ක‍්‍රිකට් පාවාදීම්වලින් දුෂිතම රට ශ‍්‍රී ලංකාවයි.. ටෙස්ට් තත්වයෙන් ඉවත් කරන බවට ICC ශ‍්‍රී ලංකාවට ප‍්‍රබල අනතුරු ඇගවීමක් කරයි..

October 3, 2018 at 11:20 am | lanka C news
ක‍්‍රිකට් පාවාදීම්වලින් දුෂිතම රට ශ‍්‍රී ලංකාවයි.. ටෙස්ට් තත්වයෙන් ඉවත් කරන බවට ICC ශ‍්‍රී ලංකාවට ප‍්‍රබල අනතුරු ඇගවීමක් කරයි..

ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන රටවල් අතරින් ‍ශ‍්‍රී ලංකාව තරඟ පාවා දීම් අතින් දූෂිතම රට යයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක් කර තිබේ.

පසුගිය ඉරිදා දිනයේ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සමග වූ සාකච්ඡාවකදී මෙම අනතුරු ඇඟවීම් සිදු කර ඇතැයිද වාර්තා වෙයි.

මෙකී තරඟ පාවාදීම් සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි තමන් සතු බව ද අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල බලධාරීන් විසින් මෙරටට ආයතනය වෙත දන්වා ඇති බවද සදහන්ය.

ඉදිරියෙහි දී ද මෙම තත්වය පැවතුණත් ශ්‍රී ලංකාවට ටෙස්ට් තත්ත්වයෙන් ඉවත් කිරීමට සිදු වනු ඇති බවත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් ලබා දෙන මූල්‍ය ආධාර කපා හැරීමට සිදුවන බවත් වැඩිදුරටත් දන්වා ඇතැයිද වාර්තා වෙයි.

132 views

14 Comments to “ක‍්‍රිකට් පාවාදීම්වලින් දුෂිතම රට ශ‍්‍රී ලංකාවයි.. ටෙස්ට් තත්වයෙන් ඉවත් කරන බවට ICC ශ‍්‍රී ලංකාවට ප‍්‍රබල අනතුරු ඇගවීමක් කරයි..”

  1. Amare says:

    Soodu Karayata Giya Cricket ….

Main News