ක‍්‍රිකට් ආයතනයට ‘යෝකර්’ යවමින් මාලිංග ප‍්‍රශ්නය විසඳාගනියි

April 21, 2019 at 3:22 am | lanka C news
ක‍්‍රිකට් ආයතනයට ‘යෝකර්’ යවමින් මාලිංග ප‍්‍රශ්නය විසඳාගනියි

එළැඹෙන ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වනවාද නැද්ද යන්න දෙගිඩියාවෙන් පසුවු ලසිත් මාලිංග ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතන නිලධාරීන් සමග කළ සාකච්ඡුාවකින් පසුව ලෝක කුසලාන සහභාගීත්වය ස්ථිර කර තිබේ.

නායකත්වය නොලැබීම තමාට ප‍්‍රශ්නයක් නොවන බව පවසන ලසිත් මාලිංග ප‍්‍රශ්නය ඇත්තේ තමා කණ්ඩායමේ සිටීමෙන් එකමුතුකමට බාධාවක්වේද යන පැනයට පිළිතුර ක‍්‍රිකට් බළධාරීන්ගේ අසා තිබේ. එම ප‍්‍රශ්නය මාලිංග විසින් යොමු කිරීමට ප‍්‍රධානතම හේතුව වන්නේ ඔහු නායකත්වය දරන කාලයේදී සෙසු ක‍්‍රීඩකයන්ගේ සහය මාලිංගට නොලැබුණු බවට ක‍්‍රිකට් ප‍්‍රධානීන් පැවසීමයි.

මාලිංග අවසන් වරට නායකත්වය දැරූ තරග 12 ම පරාජයට පත්වීම හේතුවෙන් දිමුත් කරුණාරත්නට නායකත්වය ලබාදීමට සිදුවු බව ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මැල් මහතා පවසයි. මාලිංග ලෝක කුසලාන සංචිතයේ ක‍්‍රීඩකයකු ලෙස සිටීමට ඔහු වැඩි අසාවක් දක්වන බවද මැල් මහතා විසින් මාලිංගටද පවසා තිබේ.

කෙසේ වෙතත් තමාව ප‍්‍රශ්නයක්නම් ලෝක කුසලාන සංචිතයෙන් ඉවත්වීමට සුදානම් බව මාලිංග විසින් අයි.පී.එල්. තරගාවලිය අතරතුරදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් බළධාරීන් දැනුවත් කර තිබේ එහිදී මාලිංගව කණ්ඩායමට අවශ්‍ය බවත් ඔහුගේ අත්දැකීම් සහ දක්ෂතාව මේ අවස්ථාවේදී කණ්ඩායමට අවශ්‍ය බවත් ක‍්‍රිකට් බළධාරීන් පවසා ඇතැයි වාර්තා වේ. රට වෙනුවෙන් ක‍්‍රීඩා කිරීමට තමා කිසිම විටෙක පැකිලෙන්නේ නැති බව පවසන මාලිංග තමාට නායකයා හෝ පුහුණුකරුවා කවුද යන ප‍්‍රශ්නය අදාළ නැති බවත් පවසා තිබේ. ඕනෑම නායකයකු යටතේ කී‍්‍රඩා කිරීමට තමා සූදානම් බව පවසන මාලිංග එය රට වෙනුවෙන් කරන සේවයක් බවද ඔහු අවධාරණය කර සිටියි. අයි.පී.එල්. තරගාවලිය අතරතුරදී මාලිංග ශ‍්‍රී ලංකාවට පැමිණ අන්තර් පළාත් එක්දින තරගාවලියද ක‍්‍රීඩා කරමින් ලෝක කුසලාන තේරීම් තරගවලට සහභාගි වූයේ රට වෙනුවෙන් සිතමින් බවද පවසයි.

කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා පවසන්නේ මාලිංගට අයි.පී.එල්. තරගාවලිය අවසන් වන තෙක් ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව ලබාදී ඇති බවත් ඔහු එහිදී ලබාගන්නා අත්දැකීම්ද ලෝක කුසලානට වැදගත් බවයි.

– divaina

57 views

2 Comments to “ක‍්‍රිකට් ආයතනයට ‘යෝකර්’ යවමින් මාලිංග ප‍්‍රශ්නය විසඳාගනියි”

  1. ලෝලියෙක් says:

    ලෝකයේ විසිස්ටම පන්දු යවන්නෙක්වු මුරලිදරන් නායකත්වයට පොරකැවේ නැත.

  2. Gonsun says:

    Malinga do not make money by boiling live Crabs and selling.He is not Borne Again Misadutu man.
    He does not come from.Kolumbayyas elite or Rajakayyas Schools.
    Selectors are Singlish but.Malinga is.pure Sinhala, Dakune Kolla..
    Thats why Kolambians dont like him.

Main News