කෝටි 50යි ඇමතිකමයි අරගෙන එදා SBට එකතුවුණානම් හරි.. මාසයක් තුල කැබිනට් ඇමතිකමක් නොදුන්නොත් තීන්දුවක් ගන්නවා..- රංගෙබණ්ඩාර

December 27, 2018 at 10:00 am | lanka C news
කෝටි 50යි ඇමතිකමයි අරගෙන එදා SBට එකතුවුණානම් හරි.. මාසයක් තුල කැබිනට් ඇමතිකමක් නොදුන්නොත් තීන්දුවක් ගන්නවා..- රංගෙබණ්ඩාර

ආණ්ඩුව පිහිටවලා ඇමති මණ්ඩලය පත්කළත් තමන්ට කැබිනට් ඇමතිකමක් නොලැබුණු බවත් නියෝජ්‍ය,රාජ්‍ය,කැබිනට් නොවන ඒවාගේ වාඩි වෙන්න බැරි බවත් වැඩ කරන්න කැබිනට් ඇමතිකමක් අවශ්‍ය බවත් මාසයක් තුළ ප්‍රශ්නය නොවිසඳුනහොත් තීරණයක් ගැනීමට සිදුවන බව පාලිත රංගේ බංඩාර මන්ත්‍රීවරයා පැවැසීය.

මන්ත්‍රීවරයා මේ අදහස් පල කළේ ආණමඩුව නාගවිල සේරුකැලේ ප්‍රදේශයේ ජනතාවට ගම් පෙරලිය යටතේ භාන්ඩ ලබාදීමේ උත්සවයකට සහභාගී වෙමින් පැවති ජන හමුවකදීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවැසීය.

‘‘හැමදාම මේවා කතා කර කර ඉන්න බැහැ මමත් බලනවා වැඩිකල් නොගොස් මේ ක්‍රියාදාමයන් වල අවසානය මොකක්ද කියලා.ඇති වෙත්ත පහුගිය දේශපාලන වාතාවරනය වෙලාවේ මම ජපානයේ ඉඳලා ලංකාවට ආවහම මට කතාකලා ඔබටත් තෑගිබෝග දෙන්නම් එන්න කියලා.

එක පැත්තකින් කැබිනට් ඇමතිකම දෙන්න කියලා රටේ ප්‍රධානියා කතා කරනවා. හිටපු අමාත්‍යවරුවරු කතා කරනවා කැබිනට් ඇමැති ධුරය දෙන්නම් අනිත් පැත්තෙන් රුපියල් කෝටි 50ක් දෙන්නම් කියලා කතාකරනවා රුපියල් කෝටි 50 කොහොමද ගණන් කරන්න කියල අහනකොට කියනවා ඇමරිකන් ඩොලර්වලින් රුපියල් මිලියන 2.8 ක් දෙන්නම්.සල්ලි ගෙදරට ගෙනත් දෙන්නම් එන්න අපිත් එක්ක කැබිනට් ඇමති කමක් ගන්න එකතු වෙනන් කියලා.

මුළු රටම කිව්වා රංගේ බණ්ඩාර ඇමති රංගේ බණ්ඩා බණ්ඩාර නොමැතිව ආණ්ඩුවක් නැත රංගේ බණ්ඩාර නැත්තං යූ එන්පියක් නැත. රංගේ බණ්ඩාර තමයි හැරවුම් ලක්ෂය කියලා.

රංගේ බණ්ඩාර තමයි කෙලින් මිනිහා රංග බණ්ඩාර තමයි හෙළි කළේ කියලා තව ඇමැතිවරුන් මන්ත්‍රීවලට ඕනතරම් කතා කරයි කියලා කියනවා. නමුත් එක්කෙනෙකුටවත් කොන්ද කෙලින් තිබුණේ නැහැ හෙළිකරන්න. රංගේ බණ්ඩාර මේක හෙළිකළා රංග බණ්ඩාර එඩිතර මිනිහා නිර්භීත මිනිහා අවංක මිනිහා කියලා රටේ හැම තැනම යන තැනක කියනවා.

