ක්රිකට් තරග පාවාදුන්නොත් 05 වසරක සිර දඬුවම්.. ලක්ෂ 50ක් දඩ.. අලුත් නීති ගෙනේ…
March 1, 2019 at 3:00 pm | lanka C news
ක්රිකට් තරගයක් විකිණුවහොත් ක්රීඩකයෙකුට අවමය වසර පහක සිර දඬුවමක් නියම කල හැකි ලෙස නීති සකස් කරමින් ඇති බව ක්රීඩා ඇමති හරීන් ප්රනාන්දු මහතා පවසයි.
උපරිම දඬුවම ලෙස මිලයන 05ක දඩ මුදලක් නියම කල හැකි වන සේ මෙම නීති සකසන බව ඔහු සදහන් කලේය.
කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් ක්රිඩා ඇමතිවරයා මෙම අදහස් පැවසීය.