කෝවිඩ් එන්නත අනිවාර්ය කිරීම මිනී මැරීමට උපදෙස් දීමක්..- පැමිණිලි ගොනු කෙරේ…

November 11, 2021 at 11:20 am | lanka C news
කෝවිඩ් එන්නත අනිවාර්ය කිරීම මිනී මැරීමට උපදෙස් දීමක්..- පැමිණිලි ගොනු කෙරේ…

ආයුර්වේදය නොසලකමින් කෝවිඩ් එන්නත අනිවාර්ය කිරීමට පවතින නීතිය අනුව කළ හැකි බවට උපදෙස් ලබා දුන් නීතිපති සංජය රාජරත්නම්ට එරෙහිව මිනීමැරීමට අනුබල දීම සහ ව්‍යවස්ථාපිත යුතුකම පැහැර හැරීම සම්බන්ධයෙන් පොලිස්පති වරයාට පැමිණිලි කර තිබේ.

නීතීඥ අරුණ ලක්සිරි උනවටුන විසින් සිදු කර ඇති පැමිණිල්ල මෙසේය.

පොලිස්පති,
පොලිස් මූලස්ථානය,
කොළඹ 01.

නීතිපති සංජය රාජරත්නම් විසින් මිනීමැරීමට අනුබල දීම සහ ව්‍යවස්ථාපිත යුතුකම පැහැර හැරීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීම

1. කෝවිඩ් එන්නත අනිවාර්ය කිරීමට පවතින නීතිය අනුව කළ හැකි බව නීතිපති සංජය රාජරත්නම් මහතා කියා ඇත.

2. ආයුර්වේද ප්‍රතිශක්ති කාඩ් පත ඇති අය සම්බන්ධයෙන් අවධානය යොමු නොකර සහ කෝවිඩ් එන්නතෙන් ශරීරයට වන හානිය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් දක්වන අදහස් සැළකිල්ලට නොගෙන සහ නීතිය පිළිබඳව අවධානය යොමු නොකර නීතිපතිවරයා වැරදි ලෙස සිය උපදෙස් දීම සිදුකර ඇත.

3. නීතිපතිවරයාගේ මෙම ක්‍රියාව සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් වන අතර ස්ව්‍යං ප්‍රත්‍යක්ෂ ලෙසම සදාචාරයට පටහැනි නීතිමය උපදෙස් දීමක් වේ.

4. නීතිපතිගේ මෙම උපදෙස් ලබා දීම මිනීමැරීමට අනුබල දීමක්, ව්‍යවස්ථාමය යුතුකම පැහැර හැරීමක් වන අතර මේ වැරදි ක්‍රියාව කළ. නීතිපති සංජය රාජරත්නම්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිම්.

මෙයට,
විශ්වාසී
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන

පිටපත්

1) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්,සෞඛ්‍ය අමාත්‍යාංශය 385, සුවසිරිපාය, පුජ්‍ය බද්දේගම විමලවංශ හිමි මාවත, කොළඹ 10,

2) ආයුර්වේද කොමසාරිස්,ආයුර්වේද දෙපාර්තුමේන්තුව, පරණ පාර, නාවින්න,
මහරගම.

3) නීතිපති, නීතිපති දෙපාර්තමේන්තුව, කොළඹ 10.

