කෝටි 40කට තීන්දුයි.. ශ‍්‍රීලනිප තරුණ මන්ත‍්‍රී එජාප පිම්ම ස්ථිර කරයි.. වෝටර්ස් එජ් සාකච්චා සාර්ථකයි..

October 12, 2019 at 9:20 am | lanka C news
කෝටි 40කට තීන්දුයි.. ශ‍්‍රීලනිප තරුණ මන්ත‍්‍රී එජාප පිම්ම ස්ථිර කරයි.. වෝටර්ස් එජ් සාකච්චා සාර්ථකයි..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ මන්ත්‍රීවරයෙකු එක්සත් ජාතික පක්ෂයට යාම සඳහා සියලු ගනුදෙනු ගැන සාකච්ඡා කර අවසන් කර ගෙන ඇති බව වාර්තා වෙයි.

බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවති සාකච්ඡාවක දී මෙම අවසන් එකඟතාවයකට පැමිණි බව දැනගන්නට ඇත.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග 60 අවුරුදු මිත්‍රත්වයක් ඇති මේ වන විට සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ප්‍රධානියෙකු ලෙස කටයුතු කරන වයස්ගත ඇමතිවරයෙක් සමග මෙම ගනුදෙනු කතාබහ කර තිබේ.

එජාපය පාර්ශවයෙන් මුලින් යෝජනා කර ඇත්තේ රුපියල් කෝටි 25ක් වුවද ශ්‍රීලනිප තරුණ මන්ත්‍රීවරයා අදහස වී ඇත්තේ තමනට කෝටි 50 ක් අවශ්‍ය බවයි.

නමුත් නැවතත් සාකච්ඡා මාර්ගයෙන් කෝටි 40ක් සදහා එකඟතාවකට පැමිණ ඇති අතර මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ලැයිස්තු පාර්ලිමේන්තුවට ගෙන කැබිනට් ඇමැති ධුරයක්ද ලබා දීමට එකඟතාව පළ කර ඇත.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ මෙම පිල්මාරුව සිදු ඇතැයිද වාර්තා වෙතැයි බලාපොරොත්තු විය හැක.

මෙම තරුණ මන්ත්‍රීවරයා එක් පාර්ලිමේන්තු සැසි වාරයකදී දෙවරක් ම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි අයෙකි.

82,171 Viewers

19 Comments to “කෝටි 40කට තීන්දුයි.. ශ‍්‍රීලනිප තරුණ මන්ත‍්‍රී එජාප පිම්ම ස්ථිර කරයි.. වෝටර්ස් එජ් සාකච්චා සාර්ථකයි..”

  1. බන්ඩා says:

    ඕකා ලක්ෂ 2500ක් තියා ලක්ෂ පහක් වටිනවද?

    • Amda says:

      යන උන් ගියාවේ…චන්දෙ දෙන්නෙ මිනිස්සු..

      දේශපාලකයන් එක්ක පැත්තෙන් පැත්තට යන නූගත් මිනිස්සු ඉන්නෙ TNA එකටයි, නැගෙනහිර අන්තවාදී මුස්ලිම් පක්ශ වලයි විතරයි

  2. Politics says:

    No body thinks about the country.

    If you need to protect Saharan’s followers and Dr. Shapi Type fellows..

    Vote for Sajith.

    But my vote is for Gota.

  3. මැකා says:

    ශාන්තී ශාන්‍තී ශාන්තී.. 😂

  4. රන්බණ්ඩා says:

    ඕන එකෙක් කැමති විදියට ඕනෙ තැනකට පැනගත්තාවෙ.
    ජනතාව මෙදා පාර චන්දෙ දාන්න යන්නෙ ඔය පනින උන් බලාගෙනවත්, කටමැත දොඩවන දේශපාලන බඩගෝස්තරයන්ටවත් නෙවෙයි.
    ගෝඨාභය ඇතුළු දැන උගත් මිනිස්සු ටිකක් එකතුවෙලා රටට ඉදිරිපත් කොරලා තියෙන වැඩ පිළිවෙල ගැන විශ්වාසෙ තියලා බොලව්.
    උදේ පාන්දරම චන්ද පොලට ඇවිත් පෝලිම් වලත් ලැගලා දැඩි උවමනාවකින් චන්දෙ දීලා 79%ක ප්‍රතිශතයක් චන්දය ප්‍රකාශ කොරපු ඇල්පිටියෙ ජනතාවගෙත් බලාපොරොත්තුව වුණේ ඔන්න ඕකමයි බොලව්.

