ක්රිකට් ක්රීඩාව කඩා වැටිල නෑ.. අපි ලෝක කුසලානය දිනා ගන්නවාට සමහරු කැමති නෑ..- දයාසිරි
November 4, 2017 at 3:27 am | lanka C news
ක්රිකට් ක්රීඩාව හොදටම කඩා වැටී නැති බවත් ටෙස්ට් තරගවලදී ලංකා කණ්ඩායම ඉදිරියෙන් සිටිනා බවත් ක්රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි.
එක්දින හා 20/20 තරගවල ප්රශ්න ඇතිව තිබෙන්නේ හොදම ක්රීඩකයින් කිහිප දෙනෙකුගේ ප්රශ්ණ පැමිණි නිසා බවත් ඔහු පෙන්වා දෙයි.
මෙම තත්වය මුළු ක්රිකට් ක්රීඩාවේම කඩා වැටීමක් යයි පැවසීම සම්පූර්ණ වැරදි බවත් එය ක්රිකට් ක්රීඩකයින්ට කරන අසාධාරණයක් බවත් ඇමතිවරයා සදහන් කරයි.
නැවතත් ශ්රී ලංකාව ලෝක කුසලානයක් දිනා ගන්නවාට අර්ජුන රණතුංග ඇමතිවරයා අකමැති බවත් ඔහුට උවමනා හැමදාම ශ්රී ලංකාව පරාජය වනු දැකීමට බවත් ඔහු වැඩි දුරටත් කියා සිටී.
වීඩියෝව මෙතනින්
Chemical Ali of Sri Lanka
හොඳට හිටපු මනුස්සයට වෙච්ච දෙයක්.! අනේ අපොයි!! මේ පිස්සුව දැන්මම හොඳ කරමු.
පල පල බෙනේ ඇතුලට රිලව
රිළසිරියගේ බඩත් ලොකුයි, ඇතුල් වන්න බෑ බෙනේට
අර්ජුනයා කෙවිට අරන් දුවනව නේ මූ වටේට.
බුකි රාජයා තප්පුලමින් ජයපැන් බොයි හරි හරියට,
අනේ අපොයි අබසරණයි වෙච්චදේට මයිතුනයට
ඔයා නේද ලංකා කණ්ඩායම මුළු ලෝකය එදිරියේ පහත කලේ? ෆිට්නෙස්ස් නැහැ, බඩ ලොකුයි කියා?
එය මුළු ලෝකයේ පත්තර වල ගියා. මොඩය