කෲඩියා සෙලනිකා ශාකය එම ස්ථානයේ ඉවත් කරනවාට මා විරුද්ධයි… අධිවේගී මාර්ගය තරමක් වෙනස් කළ යුතුයි…- මෛත්‍රී ශාකය පාමුල සිට අමතයි..
February 14, 2021 at 6:49 pm | lanka C news
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහනක් මෙහි දැක්වෙයි.
කෲඩියා සෙලනිකා ශාකය එම ස්ථානයේ ඉවත් කරනවාට මා විරුද්ධයි.. අධිවේගී මාර්ගය තරමක් වෙනස් කළ යුතුයි..
නෂ්ට වී තිබෙන ඒක දේශීය ශාකයක් වන “පණු කරද” හෙවත් Crudia Zeylanica අති දුර්ලභ ශාකය ගම්පහ දිස්ත්‍රික්කයේ දාරළුව ප්‍රදේශයෙන් හමු වීමත් සමග එම ශාකය සියැසින් දැක බලා ගැනීමට සහ මෙම ශාකය අද මුහුණ පා තිබෙන තර්ජනය පිළිබදව මා හට නිසි අවබෝධයක් ලබාගැනීමට එම ශාකය තිබෙන ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක යෙදෙන ලදී.
ඉතා සංවේදී පරිසර පද්ධතියක පිහිටා තිබෙන Crudia Zeylanica අති දුර්ලභ ශාකය එම ස්ථානයේ තිබියදීම සංරක්ෂණය කිරීම වඩාත් යෝග්‍ය බව මා හට හැඟී ගිය කරුණකි. එම ශාකයේ ප්‍රමාණය, මූල පද්ධතිය සහ වයස සැලකීමේදී කිසිලෙසක එම ශාකය එම ස්ථානයෙන් ඉවත් කොට සංරක්ෂණය කිරීම කළ හැකි කාර්යයක් ලෙස මා විශ්වාස නොකරමි.
මාර්ග සංවර්ධන අධිකාරිය, වනජීවී දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙම ශාකයේ වටිනාකම සහ දුර්ලභත්වය සැලකිල්ලට ගෙන මතු අනාගත දරුවන් වෙනුවෙන් මේ මහා වෘක්ෂය ආරක්ෂා කොට අධිවේගී මාර්ගය ඉදි කරනවා නම් එය මුළු මහත් පරිසරයටම සිදුකරන ගෞරවයක් ලෙස මා මතක් කර දීමට කැමැත්තෙමි.
මෙම ශාකය හඳුනාගත් සහ ශාකය ආරක්ෂා කිරීමට කැපවූ ගරුතර මහා සංඝරත්නයට, රාජ්‍ය නිලධාරීන් සහ පරිසරවේදීන් හට පරිසරයට ආදරේ කරන නායකයකු ලෙස මා ගෞරව කර සිටිමි.
මමත් පරිසර ඇමති වෙලා උන්නා. මම දැනන් හිටියේ නෑනේ එහෙම ගහක්. දැනන් උන්නා නම් අධිවේගය හදන්න දෙන්නේ නෑ. උම්බෑ….
අනේ පකයෝ තෝ කටින්ද නැතිනම් පුකේන්ද කථා කරන්නේ? මේවගේ සුද්ද සිංහලෙන් කිවේ නැතිනම් මු කියාවි මුට තේරුණේ නැහැ කියා. එදා මු පරිසර විෂය භාර සිටින විට අර තම්භියා බදුදීන් අක්කර ගණනක් විනාශකළා මු කටක්වත් හොලෙවුවද? ඇයිද දන්නේ නැහැ මුට දැන් මේ වෘක්ෂ,පරිසරය ගැන මතක් වේලා තිබෙන්නේ?ඇත්තටම මුට අවුරුදු 7 නොවේ සදහටම මුගේ ප්රජාඅයිතීන් නැති කරන්න ඕනෑ කරණ පුද්ගලයෙක් එතරමටම නින්දත පහත් වසලයෙක්.
ගහට උඩින් ගුවන් පාලමක් දාල විතරයි දැන් ඕක බේරගන්න වෙන්නෙ. එහෙම කලොත් පාර ලස්සන වෙනවා. මිනිස්සුන්ටයි සත්තුන්ටයි පාර දෙපැත්ත මාරුවෙන්නත් පුඑවන් වෙනවා. වතුර එකතු වෙන්නෙත් නැහැ.