34,530 views

23 Comments to “කෝවිඩ් එන්නත අනිවාර්ය කිරීම මිනී මැරීමට උපදෙස් දීමක්..- පැමිණිලි ගොනු කෙරේ…”

  1. Love nature says:

    ලෝකයට ප්‍රථම වරට මහල් ගොඩනැගිලි ඉදිකිරීමේ තාක්ෂණය හඳුන්වාදී ඇත්තේද හෙළයන්ම බව මේ වෙද්දී සාක්ෂි සහිතව ඔප්පු වී තිබේ. ඒ දුටුගැමුණු රාජ සමයේ ලෝවාමහාපාය ඉදිකරමිනි. මහල් නවයකින් සමන්විත ලෝවාමහාපාය භික්ෂු වාසස්ථානයක් ලෙස ඉදිකර ඇති අතර එහි වහලට තඹ තහඩු යොදා තිබූ බවද කියැවේ. ලෝවාමහාපායේ එක් පැත්තක දිග අඩි 400කි. එහි කණු 40 බැගින්වූ ගල් කණු පේළි 40කි. එනම් එහි පළමු තට්ටුවේ ගල් කණු 1,600ක් තවමත් දැකගන්නට තිබේ.
    ලෝකයේ උසම ගඩොල් නිර්මාණ හඳුන්වා දීමේ ගෞරවයද සිංහලයා සතුය. ඒ ජේතවනාරාම දාගැබයි. මීටර් 120ක උසින් යුතු එකල ලෝකයේ උසින් වැඩිම නිර්මාණය මෙන්ම ගඩොලින් පමණක් නිර්මාණය කළ උසම නිර්මාණය ලෙස තවමත් ජේතවනාරාම දාගැබට හිමිවන්නේ විශේෂ ස්ථානයකි. එකී අද්විතීය නිර්මාණය කරවූයේ වාරි කර්මාන්ත විශාල ප්‍රමාණයක් කරවා රට ස්වයංපෝෂිත කළ අදටත් ජනතාව අතර දේවත්වයෙන් සැලකෙන ක්‍රි.ව.273-302 දක්වා රජ කළ මහසෙන් රජුය. මෙම විශිෂ්ට ඉදිකිරීමට පිලිස්සූ ගඩොල් 9,33,00,000ක් භාවිත කර ඇත. ස්තූපයේ අඩිතාලම මීටර් 6ක් ගැඹුරට විහිදෙන අතර එය පිහිටි ගල මත ඉදිකරවා ඇත. මෙම දාගැබ ඉදිකළ ක්‍රි.ව. හතරවැනි සියවස පමණ වන විට මෙරට ඉන්ජිනේරුවන් සතු තාක්ෂණික දැනුම කොතරම්ද යන්න අදටත් ලෝකයම මවිත කරවන්නට සමත් කරුණකි.

    ලෝකය රෝහල් ගැන කිසිවක් නොදත් සමයක ලෝකයට රෝහල් සම්බන්ධ අත්දැකීම එකතු කිරීමේ ගෞරවයද හිමිවිය යුත්තේ හෙළයන්ටය. එනම් 9 වැනි සියවසේදී ඉදිවූ මිහින්තලේ රෝහලත් සමගිනි. එමෙන්ම අදටත් මේ මිහින්තලේ, මැදිරිගිරිය සහ අනුරාධපුර යන ප්‍රදේශවල රෝහල්වල නටබුන් දක්නට තිබේ. එවකට මෙරට වෛද්‍ය විද්‍යාව කොතරම් දියුණු මට්ටමක තිබුණේද යන්න පසක් කරමින් එකල භාවිත කළ විවිධ ශල්‍ය උපකරණ පවා කැණීම්වලදී හමුවී තිබේ.

  2. Ranjith Dubai says:

    Government should take action against this lawyer. All of the other countries have made vaccination as compulsory requirement and it is a well acceptable to whole of the world. These guys are taking money from NGOs and making unnecessary issues in our country.

    • sunimal says:

      නෙතු පියවුණත් ගිලිහෙන පණ ඔසවන්න
      මරුවා සමග වාසය කර හිනැහෙන්න
      චීනෙන් ගෙනා අබියෝගෙට උර දෙන්න
      වසරින් වසර කටුවක් දෙනු විදගන්න
      මතකෙන් දුරට යනවිට යලි ටොක්ක අනී
      පී.සී.ආර් නටු දුටුවම කැස්ස පනී
      බෙහෙතත් සොබාදහමයි එය ඇත්ත දනී
      මිනිසුන් හුස්ම පරදන පටු පැත්ත ගනී
      තවමත් නොමැත ඇය කියමින් විඳෝනා
      නැකතින් ගෙනෙන විට හෙප්පුව හරෝනා
      උඩ සිට පහළටම බැලුවත් ඔරෝනා
      වැක්සින් ඔබට අකමැති ඇයි කොරෝනා
      (සෙව්වන්දි හේමමාලි)-

    • Norata Eka says:

      It is called කැකිල්ලෙ රජ්ජුරුවන්ගෙ නඩු විභාගෙ…
      Noone can bring unconstitutional laws…just because otger countries are doing it ..
      Their constitutions are different from ours..
      If you are being vaccinated , why worry about other people …
      Vaccinated have the least faith in the vaccines they took..😂

    • Nuwan says:

      Government cannot take action. Courts are there to take action. Generally Anti vaxers have not received court decisions in their favour.

