කෝවිල් වැඳ එමින් සිටි අයෙක් බස් රථයක ගැටී මියයයි…

November 24, 2018 at 2:07 am | lanka C news
කෝවිල් වැඳ එමින් සිටි අයෙක් බස් රථයක ගැටී මියයයි…

යාපනය,පොන්නාලෙයි ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය කයිට්ස් පොලීසිය පැවසීය.

පොලීසිය පැවසුවේ බස් රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරින් යතුරුපැදිකරු ජිවිතක්ෂයට පත්ව ඇති බවටයි.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය මාර්ගයේ ගමන්ගත් තවත් ත්‍රිරෝද රථයක ගැටීමෙන් අනතුරුව යතුරුපැදියේ ගැටී ඇති අතර, යතුරපැදි කරු යතුරුපැදියෙන් වැටීමෙන් හිසට බරපතල තුවාල සිදු වීමෙන් මෙම මරණය සිදුව ඇති බවට අනාවරනය වී ඇත.

පොලිසිය වැඩිදුරටත් පැවසුවේ කරෙයිනගර් ප්‍රදේශයේ කෝවිලක පුජාවන් වෙනුවෙන් සහභාගිවි නැවත යතුරුපැදියකින් පැමිණෙමින් සිටි පුද්ගලයෙකු මෙලෙස අනතුරකට මුහුණ පා ඇති අතර තුවාලකරු යාපනය රෝහලට රැගෙනයමින් සිටියදී ජිවිතක්ෂයට පත්ව ඇති අතරර අනතුරින් ත්‍රිරෝද රථ‍යේ ගමන්ගත් තවත් පුද්ගලයෙකුද තුවාල ලබා රෝහල්ගත කල බවටයි.

අනතුරින් මිය ගොස් ඇත්තේ යාපනය පොන්නාලෙයි ප්‍රදේශයේ පදිංචි රඝුනාදන් පුෂ්පනාදන් නැමති 33 හැවිරිදි පුද්ගලයෙක් වන අතර අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවට පරික්ෂණ සිදු කරන කයිට්ස් පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

6 views
Main News