මං මේ ඊයේ ගිහිල්ලා අද යන හැම තැනකම දකින දකින මිනිස්සු අත ඉඹිනවා ඔබතුමා තමයි මේක බේරගත්තේ කියලා. දැන් අපි ආණ්ඩුවක් පිහිටවූවා ආණ්ඩුව පිහිටවන කොට මේ සේරම කරලා තිබෙන්නෙ කෙලින් ඉඳලා තියෙන්නේ රටේ ජනතාවට ගෞරවය ඇති කරලා තියෙන්නේ රංග බණ්ඩාර.හැබැයි ආණ්ඩුව පිහිටුවලා ඇමති මණ්ඩලයේ පිහිටවලාත් අවසානයට බොහොම චුට්ටයි කරන්න තියෙන්නේ දැන් හැරවුම් ලක්ෂය එලියෙ හැරවුණු කට්ටිය ඇතුළේ හැරවුම් ලක්ෂ තාම එලියෙ දැන් මට මිනිස්සු කියනවා.

අර කෝටි පනහත් අරගෙන ඇමතිකමකුත් අරගෙන ඇයි එස් බීට එකතු වුණේ නැත්තෙ කියලා එහෙම කරන්න තිබුණා නේද ඇයි එහෙම නොකලේ කියලා දැන් ඒවගේ ජංජාලයකට රංගේ බණ්ඩාරට මුහුණ දෙන්න වෙලා තිබෙනවා.

මේ අවුරුද්දත් අසන් වේගන යනවා 2019 වන කොට මේ ප්‍රශ්නය විසදෙන්නේ නැත්නම් හැරවුම් ලක්ෂය හරවන්න වෙනවා.නැතුව මේක කරන්න බැරුව යනවා.හැමදාම බේරලා දීලා පැත්තකට වෙලා ඉඳලා හරියන්නෙත් නැහැ.

පුත්තලම මගෙ මිනිස්සුන්ට වැඩ කරන්න තියෙනවා.අධ්‍යාපනය සෞඛ්‍ය ප්‍රවාහන වාරි ක්ෂේත්‍රයේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ බරපතල ප්‍රශ්න වෘත්තීය ක්ෂේත්‍රයේ බරපතල ප්‍රශ්න අපේ මිනිස්සුන්ගෙ ආර්ථිකයෙ බරපතල ප්‍රශ්න මෙහෙම බලනකොට හැම තැනකම ප්‍රශ්න.

එහෙනම් නැවතත් මම රාජ්‍ය ඇමති වෙලා හරියන්නෙ නැහැ.නියෝජ්‍ය,රාජ්‍ය,කැබිනට් නොවන ඒවාගේ වාඩි වෙන්න බැහැ දැන් අපිට දිස්ත්‍රික්කය ගොඩ නගන්න වාඩි වෙන්න ඕනා කැබිනට් ඇමති ධූරයේ මේ තත්වය කඩිනමින් ලැබිය යුතුයි. එ

හෙම නැතුව හැරවුම් ලක්ෂය එලියෙ තියලා අනිත් අය හරවලා හරියන්නෙ නැහැ.මේ මාසය තුල ප්‍රශ්නය විසඳුනේ නැති නම් හැරවුම් ලක්ෂය පිළිබඳ තීරණ ගන්න වෙනවා කියන එක සිහිපත් කරන්න ඕනා”

– lankadeepa

86 views

34 Comments to “කෝටි 50යි ඇමතිකමයි අරගෙන එදා SBට එකතුවුණානම් හරි.. මාසයක් තුල කැබිනට් ඇමතිකමක් නොදුන්නොත් තීන්දුවක් ගන්නවා..- රංගෙබණ්ඩාර”

  1. lester says:

    Shame…these are our politicians..would the country be ever thrive with this mentality .

