ක්‍රිකට් තරු පිස්සු කෙලිද්දී රොෂාන් මහානාමගෙන් සද් ගුණවත් වැඩක්..
January 14, 2019 at 8:40 am | lanka C news
ශ්‍රීලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් විරුවෙකු මෙන්ම ජාත්‍යන්තර තරග තීරකයෙකු වූ රෝෂාන් මහනාම මහතා විසින් වව්නියාවේ දුෂ්කර පාසල් දරු දැරියන්ට අධ්‍යපනික උපකරණ බෙදාදීමේ වැඩසටහනක් වන්නි ආරක්ෂක සේනාමූලස්ථානය විසින් සංවිධානය කොට තිබුණි.
රෝෂාන් මහානාම මහතා විසින් වව්නියාව දුෂ්කර ගම්මානයක් වූ වෙහෙරතැන්න ගම්මානය ඇතුලු අවට ගම්මාන වල පාසල් දරු දැරියන්ගේ අධ්‍යාපනය නගාසිටුවීමේ අරමුණින් මීට පෙර පාසල් ගොඩනැගිල්ලක්ද යුද හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදකල අතර එම පාසල රෝෂාන් මහානාම විදුහල වශයෙන්ද නම් තබන ලදි.
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතාගේ අධීක්ෂණයන් පරිදි රෝෂාන් මහනාම විදුහලේ සිසු දරුවන්ට නව වසර වෙනුවෙන් අධ්‍යාපනික උපකරණ වල අවශ්‍යතාවය පිළිබඳව රෝෂාන් මහානාම පදනම වෙතට දැනුම් දීමෙන් පසුව මෙසේ නව වසර වෙනුවෙන් පාසල දරුවන්ට අවශ්‍ය නිලඇඳුම් ඇතුලු අධ්‍යාපනික උපකරණ හා වෙහෙරතැන්න පියවර පෙර පාසලේ දරු දැරියන්ටද නිලඇඳුම් හා උපකරණ ලබා දීමට රෝෂාන් මහනාම මහතා ඇතුලු පදනමේ නිලධාරීන් විසින් පියවර ගෙන තිබුණි.
පාසල් දරුවන්ට අධ්‍යාපනික උපකරණ ලබා දීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයින් වශයෙන් සහභාගී වූවේද වන්නි ආරක්ෂක සේනා අඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා සහ ක්‍රිකට් ක්‍රීඩක රෝෂාණ් මහානාම මහතා වූ අතර තවද 56 සහ 62 යුද හමුදා සේනංකාධිපති වරුන් ඇතුලු පාසල් ළමුන් සහබාගී වී සිටියහ.
– වන්නි රොමේෂ් මධුෂංඛ
වියදම් කරපු සල්ලි ගාන කියලා හිටින්න හොඳ මහත්තයෝ
හවසට කොළඹ 7 80 ක්ලබ් එකට යන්න. එතන රොෂාන් ඇති මධු පැන් වලින් සිය තොල් තෙමමින්