කෝරානා මඩින බටහිර බෙහෙත් නෑ.. පෙරුම්කායම්, කොත්තමල්ලි, වෙනිවැල්ගැට, පස්පංගුවට රට පුරා වාර්තාගත ඉල්ලුමක්..

March 15, 2020 at 8:40 am | lanka C news
කෝරානා මඩින බටහිර බෙහෙත් නෑ.. පෙරුම්කායම්, කොත්තමල්ලි, වෙනිවැල්ගැට, පස්පංගුවට රට පුරා වාර්තාගත ඉල්ලුමක්..

රටපුරා කෝරෝනා භීතියක් පැතිරී යාමත් සමඟ සිංහල බෙහෙත් බඩු වෙළඳසැල් වල විසබීජ නාශක ඖෂධ සඳහා ඉහළ ඉල්ලුමක් ඇතිවී තිබේ.

පෙරුම්කායම්, කොත්තමල්ලි, වෙනිවැල්ගැට මෙන්ම පස්පංගුව සඳහා ද මෙසේ අධි ඉල්ලුමක් ඇතිවී තිබේ.

ඇතැම් සිංහල බෙහෙත් බඩු වෙළඳසැල් වල පෙරුම්කායම්, වදකහ, කොත්තමල්ලි ආදිය මිලදී ගැනීමට පවා නොමැත.

එමෙන්ම රට පුරා කොත්තමල්ලි සඳහා ද ඉහළ ඉල්ලුමක් ඇතිවී තිබේ.

බොහෝ සුපිරි වෙළඳසැල් වල කොත්තමල්ලි මිලදී ගැනීමටද නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත.

කොරෝනා වෛරසය සදහා මේ වන තෙක් කිසිදු ප‍්‍රතිකාරයක් සොයා ගැනීමට බටහිර වෛද්‍යක‍්‍රමය අසමත්ව ඇතත් දේහීය වෛද්‍යවරුන් කියා සිටින්නේ මෙවන් වෛරස් පාලනය කිරීමේ හැකියාව ඇති ඔ්නෑ තරම් ඖෂධ ඇති බවයි.

939 views

6 Comments to “කෝරානා මඩින බටහිර බෙහෙත් නෑ.. පෙරුම්කායම්, කොත්තමල්ලි, වෙනිවැල්ගැට, පස්පංගුවට රට පුරා වාර්තාගත ඉල්ලුමක්..”

  1. Patient says:

    ඕන දෙයක් කරාට කමක් නෑ, හරියට අත් සොදල.

  2. ජලය පමණක් යොදාගෙන මෙම වයිරසය විනාස කල හැකි යැයි සමහරු අතර දුර්මතයක් ඇත.
    ජලයෙන් පමණක් වයිරසයක් විනාස වන්නේ නම් ඩිටෝල් හෝ වෙනත් පිළිගත්, සබන් වර්ග හා ප්‍රබල හෑන්ඩ් වොෂ් හෝ අදික මිළ සැනිටයිසර්ස් ආදිය යොදා දෑත් පිරිසිදු කරන්නට ඇවැසි නොමැත. ගලාගෙන යන විසාල ජලදහරාවක නම් ඈතට යන විට එය විසල ප්‍රදේශයක පැතිරී බල රහිත වනු ඇති අතර සමීපව සිට ස්නානයේ යෙදෙන්නන්ට මෙවැනි උණ හා සෙම මුලික [ඒඩ්ස් , ඩෙංගු ආදිය නොවේ] වයිරසයක් බෝවීමේ හැකියාව බැහැර නොවේ.
    මහා සයුරේදී නම් බොහෝ විෂබීජ විනාස වන බව සත්‍යයකි. ස්වාබවධර්මයෙන් මහා සයුර ලබාදී ඇති ප්‍රධාන හේතුවත් ජීවීන් ලොවෙහි විෂබීජ වලින් බේරා ගැනීමයි.
    පැපොල රෝගය සැදී පොදු ස්ථානවලින් ස්නානය කරවද්දී අලුයම් කාලයේ රහසේ කිරීමට පැරැන්නන් පවා වග බලාගත්තේ එබැවිනි.
    තවත් තරයේ සිහි තබා ගත යුතු කරුණක් නම් කොතරම් ප්‍රබල සබන් ගා පොදු ස්ථානයකදී දෑත පිරිසිදු කොට ගත්තද අවසානයේ ජලකරාමය වසා යෑමේදී නැවතත් කරාමයේ ඇති විෂබීජ අතේ තැවරෙනු ඇත.
    මෙයින් බේරීමට අත් සේදු පසු කරාමය වසා යාමට කුඩා ශෝප්පින්ග් බෑගයක් වැනි ආවරණයක් බාවිතා කොට එය කසල බදුනකට දමන්න.
    නැතිනම් අත්ලේ සබන් තවරන ගමන්ම කරාමයේද සබන් තවරා අතුල්ලා එයද අත් සමගින්ම සේදිය යුතුමය.

  3. BMD says:

    කරුණාකර ඔය විකාර ගන්න පොරකන්නේ නැතුව ගෙදරට වෙලා හිටපල්ලා.. ඕක තව පතුරුවන්නේ නැතුව.

    • SL says:

      YOU BETTER TRY IT,I used to drink Paspanguwa when my couleages got infected with viral fevers, and I can say that I have never got infected with such once I took paspanguwa 2 times a day while dealing with those infected.

      • Love nature says:

        පැතිරෙන වෛරස් උණට කොත්තමල්ලි, කොත්තමල්ලි දුම්

        නිතරම විවිධාකාරයෙන් වෛරස් දැන් දැන් හිස ඔසවනවා. එවැනි තත්වයන් වලදී කොත්තමල්ලි කබලක දමා පුච්චා එහි දුම් නිදන කාමරය හා අවට පරිසරයට ඇල්ලීමේ විෂබීජ පැතිරීමත්, ආරක්ෂාව ලබාගන්නත් පුළුවන්.

        අනෙක් අතට සතියකට වරක් පමණ කොත්තමල්ලි තම්බා ගත් වතුර මෙවැනි කාල වලදී කුඩා ප්‍රමාණයක් ලබාදීම කළහැකි නම් බොහෝ බෝවන රෝග වලින් ආරක්ෂා වීමට හැකි බවත්, අවුරුද්දට වැඩි දරුවන්ට කොත්තමල්ලි සීනි ස්වල්පයක් සමග මුසු කර දීමෙන් ශරීරයට එය ඉක්මනින් අවශෝෂණය වන බවද පවසනවා. ඒ වගේම ඊට කුඩා ඉඟුරු කෑල්ලක් මුසු කිරීමෙන් තවත් ගුණ ලබාගන්න පුළුවන්.

Main News