ක‍්‍රිකට් අවුලෙන් අවුලට.. අරවින්ද ද සිල්වා ඉල්ලා අස්වේ..

May 4, 2017 at 12:40 pm | lanka C news
ක‍්‍රිකට් අවුලෙන් අවුලට.. අරවින්ද ද සිල්වා ඉල්ලා අස්වේ..

අරවින්ද ද සිල්වා මහතා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුවෙන් හා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් උපදේශක ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වෙයි.

ඒ සදහා වූ ඉල්ලා අස්වීම ඔහු විසින් ඊයේ දිනයේ ක‍්‍රිකට් ආයතනයට ලබා දී ඇතැයිද සදහන්ය.

ඔහුගේ අවබෝධයකින් තොරව වේගපන්දු පුහුණුකරු ලෙස ඇලන් ඩොනල්ඞ් ගෙන්වීම සහ චැම්පියන්ස් කුසලානය වෙනුවෙන් නිලධාරීන් සහභාගී කිරීමේ කටයුත්ත සම්බන්දයෙන් විරෝධය පාමින් ඔහු මෙසේ ඉල්ලා අස්වී ඇතැයිද සදහන්ය.

33 views

2 Comments to “ක‍්‍රිකට් අවුලෙන් අවුලට.. අරවින්ද ද සිල්වා ඉල්ලා අස්වේ..”

  1. kamalsiri kuruwita says:

    මේ මොන මගුලක්ද යකෝ ? කොහේ බැලුවත් අවුල්. පාරේ යන්න බැහැ කුණු , කඩේට යන්න බැහැ බඩු ගිනි ගණන් , කන්තෝරු යන්න බැහැ එහෙ උන් වැඩ නැහැ , ඉස්පිරිතාලේ දොස්තරත් නැහැ , දොස්තර ඇමති රටෙත් නැහැ , මහා බැංකුවේ සල්ලිත් නැහැ . අනේ මන්ද තව මොනවා වෙයිද දෙයියෝ තමයි දන්නේ.

  2. Nalin says:

    අරවින්ද කියන්නේ තමන්ගේ පුද්ගලික අරමුණු, තනතුරු, මුදල් ගැන කිසිම තැකීමකින් තොරව ලoකාවෙ ක්‍රිකට් වෙනුවෙන් අවoකවම කැප වුනු මහත්මයෙක්.. 1996 ලෝක කුසලාන තරඟාවලියේදී අපි ක්‍රීඩා කල මුළු තරඟ ගණන 6ක්. ඒකෙන් තරඟ 4 කම (අවසන් තරඟය සහ අවසන් පූර්ව තරඟය ඇතුලුව ) තරඟයේ වීරයා වුනේ අරවින්ද.. ඔහු නොහිටින්න අද අපිට ආඩම්බරයෙන් කතා කරන්න ක්‍රිකට් අතීතයක් නොතිබෙන්න තිබ්බා

Main News