ක‍්‍රිකට් තරග දිගටම දිනන්නේ අගමැති රනිල්ගේ වාසනාවටයි.. පරදින්නේ පරිපාලනයේ වරදින්..- එජාපයෙන් අලුත්ම තියරියක්..[Video]

August 22, 2017 at 10:33 pm | lanka C news
ක‍්‍රිකට් තරග දිගටම දිනන්නේ අගමැති රනිල්ගේ වාසනාවටයි.. පරදින්නේ පරිපාලනයේ වරදින්..- එජාපයෙන් අලුත්ම තියරියක්..[Video]

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම සිදුවන පරාජයන් සදහා වගකිව යුත්තේ ක‍්‍රිකට් පරිපාලනය බව සිරිකොත එජාප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

මේ තත්වයට විසදුමක් දීමට ජනාධිපතිවරයා හා අගමැතිවරයා මැදිහත් වනු ඇතැයිද ඔහු සදහන් කලේය.

කෙසේ වෙතත් මන්ත‍්‍රී නලින් බණ්ඩාර පසුගිය පෙබරවාරි 18 වැනිදා ජනහමුවක් අමතමින් කියා සිටියේ ශ‍්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම ජයග‍්‍රහණය කරනු ලබන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ වාසනාව නිසා බවයි.

76 views