කෝටි 5ක කේරල ගංජා කිලෝ 239 ක් කිලිනොච්චියේදී අත්අඩංගුවට…

March 28, 2021 at 2:22 am | lanka C news
කෝටි 5ක කේරල ගංජා කිලෝ 239 ක් කිලිනොච්චියේදී අත්අඩංගුවට…

කිලිනොච්චිය පලෙයි පොලිස් වසමේ උඩුතුරෙයි ප්‍රදේශයෙන් රුපියල් කොටි 05 කට ආසන්න වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝ 239 ක් සමගින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට පලෙයි පොලීසිය පැවසීය.

නාවික හමුදාවේ බුද්ධි අංශයට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව නාවික හමුදාව විසින් ඒ බව පලෙයි පොලීසියට දැනුම් දී ඇත.

අනතුරුව පලෙයි පොලිස් කණ්ඩායමක් විසින් උඩුතුරෙයි ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකදී අදාල කේරල ගංජා තොගය පටවාගෙන සැකකරුවන් විසින් ටිපර් රථයකින් ධාවනය කරන ලද අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කොට ඇත.

අදාල කේරල ගංජා තොගය ටිපර් රථයේ ඉතා සූක්ෂමව සඟවාගෙන ගොස් ඇති අතර ඉන්දියාවේ සිට මුහුදු මාර් ගයෙන් රැගෙන එන ලද එම කේරල ගංජා දකුණට ප්‍රවාහනය කිරීමට සැකකරුවන් විසින් සැලසුම් කොට තිබූ බවටද පලෙයි පොලීසිය පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2,575 views

One Comment to “කෝටි 5ක කේරල ගංජා කිලෝ 239 ක් කිලිනොච්චියේදී අත්අඩංගුවට…”

  1. Dilan says:

    දකුණේ ඉන්න උන් පස්ස උද දාගෙන බීපුවාවේ !!!

Main News