කෝවිල් දන්සලේ ආහාර විෂ වෙයි.. 42ක් රෝහලේ..
April 20, 2019 at 5:30 pm | lanka C news
ආහාර විස විමක් හේතුවෙන් නල්ලතන්නිය ලක්ෂපාන වතුයායේ වතු කම්කරුව්න් සහ කුඩා ළමුන් 42 කු මස්කෙලිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව නල්ලතන්නිය පොලිසිය පැවසිය.
නල්ලතන්නිය ලක්ෂපාන වතුයායේ කොවිලේ ඊයේ (19) පැවති වාර්ෂික උත්සවයේදි වතු කම්කරුවන් වෙත ලබාදුන් දන්සලක ආහාර අනුභව කල අයගෙන් කුඩා ළමුන් 7 දෙනෙක් සහ කාන්තාවන් සහ පිරිමින් 35 දෙනෙකු රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසයි.
උදරයේ අමාරුව සහ පාචනය යන රෝග ලක්ෂන වලින් මෙම පිරිස රෝහල් ගත කර ඇති බවත්,දන්සලේ ආහාර පාර්සල් වශයෙන් ලබා දි ඇති බව පොලිසිය පැවසුවේය.
එම වතු යායේම කොවිලේම ආහාර පිස බත්, පරිප්පු , බටු සහ වට්ටක්කා ව්‍යංජන වශයෙන් පාර්සල් වශයෙන් සකස් කර කොවිලට පැමිණි වතු කම්කරුවන්ට කොවිලේ පාලක සභාව විසින් බෙදා හැර ඇත.
අද (20) අලුයම සිට මෙම රෝග ලක්ෂන සහිතව මෙම පිරිස රෝහල් ගත කර ඇති බවත්, රෝහල් ගත කලඅයගේ තත්ත්වය බරපතල නොවන බවයි නල්ලතන්නිය පොලිසිය කියයි.
ආහාර විස විම සම්බන්ධයෙන් මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍යය අධිකාරි කාර්යයාලය මගින්ද පරික්ෂණයක් අරම්භ කර ඇත.
රෝහල්ගත කල අයගෙන් කිහිප දෙනෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර තවත් රෝගින් පිරිසක් රෝහලට රැගෙන එමින් පවති.
– හැටන් රංජිත් රාජපක්ෂ
Deyyo hitiyanang kemawala.visabeeja maranna thibunaneda?.
Ane mehema.deviyan vishwasa karana kakul deke Booruwo