ක‍්‍රිකට් ගැටුම් උග‍්‍රවෙයි.. ක‍්‍රිනට් ආයතනය කලමණාකාරුට කුණු බැණුම් බනී..

June 18, 2019 at 1:20 pm | lanka C news
ක‍්‍රිකට් ගැටුම් උග‍්‍රවෙයි.. ක‍්‍රිනට් ආයතනය කලමණාකාරුට කුණු බැණුම් බනී..

ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ 20 වැනි තරගය ලෙස ලන්ඩන් ඕවල් ක‍්‍රීඩාංගණයේදී ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව පසුගිය සෙනසුරාදා (15දා) පැවැති තරගයෙන් පසුව ශ‍්‍රී ලංකා පිල මාධ්‍ය හමුව වර්ජනය කිරීමේ සිද්ධිය පිළිබඳව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ශ‍්‍රී ලංකා පිලේ කළමණාකරු අසන්ත ද මෙල් මහතාට අවවාදාත්මක ලිපියක් යොමු කර ඇති බව වාර්තා වේ.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා ඊමේල් පණිවුඩයක් මගින් මෙම ලිපිය යොමු කර ඇති බව එංගලන්තයෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇෂ්ලි ද සිල්වා සහ අසන්ත ද මෙල් යන මහත්වරු පසුගිය ඉරිදා (16දා) පෙරවරුවේ මෙම සිද්ධිය පිළිබඳව දුරකථනයෙන් පැයකට ආසන්න කාලයක් සාකච්ඡා කර ඇති බවද කණ්ඩායම් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙවැනි සිද්ධියක් නැවත නොවීමට වගබලා ගන්නා ලෙසත්, ඒ පිළිබඳව නායකයා ඇතුළු කණ්ඩායමේ සෙසු සාමාජිකයන් දැනුවත් කරන ලෙසත් එම ලිපියේ සඳහන් ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

ඔස්ටේ‍්‍රලියාව හමුවේ ලකුණු 87කින් පරාජය වීමෙන් පසුව මාධ්‍ය හමුවට නායක දිමුත් කරුණාරත්න හෝ හිටපු නායකයකු වන ඇන්ජලෝ මැතිව්ස්ට සහභාගි වන ලෙස අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ මාධ්‍ය අංශයේ නිලධාරියා ආරාධනා කිරීමෙන් පසුව එම දෙපළම සහභාගි වීම ප‍්‍රතික්ෂේප කර ඇති බව දැනගන්නට තිබේ.

එහිදී දිමුත් තමන් දැඩි වෙහෙසට පත්ව සිටීම නිසා සහභාගි වීමට නොහැකි බව පවසා ඇති බවත්, මැතිව්ස් මාධ්‍ය හමුවට සහභාගි වීම ප‍්‍රතික්ෂේප කර ඇති බවත් වාර්තා වේ.

අන්තර්ජාතික ක‍්‍රිකට් තරගයකදී සාමාන්‍ය ක‍්‍රියාපරිපාටිය අනුව මාධ්‍ය හමුව සඳහා ක‍්‍රීඩකයකු නම් කිරීම සහ සහභාගි කරවීම කළමණාකරුගේ වගකීමක් වන අතර බොහෝ අවස්ථාවලදී ක‍්‍රීඩකයා සමඟ කළමණාකරුද මාධ්‍ය හමුවට සහභාගි වෙති.

ලෝක කුසලාන තරගාවලියේ සහභාගිත්වය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සහ අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව අතර පවතින එකඟතාවට අනුව තරගයකට පෙර සහ පසු මාධ්‍ය හමුවට සහභාගි වීම අනිවාර්ය වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව ඊයේ (17) පස්වරුව දක්වා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට කිසිදු දැනුම්දීමක් කර නොතිබුණු අතර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මෙම සිද්ධිය සාකච්ඡා කර විසඳා ගැනීමට සූදානමින් සිටින බවත් වාර්තා වේ.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකුගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ මාධ්‍ය හමුවට සහභාගි නොවීම අනුමත කළ නොහැකි ක‍්‍රියාවක් බවයි.

”තරගයේ තීරණය මොකක් වුණත් මාධ්‍ය හමුවට සහභාගි වීම කළ යුතුයි. අපි ඒ පිළිබඳව මේ වන විට කණ්ඩායම දැනුවත් කර තිබෙනවා. මේක ජාතික කණ්ඩායම ක‍්‍රීඩකයන්ට ඕන ඕන විදියට වැඩ කරන්න බෑ”

”අයි.සී.සී. එක මේ පිළිබඳව තවම අපිව දැනුවත් කර නෑ. අපිව දැනුවත් කළ පසුව ඉදිරි පියවර ගන්නවා” යැයි එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

මෙම තරගාවලියේදී ශ‍්‍රී ලංකා පිලට ලැබුණු තණතීරු සහ සෙසු පහසුකම් පිළිබඳව සෑහීමට පත් නොවන බව ශ‍්‍රී ලංකා පිලේ කළමණාකරු අසන්ත ද මෙල් මහතා මීට අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවට පැමිණි කර තිබුණි.

