කෞතුකාගාර නඩුවෙන් ජනපති ගෝටාභය නිදහස් කෙරේ.. විදේශ ගමන් බලපත‍්‍රය මුදාහැරේ..

November 21, 2019 at 10:40 am | lanka C news
කෞතුකාගාර නඩුවෙන් ජනපති ගෝටාභය නිදහස් කෙරේ.. විදේශ ගමන් බලපත‍්‍රය මුදාහැරේ..

2015ට පෙර පැවති මහින්ද රාජපක්ෂ රජයේ රාජ්‍ය ආරක්ෂක ලේකම් වරයා ලෙස හිදිමින් රාජ්‍ය මුදල් අවභාවිතා කර මැදමුලන රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකලේ යයි චෝදනා එල්ල කරමින් පවරා ඇති නඩුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියෝග කරන ලදී.

ජනාධිපතිවරයාට විරුද්ධව සිවිල් හෝ අපරාධ නඩුවක් පවත්වාගෙන යාමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 35/1 වගන්තිය අනුව බලතල නොමැති වීම හේතුවෙන් මෙම නඩුවෙන් ජනාධිපතිවරයා නිදහස් කර ඇත.

ඒ අනුව ජනාධිපතිවරයාට එරෙහිව තිබූ විදේශ ගමන් තහනම ඉවත් කර ඇති අතර ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය යළි මුදාහැරීමට නියෝග කර ඇත.

නඩුවේ ඉදිරි කටයුතු සලකා බැලීම ජනවාරි 9දා තෙක් කල් දමා තිබේ.

60,805 Viewers

19 Comments to “කෞතුකාගාර නඩුවෙන් ජනපති ගෝටාභය නිදහස් කෙරේ.. විදේශ ගමන් බලපත‍්‍රය මුදාහැරේ..”

  1. GUNA says:

    Prasident una nisa Goda giya

    • Palle says:

      mulu lankawama goda giya.

    • Bobby Pereira says:

      Mewa okkoma Boru Nadu.

    • Aurora says:

      නැහැ. ලබාගත් සේවයට මුදල් නොගෙවූවානම් නොගෙවූ මුදල අයකරගැනීමට සිවිල් නඩුවක් පැවරිය යුතුව තිබුණා. නමුත් සත්‍ය වශයෙන්ම මුදල් ගෙවුබවට ලේඛණ උසාවියට ඉදිරිපත්කලත් නඩුව ඉදිරියට පවත්වාගැනීම සඳහා පාඨලී චම්පික රණවකගේ උවමනාවට ප්‍රතිශෝධිත ඇස්තමේන්තුවකට අනුව මුදල් ඉල්ලූව. ඒකට ගෙවන්න ඕන නැහැ. නමුත් ඒක පාර්ශවිකව ඇස්තමේන්තුව වෙනස්කරන්න පාඨලී චම්පික රණවකට බහ ගිවිසුමේ අනෙක් පාර්ශවය නොදැනුවත්ව. මුන්ට ඕනවුනේ ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා මුල්‍ය අපරාධ චෝදනා යටතේ රිමාන්ඩ් කරලා ඇප නොදී තියාගන්න. දැන් බොරු කථා කියා පලක් නැත.

    • wijebahu says:

      Only in sri lanka, once someone becomes the president can even get away with murder. this was a clear case of misuse of state finance. ohoma yan, eliwena jameta honda honda sellam. next namal and yoshitha babies will be released and K.Dumiya too.

      • වරදට දඬුවම නියතයි says:

        හිරුණිකාගේ දේශපාලන බලය ඉදිරියේ නීතිය කඩන්නත් නීතිය නවන්නත් දන්නා සහ බලය තියන නිලධාරීන්ගේ බලපෑම දුමින්ද සිල්වාට එරෙහි නඩුවේදී ක්‍රියාත්මක වුනේ නැතිද? ආරවුල පටන්ගන්නකොටම වෙඩි වැදිලා මොලේට හානිවෙලා සිහි නැතිවුණ දුමින්ද සිල්වා විසින් භාරත ලක්ෂ්මන්ට වෙඩි තියලා මැරුවා කියා පොලිසිය සාක්‍ෂි හැදුවේ කොහොමද? දුමින්ද සිල්වා පිලිබඳ නඩුව දේශපාලන බලපෑමක් නැතිව නැවත අධිකරණයේ සලකා බැලුවොත් හොඳයි.

