ක‍්‍රිකට් නැත්තටම නැති වූයේ සිරිසේන යුගයේදීයි.. ඒ පාපයෙන් ඔහුට ගැලවිමක් නෑ..- අර්ජුන

February 6, 2020 at 4:40 pm | lanka C news
ක‍්‍රිකට් නැත්තටම නැති වූයේ සිරිසේන යුගයේදීයි.. ඒ පාපයෙන් ඔහුට ගැලවිමක් නෑ..- අර්ජුන

පසුගිය ආණ්ඩු කාලයේදී විගණකාධිපති දෙපාර්තමේන්තුව ක්‍රිකට් ආයතනය ගැන කළ වෝහාරික විගණනය පසුගිය ආණ්ඩුවේදීම සිතා ගත නොහැකි ලෙසට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන්නේ විශේෂ වාර්තාවක් ලෙසින් බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා අනාවරණය කරයි.

එලෙස ක්‍රිකට් ආයතනය ගැන කළ වෝහාරික වාර්තාව විශේෂ වාර්තාවක් ලෙසට වෙනස් වීම පිටුපස හොරුන් දූෂිතයින් ආරක්ෂා කිරීමේ කුමන්ත්‍රණයක් පවතින්නට ඇතැයිද ඔහු අවධාරණය කළේය.

ඒ අද (06) විශේෂ මාධ්‍ය සාකච්ඡවක් කැඳවමිනි.

”අපි දන්නවා අපේ ආණ්ඩු කාලයේදී ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉල්ලීම මත විගණකාධිපති දෙපාර්තමේන්තුව ක්‍රිකට් ආයතනය ගැන වෝහාරික විගණනයක් සිදු කළා. ඒබව මං ළඟ තියෙන මේ ලිපියෙනුත් සනාථ වෙනවා. මේ ලිපිය එවකට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලෙක්ම්ට යවන්නේ විගණකාධිපති වෙනුවෙට නියෝජ්‍ය විගණකාධිපතිතුමා විසින්. මෙහි පැහැදිලිවම සඳහන් වෙනවා වෝහාරික විගණනය කියලා. නමුත් මේ විගණනය පාර්ලිමේන්තුවට යන්නේ විශේෂ වාර්තාවක් ලෙසට. එහෙම වුණේ කොහොමද ? ඒ වගේම මේ වාර්තාවේ ක්‍රිකට් ආයතනයේ හුඟාක් දේවල් යට ගහලා තියෙනවා. නමුත් මේ වාර්තාවෙන් ක්‍රිකට් ආයතනයේ දූෂණ ගැන හෙළි වන තැන් කිහිපයකුත් තියෙනවා. කැම්පස් එකක් හදන්න කියලා කළ චෙක් ගනුදෙනු ගැන මේ වාර්තාවේ තියෙනවා. හතුරුසිංහ මහත්තයා ක්‍රිකට් ආයතනයට බඳවා ගෙන තියෙන්නේ ක්‍රිකට් පරිපාලනයට ඕන විදියට බවත් මේ වාර්තාවෙන් හෙළි වෙනවා. හරි ක්‍රමවේදයක් බඳවා ගැනීමට අනුගමනය කරලා නැහැ…”යිද අර්ජුන රණතුංග මහතා මෙහිදී පැවසීය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ක්‍රිකට් ආයතනයේ දින හයක සි. සි. ටී. වි දර්ශන අභිරහස් ලෙසට මැකී ඇති බවයි. ඒ

”ක්‍රිකට් ආයතනයේ සි. සි. ටී. වී. 32ක් තියෙනවා. පුදුම කියන්නේ දවස් හයක දර්ශන මේ සි. සි. ටී. වි. වලින් මැකිලා. මේ ගැන ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් පවා කර තියෙනවා. නමුත් දැන් සභාපතිතුමා කියනවා බටන් එකක් ටච් වීමෙන් දර්ශන මැකිලා, ඒ නිසා ඒ ගැන පරීක්ෂණයක් කරන්න එපා කියලා. ඒක පුදුම හේතු දැක්වීමක්. මේ දවස් හයේ දර්ශන මැකුණේ ඇයි ? ක්‍රිකට් ආයතනයෙන් ෆයිල් උස්සන් යනවා මේ දර්ශනවල තිබුණද ? මොකද මේ දර්ශන මැකිලා තියෙනවා කියන්නේ ජනාධිපතිවරණය පැවැති කාලේදී….”

