ක‍්‍රිකට් පිල ඇෆ්ගනිස්තානෙට පරදිද්දී ශ‍්‍රී ලංකා කැරම් කණ්ඩායම ලෝක ශූරතාවය දිනාගනී..

September 21, 2018 at 4:40 pm | lanka C news
ක‍්‍රිකට් පිල ඇෆ්ගනිස්තානෙට පරදිද්දී ශ‍්‍රී ලංකා කැරම් කණ්ඩායම ලෝක ශූරතාවය දිනාගනී..

ලෝක ශූර ශ්‍රී ලාංකික කැරම් කණ්ඩායම අද (22) පෙරවරුවේ කථානායක කරු ජයසුරිය මහතාගේ ආරාධනයෙන් පාර්ලි‍මේන්තුව වෙත පැමි‍ණියහ.

ඔවුන් සභාගර්භය වෙත කැදවා පාර්ලිමේන්තුවේ විශේෂ ගෞරවයට පාත්‍ර කෙරුනු
අතරල කථානායක නිල මැදිරියේ දී කථානායක කරු ජයසුරිය මහතා සමඟ සුහඳ
සාකච්ඡාවක් ද පැවැත්වීමට කටයුතු යොදා තිබිනි.

1996 දී ශ්‍රි ලංකාව ක්‍රිකට් ලෝක කුසලානයට දිනා ගැනීමෙන් පසුව ශ්‍රී ලංකාව ලෝක කුසලානයකට උරුමකම් කී දෙවන අවස්ථාව ලෙස කැරම් ලෝක කුසලානය දිනා ගැනීම වැදගත් වන බව පැවසූ කථානායකවරයා සිය සුභාශිංසන පිරිනැමීය.

කථානායකවරයා විසින් පිරිස වෙත දිවා භෝජන සංග්‍රහයක් පිරි නමනු ලැබීය.

– කතානායක මාධ්‍ය ඒකකය

15 views

2 Comments to “ක‍්‍රිකට් පිල ඇෆ්ගනිස්තානෙට පරදිද්දී ශ‍්‍රී ලංකා කැරම් කණ්ඩායම ලෝක ශූරතාවය දිනාගනී..”

  1. NAK says:

    Sri Lanka first won a world cup in 1973 when M.J.M.Lafeer won the world Billards championship.

  2. එතකොට 2020 ලොක කුසලානෙ දිනුවෙ නැද්ද ලන්කාව මුන්ට එවත් මතක නැ

Main News