ක්‍රිකට් පිලටත් අපමණ අගයක්..ශ්‍රී ලංකා පිල ශ්‍රේණිගත කිරීම් වලින් බංග්ලාදේශයටත් පරදින්න ආසන්නයි..
March 30, 2017 at 3:50 pm | lanka C news
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන එක්දින තරගය අනිද්දා දිනයේ පැවැත්වීමට නියමිතය.
යම් හෙයකින් මෙම තරගයේදී ශ්‍රී ලංකාව පරාජයට පත් වුවහොත් බංග්ලාදේශය පලමු වතාවට ජාත්‍යන්තර එක්දින ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකාව පසුකර යනු ඇත.
තරගාවලියේ මුල් තරගයේදී ශ්‍රී ලංකා පිල පරාජය වීමත් සමග ශ්‍රේණිගත කිරීම්වල ලකුණු 97ක් දක්වා පහත වැටෙද්දී බංග්ලා දේශය 93 තෙක් වැඩි වී ඇත.
අවසන් එක්දින තරගයද පරාය වුවහොත් බංග්ලාදේශය ලකුණු 95ක් හා ශ්‍රී ලංකාව ලකුණු 95ක් ලෙස සැලකෙනු ඇති අතර තරගාවලිය ජය ගැනීම හේතුවෙන් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරිය ගැනීමට බංග්ලාදේශයට ඉඩ ලැබෙනු ඇත.