක says:

    නෙල්ලිගල හැමදාම රෑ ඒලිවෙනකම් බල්බ් පත්තු වෙනවා. බොරැනම් ගිහින් බලපල්ලා

  2. test says:

    මේක තමා යථාර්තය , කතරගම් කිරි වෙහෙර ලග මිනිස්සු බඩඉරිඟු කාල ජීවත් වනවා . හාමුදුරුවෝ 24 පැයේම AC දාගෙන ඉන්නවා .
    ඉස්සර බිලෙන් බාගයි ගෙව්වේ . අල්පේච්ඡ ජීවිතය කොහෙද , මිනිස්සු උදේ හවස මැරිලා දානේ දෙනවා , මුන් BENZ වලින් වඩිනවා .
    වැඩිම වචන ගණනක් තියෙන්නේ සංගයට වඳින ගාථාවේ

  3. අනේ ! අපොයි ! says:

    අනේ හාමුදුරුවනේ ! ඔබ වහන්සේ ප්‍රවේශම් වෙන්න. සංඝ පාතාලය කියන්නෙ බොහොම දරුණු එකක්. ඔබව කම්මුතු කරලා ඔබව නිහඬ කරන එක ඒ පාතාල උන්නාන්සෙලාට කජ්ජක් නෙවෙයි…

  4. JR says:

    එහෙම බෑ අවසර… එතකොට ඒ කෝටිගනන් හොයන ව්‍යාපාර කරන්නෙ කොහොමද.?

  5. Jjohn the Baptice says:

    මේ හොර ගණ හැත්ත අපේ ආගමේ පියතුමන්ලත් බලෙන් අරන් ගිහින් උද්ගෝෂනයට. පියතුමන්ල කැමැත්තෙන් නෙවේ ගියෙ, ගණ මැරයන්ගෙන් පස්සෙ ප්‍රශ්න ඇති වෙයි කියල බයට.

Leave a Comment