යනුවෙන් පවසමිනි. ක්‍රිකට් තරග පාවාදීම් ගැන තොරතුරු ඇතුළත් හඬපට කිහිපයක් රන්ජන් රාමනායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ළඟ ඇති බවත් එම හඬපට ප්‍රසිද්ධ කරන ලෙසට තමන් ඔහුගෙන් ඉල්ලා සිටි බවත් අර්ජුන රණතුංග මහතා මෙහිදී කියා සිටියේය. වැඩිදුරටත් ඔහු අවධාරණය කළේ ක්‍රිකට් ආයතනයට කඩා පනින ලෙසට තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවයි. ක්‍රිකට් ක්‍රීඩාව විනාශයෙන් විනාශයට පත් වූයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කාලයේදී බවද ඔහු අවධාරණය කළේය. ඒ,

”අපේ කාලයේදී සූදුකාරයෝ රාජ්‍ය නායකයෝ ඇල්ලුවා. රාජ්‍ය නායකයෝ හොරු අල්ලන්න කලින් හොරු සූදුකාරයෝ ගිහිල්ලා රාජ්‍ය නායකයෝ ඇල්ලුවා. ඒ නිසා අපේ ආණ්ඩු කාලයේදී ක්‍රිකට් ක්‍රීඩාව හොරුන්ගෙන්, සූදුකාරයින්ගෙන්, දූෂිතයින්ගෙන් බේරා ගන්න බැරිවුණා. විශේෂයෙන්ම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව ජනාධිපතිධුරයට ගේන්න මූලික වුණු කෙනෙක් මම. නමුත් කොච්චර සාකච්ඡා කළත් කොච්චර කරුණු පෙන්නුවත් මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ කාලයේදී ක්‍රිකට් ක්‍රීඩාව හරි මඟට ගේන්න බැරි වුණා.

ක්‍රිකට් ක්‍රීඩාව විනාශම වුණු කාලය වුණේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ කාලයේ. මොකද ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරන පුද්ගලයෝ එතුමා තමන්ගේ ළඟට ගත්තා. ඒ පවෙන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ගැලවෙන්න ලැබෙන්නේ නැහැ. මම අදත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ගරු කරනවා. අපි සෑහෙන්න වැඩ කොටසක් කළා. නමුත් ක්‍රීඩාව පැත්තෙන් බැලපුවාම ක්‍රීඩාවට ගොඩාක් ප්‍රශ්න ආවා. චූදිතන්ව ආරක්ෂා කළා. ක්‍රිකට් ආයතනය විනාශ කළ සූදු කාරයෝ, බුකිකාරයෝ සිටියේ හිටපු ජනාධිපතිතුමාගේ රැකවරණය යටතේ. මම දන්න විදියට අද ක්‍රිකට් බෝර්ඩ් එකට නඩු හතලිකයට වඩා තියෙනවා. අපේ අවුරුදු 19න් පහළ කණ්ඩායම ලෝක කුසලානයේදී දහවැනි ස්ථානයට දක්වා පහු බැස්සා. එදා අපිට වඩා පහළින් සිටි බංග්ලාදේශ සහ ඇෆ්ගනීස්ථාන කණ්ඩායම් ඉදිරියට ඇවිල්ලා.

ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිතුමා අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරයකු ලෙසත් ඉන්නවා. ඉතිං රට හදනවා ශුද්ධ කරනවා, ඔක්කොම කරනවා කියලා ආපු අයටත් ඒ වගේ අය එක්කහු වෙනවා නම් එතැනින් එහාට අපිට ලොකු ප්‍රශ්නයක් තියනෙවා. එතුමාත් බස් ඩ්‍රයිවර් මාරු කළාද වගේද කියන ප්‍රශ්නයත් එතැන අපට තියෙනවා. හැබැයි එතුමා ගැන අපට ලොකු විශ්වාසයක් තියෙනවා, එතුමා හොඳ දෙයක් කරන්න හදනවා කියලා. එතුමා ජාතිය අමතා කළ කථාවේ කොටසක් මම දැන් කියන්න කැමැතියි. එතුමා කියනවා මගේ රජය විරුද්ධ මත ඉවසන්නට සෑම විටම සූදානම්.

මාධ්‍යවලට අද සම්පූර්ණ නිදහස තියෙනවා. ඕනෑම අයකුට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අපි ලබා දී තියෙනවා කියලා. මේ ජනාධිපතිතුමාගේ හොඳ තීරණයක්. නමුත් පැතුම් විජේරත්න කියන මාධ්‍යවේදීයාට තහනමක් දාලා ක්‍රිකට් ආයතනයෙන්. මොකද්ද ඒකට හේතුව. එතුමා ක්‍රිකට් ආයතනයේ හොරකම් ලිවීම. එතොකොට ජනාධිපතිතුමා කියනවා මාධ්‍යයට සියලුම පහසුකම් ලබා දෙනවා කියලා. නමුත් ක්‍රිකට් ආයතනය ජනාධිපතිතුමාට වඩා උඩින් ගිහින්. අපි දැක්කා පහුගිය කාලේ ජනාධිපතිතුමා පැන්නා එක එක ආයතනවලට. ආර්. එම්. වී. එකට පැන්නා. තව ආයතන කිහිපයකට පැන්නා. නමුත් ජනාධිපතිතුමා මේ කතාව කළේ ක්‍රිකට් බෝර්ඩ් එක පැත්ත බලාගෙන. එතැන තමයි විශාලම හොරු ගොඩ ඉන්නේ. මම කියන්නේ ඉස්සෙල්ලාම පනින්න ඕන ක්‍රිකට් බෝර්ඩ් එකට. යනකොට ජනාධිපතිතුමා කිව්වොත් අපිත් එන්නම්, අපි හොරු ටිකත් පෙන්නන්නම්…” යනුවෙන් පවසමිනි.

