කෝප් කමිටුවේ ඇතැම් සාමාජිකයින් පූර්ව නිගමනයක සිටියා.. එහෙම ඔට්ටු නෑ..

November 2, 2016 at 8:40 am | lanka C news
කෝප් කමිටුවේ ඇතැම් සාමාජිකයින් පූර්ව නිගමනයක සිටියා.. එහෙම ඔට්ටු නෑ..

පොදු ව්‍යාපාර කාරක සභාවේ (කෝප් කමිටුවේ) සමහර සාමාජිකයින් පූර්ව නිගමනයක සිටියේ යයි ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ මහනුවර , ගුරුදෙනිය ප‍්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

පසුගිය දා ඉදිරිපත් කල කෝප් කමිටු වාර්තාවේ පාද සටහන් නැති කණ්ඩායමේ කිහිප දෙනෙකු අර්ජුන මහේන්ද්‍රන්ට විරුද්ධව පරීක්ෂණ ආරම්භ කරන්නත් පෙර හා විනිශ්චය කරන අතරතුර වරින්වර පුවත්පත් සාකච්ඡ පවත්වා අර්ජුන් මහේන්ද්‍රන් ඊට වගකිව යුතු යැයි අවස්ථා ගණනාවකදී ප‍්‍රකාශ නිකුත් කිරීම මඟින් පූර්ව නිගමනයන්ට එළඹ තිබූ බව පෙනී යන බවද ඇමතිවරයා එහිදී කීය.

නඩුවක් හෝ පරීක්ෂණයක් විනිශ්චය කරන කෙනෙකු මෙවැනි ප‍්‍රකාශ කිරීම නීති විරෝධි පමණක් නොව ස්වභාවික යුක්ති මූලධර්මයන්ට ද පටහැනියි. ඔවුන්ගේ හිත් තුල එවැනි පූර්ව නිගමනයක් තිබුණානම් එම පරීක්ෂණ වලින් ඉවත් විය යුතු බව පිළිගත් සිද්ධාන්තයක් බවත් විනිශ්චකාරයකු වශයෙන් කටයුතු කරන අයකු කිසිඳු අවස්ථාවක පුවත්පත් සාකච්ඡුා පවත්වා තම මතය ප‍්‍රකාශ කිරීම සදාචාරාත්මක නොවන බවද් කිරිඇල්ල මහතා එහිදී කීය.

එමෙන්ම යම්කිසි විනිශ්චයක් කොට තීන්දුව ලබා දෙන කෙනෙකු ද ඔහු ඉදිරියේ විනිශ්චය වන කාරණය සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියේ අදහස් ප‍්‍රකාශ නොකල යුතු අතර මෙම  සියළු කරුණු වලින් සනාථ වන්නේ පූර්ව නිගමනයක් සහිතව යම් කණ්ඩායමක් කෝප් කමිටු විනිශ්චයට සහභාගී වූ බවද පවසන ඇමති කිරිඇල්ල ඒ ආකාරයෙන් ක‍්‍රියා කිරීම සදාචාරාත්මක මෙන්ම පවත්නා නීති මූලධර්මයන්ට ද පටහැනි යයිද කියයි.

‘ගරු ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ සිවිල් සංවිධාන කිහිපයක් එවකට මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව ඉහත බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් නඩු පැවරූ අතර ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම නඩුව දුර්වල පැමිණිල්ලක් සේ සලකා පවත්වා ගෙන යාම සඳහා අවසර ලබා නොදී ප‍්‍රතික්ෂේප කරන ලදි. කෝප් කමිටුවේ පූර්ව නිගමනයට එලඹ සිටි කණ්ඩායම ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුගමනය කල ආකාරය පිළිබඳව කිසිඳු සලකා බැලීමක් හෝ අනුගත වීමක් වූයේ ද නැත. මෙම  ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව ගැන කෝප් කමිටුව කිසිඳු අධ්‍යනයක් කර නැත. කෝප් කමිටුව පළමුව කල යුත්තේ එම නඩුව අධ්‍යනය කිරීමයි.

යහපාලන ආණ්ඩුව පාර්ලිමේන්තුව තුල මූල්‍ය පරිපාලනය හා වගකීම රැකීමට කටයුතු කරනවා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ කෝප් වාර්තා 30ක් පමණ ඉදිරිපත් කෙරුවා. නමුත් එක වර්තාවකටවත් නීතිය ක‍්‍රියාත්මක වුනේ නෑ. එදා සියලූ වාර්තා කුණු බක්කියට දැම්මා. එදා කවුරුවත් කෝප් වාර්තා ගැන කථා කලේ නැහැ. සුදු වෑන් වලට ඇති භය නිසා කට වහගෙන සිටියා .  යහපාලන ආණ්ඩුව කිසිම වාර්තාවක් යටගහන්නේ නෑ. පසුගියදා ඉදිරිපත් කල කෝප් වාර්තාව සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි පියවර ගන්න අදාළ නීති අංශවලට යොමු කරනවා.

රුපියල් කෝටි 45,000ක වංචාව ගැන එදා විජයදාස රාජපක්ෂ මහතා කෝප් කමිටුවේ සභාපති කාලේ පෙන්නුවාග වංචා පෙන්නුවාම එදා සිදුවුනේ එල්ල වුන බලපෑම් හමුවේ කෝප් සභාපතිකමෙන් අස්වන්නයි. එදා සියල්ල යට ගැහුවා.

මහින්ද රාජපක්ෂ ආණ්ඩු කරන කාලේ කෝප් කමිටුවට පත් කලේ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරු. නමුත් යහපාලන ආණ්ඩුව එහෙම කලේ නෑ. විපක්ෂයේ මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා කෝප් කමිටුවේ සභාපතිවරයා වශයෙන් පත් කලේ සම්පූර්ණ විනිවිදභාවයෙන් හා නිදහසේ කටයුතු කරගෙන යෑමටයි. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හැමදාමත් මේ ආදර්ශය රටට ලබා දුන්නාග 2002 වසරේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාලේ කෝප් කමිටුවේ සභාපතිවරයා වශයෙන් පත් කලේ විපක්ෂ මන්ත‍්‍රී ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ මහතායි. රනිල් වික‍්‍රමසිංහ අග‍්‍රාමාත්‍යතුමාටත්, අපිටත් සැම විටම අවශ්‍ය වුනේ පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්නයි. පාර්ලිමේන්තුවේ මූල්‍ය පරිපාලනය ශක්තිමත් කරන්නයි.

– රජිත සමරසූරිය

80 views
Main News