කෝටි 400ක් රාජ්‍ය මුදල් අවභාවිතය ඔප්පු වෙලා.. ඇමති රාජිතගේ ප‍්‍රජා අයිතිය අහෝසි කරන්නැයි දන්වයි..

June 3, 2019 at 4:40 pm | lanka C news
කෝටි 400ක් රාජ්‍ය මුදල් අවභාවිතය ඔප්පු වෙලා.. ඇමති රාජිතගේ ප‍්‍රජා අයිතිය අහෝසි කරන්නැයි දන්වයි..

ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් රාජ්‍ය මූල්‍ය අවභාවිතාව සිදු කර ඇති බව ඔප්පු වී අැති නිසා ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට කටයුතු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සියලු පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටියි.

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට රජයේ මුදල් නීති විරෝධී ලෙස ලබා දෙමින් සෞඛ්‍ය ඇමතිවරයා මෙම සුවිසල් රාජ්‍ය මූල්‍ය අවභාවිතාව සිදු කර ඇතැයිද ඔවුන් චෝදනා කරයි.

එස රෝහල රජයට පවරා නොගෙන එහි ණය මුදල් ගෙවමින් ඇති බවත් දැනටමත් රුපියල් මිලියන 4000 කට වැඩි මුදලක් ගෙවා ඇතැයිද ඔවුන් කියා සිටිති.

රෝහල වෙනුවෙන් නෙවිල් ප්‍රනාන්දු මහතා ලබාගත් ණය මුදල රජය විසින් ගෙවන්නේ යැයි ජනාධිපති කොමිසමේ දී හෙළිව තිබෙන බව ද වෛද්‍ය සංගමය සඳහන් කරයි.

ඒ නිසා පළමුවෙන්ම රජයෙන් මෙම ණය මුදල් ගෙවීම නවතා දැමිය යුතු බවත් දැනට ගෙවා ඇති මුදල නෙවිල් ප්‍රනාන්දු මහතාගෙන් හා සෞඛ්‍ය ඇමති වරයාගෙන් අයකරගත යුතු බවත් ඔවුන් කියා සිටිති.

ඊට අමතරව රජයේ මුදල් පුද්ගලික ආයතනයකට ලබා දී තිබීම නිසා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මගින් සෞඛ්‍ය ඇමතිවරයා ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්නැයි ද පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටින බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරති.

89 views

24 Comments to “කෝටි 400ක් රාජ්‍ය මුදල් අවභාවිතය ඔප්පු වෙලා.. ඇමති රාජිතගේ ප‍්‍රජා අයිතිය අහෝසි කරන්නැයි දන්වයි..”

  1. tomy says:

    මේකාගේ කොම්පැනි 5 ක් තියෙනවා රජයට බෙහෙත් සප්ලයි කරන. ඔය 5 ම පාලනය කරන්නේ මුස්ලිම් අය. රජයට අවශ්‍ය අනවශ්‍ය සියලුම බෙහෙත් මේකා සප්ලයි කරනවා . පිළිකා රෝහලට ලොකු ගණන වලට අනවශ්‍ය බෙහෙත් ගන්නවා කියලා ආරංචියි . මේකා මුස්ලිම් අයව ආරක්ෂා කරන්න හදන්නේ මෙන්න මේ නිසයි .

  2. Mahesh Gamage says:

    Me WASIKILI KATA thamai lankawe deshapalane enne anthima skkiliya
    habai mu hitan enne muta wada loku minihek naa kiyala

    mu RAjapaksha lata horu horu gaawata mu horakam karala ahuwela seat ekath nathiwuna class 1 thakkadiyek

    muta dan tika tika deyyange danduwan labenawa.

    ape pawata mu lankawe epadune
    ekata hariyana thawa henahuru puthayekuth jathaka karala
    hak

  3. නොදකින කාළකණ්ණි වසලයා.. ජාති ජාතිත් තොට සාප වෙනව මේ කරන අපරාධ වලට. ⁣උඹගෙ බූදලේ නෙවෙයි මේ හිතුමතේ විනාශ කරන්නේ.. මොකක් හරි පරණ පිනකට මේ භවේ මනුෂ්‍ය ආත්මයක් ලැබුනට ආයෙ උඹ අඳුරේ ජීවත් වෙන ගැඩවිලෙක් වෙලාවත් උපදියි කියල හිතන්න බෑ..

  4. siri says:

    ratawasiyagen nayata gaththa thoge hadawathata henama gahapan.

  5. Mithun says:

    Lat-kataage prajaa aithiya witharak nemei muge jeewath weeme aithiyath nethikaranda oone

  6. sunimal says:

    බරපතල වැඩ ඇතුව ජීවිතාන්තය දක්වා

  7. Wasala says:

    But Dabala Amara himi says they are gentlemen! Sad! Sad! Sad!!! This country is now getting closer to a failed Estate!

Main News