– තමීර මංජු

59 views

16 Comments to “ක‍්‍රිකට් නැත්තටම නැති වූයේ සිරිසේන යුගයේදීයි.. ඒ පාපයෙන් ඔහුට ගැලවිමක් නෑ..- අර්ජුන”

  1. Gmaya says:

    තමුනුත් එ් අාන්ඩුවෙි හිටපු එකෙක් කියල අමතක වුනාද දැන් නිකන් බයිල ගහන්නේ෴

    • නිමල් says:

      යකෝ සාක්කි…බලන කොට මේ සිරිසේනයා රටේ නොකාපු දෙයක් නැනේ!!! – මේකව රටේ තියන්න වටින්නැ නේ!!!

  2. john the baptice says:

    ගමරාළ වසර 4 ට රටම කැවා තුක් නොදකින්

  3. Prabath Buddika says:

    Mokoda yako mun okkoma ekathu wela SIRATA gahanne…Pu yako…

    • Politics says:

      Sira ge Balayata Thibuna Kaadara Kama Nisa Rata winaasa Una kiyala Tho Dannema Nadda.

      Don’t you realize the damage SIRA did to the country due to his greed for power…

      • Prabath Buddika says:

        Ai Ponila and other ministers ethkota mun okkoma weda kale nadda…Ministersla ha UNP rajaya waga kiwa uthi….Me hamadekatama SIRADA athuluwa.

  4. sunimal says:

    සිරිසේන යුගය යනු රනිල් යුගයයි අමතක වෙලාද ලැජ්ජයි

  5. Kevin says:

    සිරිසේන කියන්නේ මෝඩයෙක්…

  6. Sam says:

    gama ralata henama gahapan. ratata karapu wineta.

  7. Gini says:

    You were one of them, member of previous government. Don’t forget what you did with the thugs at your office.

  8. sunil says:

    ඒ එක්කම 1996 ලෝක කුසලානෙන් පස්සේ ක්‍රිකට් කෑවේ විනාශ කලේ කවුද කියල හොයල බැලුවොත් නරකද ? පරණ පත්තර පෙරලලා බැලුවොත් දන්නැති අයට විස්තර හොයාගන්න පුළුවන් .බොහොම අමාරුවෙන් තමා එයාව ක්‍රිකට් වලින් එලෙව්වේ .දැන් බයිලා ගහනවා .

  9. namal raj says:

    Look, Arjuna, you played silly cricket a little and you think you know everything from economics to space science, come on man you are an idiot like Maithri. Thanks to cricket you got rich and powerful as a Minister of Maithri’s ;kasi kabal; Yasapalanaya. Maithri is a gamaral who does not know any cricket, Maithri can play ‘gudu’, elle, ‘teek bola’, kaduru bola’ gama wate divime – game ganu passe.

  10. Boo says:

    සිරිසේන යුගය කියල එකක් තිබුනනං ඒක ඇත්තටම රනිල් යුගයයි. සිරිසේනව එතෙනට දැම්මෙත්, දාල අත්තටු කපල පඹයෙක් කලෙත්, තමන්ට ඕන විදිහට රටේ වස්තුව (මහා බැංකුව ඇතුළු) මංකොල්ල කමින්, විකුණාගෙන කමින් රට ඇත්තටම විනාශ කලේ බලය තිබුණු රනිල් මිසක් මෙලෝ බලයක් නොතිබුණු මෝඩ සිරිසේන නෙමෙයි.

    දැන් රනිල් හොරාගේ චක්ගෝලයෝ ටික තමන්ගෙයි රනිල්ගෙයි හෙළුව වහගන්න අර අහක ඉන්න පඹයට තලනවා.

    රටේ මිනිස්සු එච්චර මෝඩ නෑ . ප්‍රශ්නේ සිරිසේන නං, රනිල් නෙමෙයි නං, රනිල්ට පුළුවන් වෙන්න ඕනේ ජනාධිපතිවරනෙට ඉදිරිපත් වෙලා දිනලා පෙන්නන්න.

    ඒකත් බැරි වෙච්චි එකේ දැන් පුළුවන් නම් ඊළඟ චන්දෙන්වත් දිනලා පෙන්නන්න කියමුකෝ.

Main News