  2. බ්‍රිජිට් says:

    ඔන්න මුගේ නියම ගති දැන් පේනවා, හරියට මොනරා නටන කොට වගේ, තුහ් පෙරේතයා

  3. androw says:

    puttalam buuruwa thapul lanawa..

  4. මූ නියම පිං ගොනෙක් ...හරක් මඩුවකට තමා දක්කන්න වෙන්නේ? says:

    මූ නියම පිං ගොනෙක් …හරක් මඩුවකට තමා දක්කන්න වෙන්නේ?බොරුවට තප්පුලනවා විතරයි.

  5. THILAK says:

    mun aththatama mp lada???

  6. Ranil says:

    පුත්තලම් බූරුව තොට මොන ඈමතිකම්ද?

  7. මෙයා හිතනව ඇති මෙයා වටින කෙනෙක් කියලා.නමුත් ආණමඩුවේ බුද්ධිමත් ජනතාව දන්නවා මේ පුද්ගලයා ගැන.මෙයා ආණමඩුවේ ජන්දේ මුලින්ම ඉල්ලනකොට හිටියේ ආර්ථික අතින් බොහොම පහත් අඩියක.අද වෙනකොට මෙයා මුළු ලංකාවෙම ඉන්න පොහොසත් කෙනෙක්.පොලිසියේ හිටියානම් කවදාවත් ඔය තත්වෙට එන්න ලැබෙන්නේ නෑ.කපටි කමින් මහජනතාව රවැට්ටූ නිසා පහුගිය මැතිවරණවලදී ආණමඩුවේ බුද්ධිමත් ජනතාව මෙයාට පාඩමක් ඉගැන්නුවා.කන්න දුන්න අත හපාකමින් ඇමතිකමක් වෙනුවෙන් මෙයා තමන්ගේ නායකයටත් විරැද්ධව එක එක්කෙනාට කඩේ ගියා.මෙයා දැන් බුදු වෙන්න හදනවා.නොම්මර ඵකේ තගා. පලමුවෙන්ම තමන්ගේ හම්බකරපු සල්ලි වලින් ආණමඩුවේ දුප්පත්ත් ජනතාවට මොනවා හරි කරලා තමන් කරපු පව් සෝදා ගන්න එක තමා කල යුත්තේ.

  8. නොගිය නිසා ලැබුණ ගනන කීයද කියලා අපි දන්නෙ නෑනේ ඒකත් අපට කියන්නකො පැටියෝ.අර නායකතුමා එක්කෙනෙක් ගැනනම් කියලා තිබුනනේ.ඇමතිකමක් නොදෙන්නේ මුදල් දුන්න නිසා කියලා.ඒක නිසා නොගිය එකට ලැබුණු ගාන ඔයිට වඩා වැඩි ඇති.

  9. SL Community says:

    මේ රට පාලනය කරන්නෙ කම්බ හොරු සෙට් එකක්. උන්ට රට ගැන හැගීමක් නෑ. උන්ට ඕනි තව හොරා කන්නයි මේ රට කෑලි කෑලි වලට කඩල විකුනගෙන කන්නයි. මුන් ඔක්කොම මේ රටට බරක්. මුන් කරන හැමදෙකටම අන්තිමේට දුක් විදින්නෙ මේන් රටේ අහින්සක මිනිස්සු. මුන් ඔච්චර දගලන්නෙ රටට තියෙන ආදරෙකට නෙමෙයි උන්ගෙ බඩගෝස්තරේ රැක ගන්නයි

  10. mapitigama says:

    රෝසී හරි කියා අකිලගෙ සහයෝගේ
    මේ ගොන් නාම්බට සුදුසුම බරබාගේ
    නොමැතිව ඇමතිකම් රන්ගෙගෙ ආවේගේ
    මුන් එලවීම ජනතාවගෙ අභියෝගේ

Main News