ක‍්‍රිකට් බරපතල කල්ලිවාදයකයි.. කණ්ඩායමේ කල්ලි කිහිපයක් ඉන්නවා.. වෛද්‍යවරිය හා ක‍්‍රිඩකයන් අතර අනියම් ඇසුර ගැන පරීක්‍ෂණ කල යුතුයි..- අසන්තද මෙල්

February 2, 2021 at 3:00 pm | lanka C news
ක‍්‍රිකට් බරපතල කල්ලිවාදයකයි.. කණ්ඩායමේ කල්ලි කිහිපයක් ඉන්නවා.. වෛද්‍යවරිය හා ක‍්‍රිඩකයන් අතර අනියම් ඇසුර ගැන පරීක්‍ෂණ කල යුතුයි..- අසන්තද මෙල්

අද වන විට ක‍්‍රිකට් ක්‍රීඩාව බරපතළ කල්ලි වාදයට හසුවී ඇති බවත් කල්හි කිහිපයක් ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති අසන්ත ද මෙල් මහතා සඳහන් කරයි.

ක‍්‍රීඩකයන් විවේකාගාරය තුළ කාඩ් සෙල්ලම් කිරීම සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් ඒ සඳහා නිසි බලධාරියා තමන් නොවන බවත් ඒ මහතා කියා සිටී.

කණ්ඩායමේ වෛද්‍යවරියක් සහ ක්‍රීඩකයන් අතර පැවැති අනියම් සම්බන්ධතා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය බවද ඔහු සඳහන් කරයි.

අද කණ්ඩායම විශාල ම ගැටලුව තිබෙන්නේ ක්‍රීඩකයන් පාලනය කරන කළමනාකරුවන්ගේ බවත් ඔවුන් නිසා ක්‍රිකට් ක්‍රීඩාව විනාශ වන බවත් ඒ මහතා කියා සිටියි.

ඔහු මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

102,305 views

19 Comments to “ක‍්‍රිකට් බරපතල කල්ලිවාදයකයි.. කණ්ඩායමේ කල්ලි කිහිපයක් ඉන්නවා.. වෛද්‍යවරිය හා ක‍්‍රිඩකයන් අතර අනියම් ඇසුර ගැන පරීක්‍ෂණ කල යුතුයි..- අසන්තද මෙල්”

  1. siri says:

    Mal mama cricket iwaratama iwara keruwa.

Main News