  3. Power says:

    😂 දැන් කෙහෙළියට සැප ඇති. රටේ නීතිය අණුව මේ වැක්සීන් ලබා ගැනීම අනිවාර්ය කරන්න ආණ්ඩුවට බැහැ. ඒ නිසා මේ හිඟන ආණ්ඩුවේ බොරු බයකිරීම් වලට අහුවෙලා වැක්සීන් ගන්ඩ අකමැති උන් වැක්සීන් ගන්ඩ යන්ඩ එපා. උඹලා උඹලගේ තීරණයෙම හිටහල්ලා.

    • Sarath kannangara says:

      දානවා හිරගෙයි මැරෙන කමි. මොඩයා. තකතීරුවන් නිසා අහිංසක අය මැරෙන්න දෙන්නට බැහැ

      • Norata Eka says:

        දැන් කෝවිඩ් හැදෙන තරමක් හැදෙන්නෙත්, මැරෙන තරමක් මැරෙන්නෙත් එන්නත් විද ගත්ත උන් තමයි …
        තාම ඒක දන්නෙ නැද්ද , ඇස් වහගෙනද ජීවත් වෙන්නෙ, නැත්නම් TV බයිල වලින් මෝහනය වෙලාද???
        මන්දබුද්ධික කතා කියන්න එපා, එන්නත fail වෙලා ඉවරයි …

      • Power says:

        සරත් මහත්තයා දැනට වැක්සීන් ඩෝස් කීයක් අරන් තියනවද? 😂

  4. Breath Sri Lanka says:

    Ai Mask dana eka. Mage husma genime airhiyata ullanganaya kirimak. Man yanawa maanawa himikam

  5. aho says:

    එන්නත් කල අයගෙන් තමා එන්නත් විරෝධි වයිරස් ප්‍රභේද හට ගන්නේ… එන්නත් කල අයටත් වෛරස් ආසාදනය වෙනවා, අසාද්‍යත් වෙනවා, ඒ වගේම වාහකයෙක් වෙනවා, මැරෙනවා, මාස 6න් 6ට මේවා විද්දොත් මොකක් වෙයිද? අරක්කු බාර් වහන්න ටිකක් හෝ කොරොනා අඩු කල හැකියි. අරක්කු බොන උන් සල්ලි වලට අරක්කු බීලා නොමිලේ කොරෝනා අරන් ගෙදර යනවා මෙහෙට වඩා එන්නත් කල රට වල ද එන්නත් හදපු රට වල ද කොරොනා හැදිලා මැරෙනවා. එන්නත් මුලාවකි, මේක විදපු උන්ට අන්ගවිකල දරුවො ලැබුනොත් මොකද වෙන්නේ.
    ඉතුරු චන්ද ටිකත් නැති කර ගන්න ද හදන්නේ.

  6. සිද්ධා කොරෝනා says:

    ආයුර්වේද වෙදමහත්තුරුත් කැමති බටහිර වෙදකමට තමා. ඒත් කොරෝනා වෛරස ප්‍රශ්නයේදී බටහිර වෙදකමට ප්‍රතිකාරයක් නොමැති බව නොදන්නා කෙනෙක් නෑ.ඒ නිසා තමා කොරෝනා රෝගයෙදි දේශීය වෙදකම ඉදිරියෙන් ඉන්නෙ. මේක පිළිගන්න යූඇන්පියෙන් ආපු කෙහෙළිය ඇමතිට බැරි වුණාට රටම පිළිඅරගෙන ඉවරයි. සිසිර ජයකොඩි කෙළින් කතා කරන නිසා ආයුර්වේදය යටගහන්න බටහිර වෙදාලට බැරිවෙලා තියෙනව.

  7. 225 ම එපා says:

    මෙහෙම පාර්ලිමේන්තුවේ අයත් වැද වැටෙන සුපිරි නීති සම්පාදනය කර පෙන්වූ නීතිපතිතුමා සිටින තාක් 225 ක් සහිත නීති සම්පාදනය කිරීමට පාර්ලිමේන්තුවක් කුමටද.? වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර මේ නීති රීති සැකසීම සඳහා නීතිපති යොදවා ගත්තොත් ලොකු සල්ලියක් ඉතිරි කරගත හැකිය. දෙකේ වෙනසක් නැහැ පිස්සුම පිස්සු නීති.