  5. Politics says:

    No body thinks about the country.

    If you need to protect Saharan’s followers and Dr. Shapi Type fellows..

    Vote for Sajith.

    But my vote is for Gota.🌷🌷🌷🌷🌷🌷🌷🌷

  6. praba says:

    සල්ලි වලට මිනිස්සු අරගෙන හරි දිනන්නද බලන්නේ. අනේ පවි මන්ත්‍රීවරු ගත්තට ජනතාව ගන්න බැරිබව මතක ගියාගත්තොත් හොඳයි.

  7. Jackie says:

    සත 5 ක් කාටවත් පාඩුත් නැති, කාටවත් වටින්නෙත් නැති ශාන්ත බණ්ඩාරට කෝටි 40 ක්? මුන්ට සල්ලි වලට වෙන කරන්න දෙයක් නැද්ද

  8. sathya says:

    එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග 60 අවුරුදු මිත්‍රත්වයක් ඇති මේ වන විට සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ප්‍රධානියෙකු ලෙස කටයුතු කරන වයස්ගත ඇමතිවරයෙක් සමග මෙම ගනුදෙනු කතාබහ කර තිබේ
    Malik Samarawickrama

    Last moment Gotabaya will be disqualified by Presidential Candidacy. Sajith will win.

  9. Saradiel says:

    මරණයෙන් පසු මේ පව ගෙවන්න ගත්ත අය සහා දුන්න අයට ගෙවන්න සිදුවෙනවා

  10. ගොන් නාම්ඹා says:

    කෝටි 40ක් අරගෙන මේ එන්නේ රටට වැඩකරන්න වෙන්නැති නේද?.

  11. සරා says:

    අපරාදේ ‌ෙමේ මිනිහා තව ටිකක් ඉස්සර උනානම් ඉල්ලපු ‌ක‌ෝටි 40ම ගන්න තිබුනා.දැන් ඇල්පිටියෙන් සජිත් 24%කට පහල වැටුනට පස්ස‌ේ ‌‌ෙමෙච්චර මුදලක් දීලා ‌ම‌ෙි වගේ හාල්පාරුවෙක් යුඑන්පි එකට අරන් සත පහක වැඩක් තියනෙවද?අඩුම තරම‌ෙි ‌ෙමේ මිනිහාගේ ගැනිග‌ේ ඡන්දෙවත් සජිත්ට ලැබෙයිද?ඒත් කමක් නැහැ රටේ මුදල් හරි සංසරනය ‌ෙවෙනවාන‌ේ.පවු සජිත්.

  12. Nim says:

    ” AKA CHAN DAYAKATA
    GEWANA MUDALA???? ”
    OYA BANKU MANKOLLAYE
    SALLI.

  13. HARAMANIS says:

    me minihata kiyala chanda 50 k naha

  14. Nandasoma Suriyaarachchi says:

    කෝටි 40, එක ඡන්ද දායකයෙකුට ලක්ෂය බැගින් දුන්න නම් මෙයාට දුන්නට වඩා ඡන්ද ලබා ගන්න තිබුණ…..!

  15. Angoda Buva says:

    සල්ලි දීල තියා නිකං වත් ගන්න වටිනාකමක් නැති උන්ව කෝටි ගණන් ගෙවල ගන්න එකෙන්ම පේන්නෙ UNP එකේ මොනතරම් මන්ද බුද්ධිකයොද ඉන්නෙ කියල.

    කමක් මහ බැංකුව කොල්ල කාල ගත්ත සල්ලි ඇතිනෙ.

  16. charles says:

    People have decided who to vote by now. Whether it is Gota or Sajith. People do not care about others. Is Walgama the man .

  17. Sun says:

    These are the types of politicians in Sri Lankan politics and they don’t care about the country or people. They want to make money out of everything by selling even rights. Just imagine the wickedness of low mentality brains.They want to continue this dirtiness until they leave this world of politics and and at the last point of leaving the world they carry these saturated kamma with them to the point according to the matching place which decide according the collection. Ultimately will be borne like animal nature or the hell.

Main News