ක‍්‍රිප්ටොකරන්සි යෝජනාවට කැබිනට් අනුමැතිය.. නීති හදන්න කමිටුවක් පත් කරයි..

November 24, 2021 at 10:00 am | lanka C news
ක‍්‍රිප්ටොකරන්සි යෝජනාවට කැබිනට් අනුමැතිය.. නීති හදන්න කමිටුවක් පත් කරයි..

ඩිජිටල් බැංකුකරණය, බ්ලොක්චේන් තාක්ෂණය සහ ක්‍රිප්ටොකරන්සි සම්බන්ධයෙන් පත්කරන ලද කමිටුවේ අතුරු වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව ඒ ආශ්‍රිත සමාගම් වෙත ආයෝජන ආකර්ෂණය කර ගැනීම පිණිස පැනවිය හැකි නීතිරීති සම්න්දයෙන් කැබිනට් මණ්ඩලය වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම පිණිස කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.

අදාළ කමිටු නිර්දේශය 2022 ජූනි මස 30 වන දිනට පෙර ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය දන්වා තිබේ.

මේ ඇතුළු කැබිනට් තීරණ පිලිබද දන්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

30,828 views

12 Comments to “ක‍්‍රිප්ටොකරන්සි යෝජනාවට කැබිනට් අනුමැතිය.. නීති හදන්න කමිටුවක් පත් කරයි..”

  1. sahan says:

    හොර සල්ලි හංගන්න කියාපු විදිය.. anyway good decision..

    • Amda says:

      ගත්ත හොඳම තීරණයක්.
      ලෝකයේ අනාගතය ක්‍රිප්ටො කරන්සි… හැබැයි අධ්‍යයනය කරලා හරියට කරන්න ඕනෙ.
      හරියට කරලා ඕකෙන් ආදායම් ගන්න උගත් තරුණයන් ගොඩක් ඉන්නවා ලන්කාවෙත්…එයාලා කාටවත් කරදරයක් නැතුව ආන්ඩුවෙ රස්සාවල් ඉල්ලන්නෙ නැතුව තමුන්ගෙ පාඩුවෙ හම්බ කරගෙන ජීවත් වෙනව. රටටත් ආදායමක් එනව.
      ඕකෙන් ආදායම් ගන්නෙ කොහොමද කියලා ජනතාව දැනුවත් කල යුතුයි.
      කලු සල්ලි සුදු කරන්න නම් ඕනෙ තරම් මාර්ග තියෙනවා…මේක විතරක්ම නෙවෙයි.

      පිහියෙන් එලවලු පළතුරු මස් මාලු කපනවා වගේම මිනී මරන්නත් පුලුවන්.

  2. සාර්ථක මෙහෙයුම says:

    අලි සබ්‍රි කබ් රාල් මෙහෙයුම සාර්ථකයි

    • රටේ එකා says:

      Blockchain කියන්නේ තව අවුරුදු 20කින් මුලු ලෝකෙම දුවන තාක්ශණය. දන්න එකටයි නැති එකටයි බොරු ගොතන එක නවත්තපල්ලා.

      • Rohan says:

        ඔය Chain Bolokka කියන ඒවා අපි නම් ගොඩක් කල් ඉඳලා පාවිච්චි කරන්නේ. ගස් අදින්න, ලොරි වලට කොට පැටවීම වැනි ගොඩක් වැඩ වලට අපි පාවිච්චි කරනවා.

      • Athula says:

        එතකොට උඹ කියන්නෙ රට ගොඩද ? ක්රිප්ටෝ කරන්සි එක ඩිජිටල් කරපු ගමන් අනේ පලයන් බුරුවො…තක්කඩි රැල දෙසා බාන ඕනෑම කුණුහරපයක් ගොබ්බයො හිස්මුදුනින් පිළිගන්න සුදානම් අඩු තරමේ එහි සාරන්සයවත් නොදන්න වුන් තමයි මේවා ගැන දන්න එවුන් ලෙස සාදාරනය කරන්නෙ තම රටේ අනන්‍ය තාවයට තම රටේ බවුතික සම්පත් වලට තම රටේ ශිෂ්ටාචාරයට පයින් ගහල රට වෙන්සේදී කරලා රට නයකරලා දැන් රට අංශ බාග රෝගියෙක් කරලා ඉවරයි මචෝ…

        • Amda says:

          නෙගටිව් ජෙපි තියරියෙන් බලන අයට ඔක්කොම නෙගටිව්

      • sihala yaka says:

        බ්ලොක් චේන් හා ක්‍රිප්ටො කරන්සි කියන්නේ දෙකක්. ‘බ්ලොක් චේන්’ නිවසක් නම් ක්‍රිප්ටො කියන්නේ ඒ නිවස තුල ගණිකා මඩමක්.
        බ්ලොක් චේන් වරදක් නැති උනත් ක්‍රිප්ටො කියන්නෙ ගෙදර ඉඳන් සල්ලි අච්චු ගහන්න පුලුවන් හොර විකාරයක්.
        ලෝකේ හතු පිපෙන්න වගේ ක්‍රිප්ටො සල්ලි වර්ග හැදෙනව​. තාක්‍ෂනය දන්න එකාට සල්ලි අච්චු ගහගන්න පුලුවන් වෙන විදියේ පිස්සු විකාරයක්.

  3. රටේ එකා says:

    මේවා දැම්මම පටන්ගත්තොත් තව අවුරුදු 20කින් හරි තරගකාරී ආර්ථිකයක් හදාගන්න පුලුවන් වෙයි. එහෙම නැති උනොත් තව අවුරුදු 20කිනුත් අපිට අපේ මිනිස්සු සරණාගතයෝ වගේ පිට රට පටවලා තමා ජීවත් වෙන්න වෙන්නේ.

    කණගාටුවෙන් උනත් කියන්න ඕනෙ අද අපි සරණාගත රටක්. අපේ රටේ නිදහස් අධ්යාපනය කියන්නේ කර්මාන්ත වලට අවශ්ය මිනිස්සු හදන ක්‍රමයක් නෙවේ. සරණාගතයෝ හදන ක්‍රමයක්.

  4. Athula says:

    මරු කැබිනට් එක නොදොකින් හොරු රැල.. දැන් ඔය හදන්නෙ කළු සල්ලි සොයන අපරාද කාරයෝ හිස් මුදුනින් වඩම්මවන්න… රටට…

  5. SKF says:

    හොද අදහසක්.
    රුපියල බාල්දු නිසා රුපියලෙන් කරන්නපුලුවන් බිජ්ජක් නෑ. ආණ්ඩුවෙන් ක්‍රිප්ටො කරන්සියක් එලි දක්වලා ලන්කාව තුල ගෙවීම් කරන්න ඉඩ දුන්නොත් ඒකෙ මිල (සාමාන්‍යයක් ලෙස) වැඩි වෙනවා මිසක් අඩු වෙන්න විධියක් නෑ.
    බ්ලොක් චේන් තාක්ශණයෙන් කරන්සි නිකුත් කරන්න පුලුවන් උපරිම ගණන නියාමනය කලොත් විතරයි ඕක හරියන්නෙ.

Leave a Comment

Main News