        • Helaya says:

          Absolutely correct…!!

        • මාතුපාල says:

          ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ගරු මැති, ඇමතිවරුණි, කරුනාකර පහත සඳහන් වැරදි කල අයවලුත් නීතිය ඉදිරියට පමුනුවන්න:

          1. තෙල් සංස්ථා භූමියේ පැවැත්වූ ජනඅරගලයේදී එහි සේවකයකු
          ට වෙඩි තැබීමට අණදුන් කැප්ටන්කූල් ඇමතිවරයා.
          2. මාලඹේ පැවැති සජිත්ගේ ප්‍රචාරක රැලියේදී ආලාපාලු
          රණවකගෙන් ප්‍රශ්න ඇසූ නිදහස් මාධ්‍යවේදියාට අමාණුෂික ලෙස
          පහරදුන් දාමරිකයෝ.
          3. ජර්මන් ජාතිකයෙකුට ව්‍යජ පශ්චාත් උපාධියක් පිලියල කරදී
          රුපියල් මිලියන ගණණක් අයකරගත් ගෑස් සමාගමක අලෙවි කලමනාකාර තනතුරක් දරණ භික්ෂුව.
          4. ශාලාව අවිගබඩාව පුපුරුවා හැරීමට සහ ආරක්ෂක හමුදාවන්
          සතුව තිබූ බරඅවි ගැඹුරු මුහුදට දැමීමට වගකිවයුතු සියලුදෙනා.

    • Gonsun says:

      Mach, Etakota, Horagolle Pandaranayagamge, Samadhiya heduwe mudal avabhavitha nokarada?

      D..S Ge piliruwa, Galu muwadora Banadayiyage piliruwa, Kobbekaduwa anusmarana Shalawa, premadasage balla merunu piliruwa, umbe appage piliruwa?

  2. ගෝමස් says:

    පව් දෙයියනේ ගු ඇන් පී වහල්ලුන්ගේ ගොන් ආතල් ඔහොම කඩන එක.

  3. Nihal says:

    Kohomath GUNP boru jodanawalin godayanawa GUNA.

  4. suresh says:

    මේ නඩුව මහදිකරණයක අසන්න පදනමක් නැති නඩුවක් නිසා නිතරම ඉහල උසාවි වල තහනම් නියෝග හමුවේ ක්‍රියාත්මක විය. ලක්ෂ 80 ක ස්මාරක ව්‍යාපෘතියට අදාල නැති හම්බන්තොට දිස්ත්‍රික්කයේ වෙනත් වැව් හැරීමේ වියදමක් එකතු කිරීම නිසා මිලියන 30 ක වියදමක් වනලෙස ඉන්වොයිස් සාදා තිබුනේ චම්පික ඇමතිවරයා විසිනි . කෙසේ වුවද මුලික විරෝදතවයකින් පසු දැනට වසර 3 ට පෙර මෙම මුදල් ගෙවා තිබුණි.

  5. praba says:

    මේවා බොරුවට දාපු නඩු. ඒක නිසා තමයි එක්සත් ජාතික පක්ෂෙ ආණුඩුවට පරාජය ලැබුනේ. තාමත් ඒ අය කරන්නේ මෝඩ වැඩ.

    • Kadiya says:

      මේ රාජපක්ෂ කෞතුකාගාරය පිලිබඳ නඩුවේ තීන්දුව දීම අධිකරණය විසින් මැතිවරණය අවසාන වෙනතෙක් කල් දැම්මා. නඩු තීන්දුව කල්නොදමා පසුගිය නඩු දිනයේදීම දුන්නානම් ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ලබාගන්නා චන්ද සංඛ්‍යාව ලක්‍ෂ 70 පන්නනවා.

  6. The contractually estimated and agreed price was paid for,but additions were unilaterally inserted and these were the unpaid amounts.
    Obviously champika and crowd seized on this to harass gotabaya.
    In any case the case has to fail and gotabaya released not because he became the president

  7. RIAL BOY says:

    at least this time reported correctly, I respect to true news

  8. Rilwan says:

    දැන් හිරුණිකාට වුරුද්ධව අපහාස නඩුවක් දැමිය යුතුයි

  9. Love nature says:

    “සත්‍ය කවදා හෝ ජයගනී…”

Main News