කෝටි 5 කට වැඩි මත්ද‍්‍රව්‍ය මුහුදේ පාවේ…

April 18, 2022 at 2:03 am | lanka C news
කෝටි 5 කට වැඩි මත්ද‍්‍රව්‍ය මුහුදේ පාවේ…

රුපියල් මිලියන 59 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 197 ග්‍රෑම් 67 ක්  මන්නාරම මුහුදු සීමාවේ පාවෙමින් තිබියදී 16 රාත්‍රියේ සොයාගනු ලැබීය.

ශ්‍රී ලංකා නාවික නෞකා මිහිකත නෞකාව මගින් මන්නාරමට දකුණු දෙසින් වූ මුහුදු සීමාවේදී සෝදිසි මුර සංචාරයේ යෙදී සිටින අතරවාරයේදී ගොනි දෙකක් මුහුදේ පාවෙමින් තිබෙනු දැක නාවික නිලධාරීන් පිරිසක් අදාල ගෝනි දෙක ගෙන පරික්ෂා කිරීමේදී එහි තිබී පාර්සල් 50 ක අසුරණ ලද අදාල කේරල ගංජා තොගය සොයාගනු ලැබීය.

මෙම කේරල ගංජා තොගය රැගෙන ආ පුද්ගලයින් කව්රුන්දැයි යන්න මෙතෙක් හෙලි වී නොමැති අතරම කේරල ගංජා මුහුදු මාර්ගයෙන් ඉන්දියාවේ සිට මන්නාරමට රැගෙන එමින් සිටියදී නාවික හමුදාව දැක ජාවාරම් කරුවන් විසින් කේරල ගංජා මුහුදට දමා පලා ගොස් ඇති බවට නාවික හමුදාව සැකපල කොට සිටියි.

අත්අඩංගුවට ගත් කේරලගංජා තොගය ඉදිරියේදී පවතින සෞඛ්‍යාරක්ෂිත නීතිවලට අනුව ගිනිතබා විනාශ කිරීමට පියවර ගෙන ඇතැයිද නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

18,824 views

5 Comments to “කෝටි 5 කට වැඩි මත්ද‍්‍රව්‍ය මුහුදේ පාවේ…”

  1. මේවා ඩොලර් විනාශ කරන්ට එපා. .ඩයනගෙ එක්ස්පෝර්ට් පරිමිට් එකෙන් විකූනමු.. says:

    මේවා ඩොලර් විනාශ කරන්ට එපා. .ඩයනගෙ එක්ස්පෝර් පර්මිට් එකෙන් විකූනමු.. ඩයනාට ගංජා හා බඩූ ඇමතිනිය ලෙස පත්කරමූ. අලූත් කැබිනට්ටූවට. අනේ සර්.

  2. BOC-සිරිමල් උයනේ -රාජන්ගනේ-යාය 7-චාමර පිම්පියා says:

    ලොකුමල්ලි, ඩොමිනික් මල්ලි , රවින්ද්‍ර මල්ලි, උදිත මල්ලි, කඩේ උප්පුල් මල්ලි, පෝල් මචෝ, පිනට බොන්ඩ නැද්ද

    පිනට බොන්ඩ. කන්ඩ, සල්ලි දෙනවනම් මට දෙන්න..- අපේ ගෙදර අරය උනත් දෙන්නම් විනෝදෙට

    මට සල්ලි දෙනවනම් ඕනෑම බලු වැඩක් කරනවා, නිට්ටබුවේ BOC එකේ canten එක කරපු මාස්ටර් නැතිකරේ මම මේවට මට හෙන ගහනවා

  3. ජනජය says:

    ඔව යවන්න අර ගලේ සැට් එකට…!

  4. යවමු උගන්ඩාවට ..... says:

    යවමු උගන්ඩාවට …..

Main News