ක්රිකට් පිලේ ප්රබල ක්රිඩකයෙකුට මුදලට තරග පාවාදීමේ චෝදනා.. ICC තුන්වරක් ප්රශ්න කරයි..
April 17, 2018 at 12:00 pm | lanka C news
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ක්රීඩකයෙකු මුදලට තරග පාවා දුන්නේ යයි එල්ල වී ඇති චෝදනා සම්බන්දයෙන් අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය ඔහුගෙන් ප්රශ්න කර තිබේ.
වේග පන්දු යවන ක්රීඩකයෙකු වන මෙම ක්රිඩකයා නිල වශයෙන් ක්රීඩාවෙන් සමුගෙන නැති අතර මේ වන විටත් අන්තර් සමාජ ක්රිකට් තරග සදහා සහභාගී වෙයි.
ජාතික කණ්ඩායමේ ක්රීඩකයෙකුගේ පැමිණිල්ලක් මත අවස්තා තුනකදී මෙම ක්රිඩකයාගෙන් ප්රශ්න කිරීමට ලක්ව ඇතැයිද වාර්තා වෙයි.
කෙසේ වෙතත් එම ප්රශ්න කිරීම්වලදී ඔහු තරග පාවා දුන්නේ යයි සනාථ වී නැති බවද සදහන්ය.
මොහු 19 පහල කණ්ඩායම නියෝජනය කරමින් ජාතික කණ්ඩායමට ඇතුළු වූවෙකි.
අයියෝ මාලි…ලලල්ලීඉ
Mali neme ban mali 19 gehuwe ne
mali 19 under gahuwe nathooooo..
මාලි 19 ගහලා ආපු කෙනෙක් නෙමෙ….