මාධ්‍ය හමුවට සහභාගි නොවීම සහ පහසුකම් පිළිබඳ පැමිණිල්ල අතර සම්බන්ධතාවක් පවතින්නේද යන්න සැකයට මතු වී ඇති අතර මාධ්‍ය හමුව වර්ජනය කිරීම පහසුකම් ප‍්‍රශ්නයට එකට එක කිරීමක් බවද ඇතැම්හූ පවසති.

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව මාධ්‍ය හමුවට සහභාගි නොවීම පිළිබඳව ඉදිරියේදී පරීක්‍ෂණයක් පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇති අතර එසේ වුවහොත් කණ්ඩායමේ කළමණාකරු අසන්ත ද මෙල් මහතාට සහ නායක දිමුත් කරුණාරත්න කරුණු දැක්වීමට සිදුවිය හැකි බවත් වැඩිදුරටත් දැනගන්නට තිබේ.

ශ‍්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන හයවැනි තරගය සත්කාරක එංගලන්ත පිලට එරෙහිව ලීඩ්ස්හි හෙඩින්ලි ක‍්‍රීඩාංගණයේදී 21 වැනිදා පැවැත්වීමට නියමිතය.

යොහාන් භාසුර ( ලන්ඩන් නුවර සිට)
– ada

66,613 Viewers

8 Comments to “ක‍්‍රිකට් ගැටුම් උග‍්‍රවෙයි.. ක‍්‍රිනට් ආයතනය කලමණාකාරුට කුණු බැණුම් බනී..”

  1. don katugampala says:

    BAYAVENNA DEYAK NEHA EKATATH ARAVAGE “HORAGE AMMAGEN PENA AHANA” THEREEM KARAKA SABAVAK PATHKARALA MANTHRRELA 7,TH 8 A DENEKUTA “LANATHA MUDAL VALIN BATA “GEVAMU.

  2. Saradiel says:

    තම තමන්ගේ වැරදි නිසා ඇතිඋනු පරාජය තමන්ම බාර ගත යුතුය

  3. kalum says:

    Its better to go and play book cricket

  4. මාතර සුනිල් says:

    ඔයි තරම් බය වෙන්න, බාල්දු වෙන්න එපා. ඔය වැඩේ ඉන්දියාව හරි ඔස්ට්‍රේලියව කරා නම් icc එක උන් ලගට යන්නේ බඩගාගෙන. ඒත් කරන්න තිබුනේ මාධ්‍ය ඉස්‌සරහට ගිහිල්ල අපේ කණ්ඩායමට දක්වපු පුංචි අම්මගේ (ලපයගේ නෙවෙයි ) සැලකිලි ගැන ප්‍රසිද්දියේ කියන්න.

  5. Sun says:

    Dear cricket lovers, we know lot of things as happened. The problem in our culture is blaming everybody, rather than looking back and analyse the situation as a group. Cricket is a game and one to win but everyone will learn from the game. Lot psychological issues faced by the players in a foreign environment. That is why we have to have a good relationship with the players. The best thing is look at the mistakes. I do not know the way you selected players. Probably there are good players not in the team. Assess again and again. Be impartial please

  6. Pal says:

    It is natural that the inability run through everything when the rulers become incapable.

    So no wonders the …

    Economy …
    Culture….
    Religion…
    Sports…
    Law & order…
    Education… All sections gone mad… We need a quick change or the country is finished.

  7. kamal says:

    ඔබ යම් කිසි ක්‍රිඩොවක නිරත වනවොනම් ඔබචේ මනස ක්‍රියොකොරිත්වය ඒ අනුව හැචේ. එවිට ඔබ සොමනය පුේගලචයකුට වඩො චවනස් චේ. ඔබ හිතනවො එක එක ක්‍රිඩොචේ ප්‍රශ්න එබැවින් ඔබචේ සමතුලිතතොවය බිදි යයි. නමුත් චලොවට චේන්චන ඔබ චහොද ක්‍රිඩකචයක් වශචයනි. චමයට මම කියන්චන ච ෝය හතරට ක්‍රිඩො කරන්න එ ො භොවනො කරන්න එවිට ඔබචේ සිත නැවත යථො තත්වයට ත්චේ. නමුත් ඔබ දක්ෂ ක්‍රිඩකචයක් වුවත් ඔබචේ මචනෝභොවයන් ඔබව ච ොඩි ලමචයක් කරයි. චනොවැඩුනු පුේගලචයක් කරයි. එබැවින් ක්‍රිඩොව සම්පුර්ණ වශචයන් ජිවිතචේ චකොටසක් කර ගන්න එ ො. නමුත් දක්ෂ ක්‍රිඩකචයක් වන්න. චබෞේධචයක් වශචයන් ඔබට එය කරන්න පුලුවන්.

  8. Mahesh says:

    ඉස්සර පුදුම ආදරයකින් බලපු ක්‍රිකට් දෑන් නම් පට්ට අප්‍රියයි. එක අතකට අපෙ වේලාව ඉතුරු කරගන්න ක්‍රිකට් අප්‍රිය කරපු තිලග ඇතුලු වත්මන් කන්ඩායමට ස්තූති!

Main News