කෝප් වාර්තාවේ තීන්ත වේලී නෑ.. අදත් බිලියන 20ක් නිර්දේශවලින් පිට වෙන්දේසියේ.. වෙන්දේසි ප්‍රධානියා හිටපු ප්‍රධාන චුදිතයෙක්..
November 2, 2016 at 4:40 pm | lanka C news
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද පෙරවරු 10-11 ත් අතර කාලයේදී පුරුදු පරිදි ආණ්ඩුවට මුදල් ලබා ගැනිමට රුපියල් බිලියන 20ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සුදානම් කර තිබින.
එම වෙන්දේසියද පවත්වා ඇත්තේ මහ බැංකුවේ දූෂිත බැදුම්කරන වෙන්දේසි කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු යයි තෝප් කමිටුව විසින් චෝදනා එල්ල ඇති නිලධාරි පිරිසක් විසින්ම පවත්වනු ලැබ ඇත.
ආණ්ඩුවට අවශ්‍ය මුදල් සොයා ගැනීමට බැදුම්කර එකවර වෙන්දේසි කිරීම හරහා විශාල පාඩුවක් සිදු වූ බව කෝප් කමිටුවට ඉදිරිපත් කරන ලද විගණකාධිපති වාර්තාවේ දැක්වෙද්දී මේ සම්බන්ධයෙන් කෝප් කමිටුව මගින් වාර්තාවක් පාර්ලිමේන්තුවටද ඉදිරිපත් කොට ඇති අවස්ථාවක එකවර මෙසා විශාල මුදල් ප්‍රමාණයක් වෙන්දේසි කිරීම ගැන මුල්‍ය වෙළදපල නියෝජිතයෝ පුදුමය පල කරති.
අනිකුත් ප්‍රාථමික වෙළෙඳන්ගෙන් සමග සාකච්ඡ කොට අඩු පොලියට හෝ රජයේ බැංකු මෙන්ම අර්ථසාධක අරමුදලෙන් අඩු පොලියට ආණ්ඩුවේ මුදල් අවශ්‍යතාව පියවා ගැනිමේ අවකාශ සිමා වී වැඩි පොලිය මත එකවර මේසා විශාල මුදලක් ලබාගැනිමේ ක්‍රමයට අනුමැතිය ලබා දී ඇති අතර වෙන්දේසියේ මෙහෙයවන ලද්දේ චෝදනා එල්ල වී ඇති ටෙන්ඩරය මෙහෙයවූ නිලධාරියා විසින්මය.
This probably to justify the action taken by the Monetary Board during bond scam. They wanted to show that, this is the normal practice of the Monetary Board to request from primary dealers, instead of bargaining.
Yes there is a high possibility for what you said MP. Robbers try to dilute the ‘scam’ by any means. So, it should not be allowed by the public and the opposition parties.