App එකකින් ක‍්‍රියාත්මක කල හැකි නව ගෙවතු වගා ඒකකයක්…

April 12, 2020 at 8:02 am | lanka C news
App එකකින් ක‍්‍රියාත්මක කල හැකි නව ගෙවතු වගා ඒකකයක්…

පොළොවෙහි ඉඩක් නොගන්නා, සිරස් අතට බඳුන් සැකසීමෙන් කෘමි – පලිබෝධ උවදුරු අවම නව ගෙවතු වගා ඒකකයක් වාණිජමය වශයෙන් හඳුන්වා දීමට කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සැලසුම් කර ඇත.

ඉහත නව ගෙවතු වගා ඒකකය වෘත්තියෙන් නිෂ්පාදන ඉංජිනේරුවරයකු වන චන්දිම ප්‍රසාද් මහතා විසින් සිය ගෙවත්ත තුළ සාර්ථකව අත්හදා බලා දැනටමත් තම නිවසට අවශ්‍ය එළවළු ප්‍රමාණය ලබා ගැනීමට සමත්ව සිටී. එම ඒකකය මෙම ව්‍යසනකාරී තත්ත්වයෙන් පසුව නාගරිකව වෙසෙන, කාර්යබහුල ජනතාවගේ ගෙවතු වගා අවශ්‍යතාවට සරිලන ක්‍රමවේදයක් බව චන්දිම ප්‍රසාද් මහතා කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා වෙත ඉදිරිපත් කළ කරුණු අනුව අමාත්‍යවරයා මේ පිළිබඳව පූර්ණ මැදිහත්වීමක් සිදු කරන ලෙස කාර්මික සංවර්ධන මණ්ඩලය උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව පළමුව නාගරික මහල් නිවාස ඇතුළු අඩු ඉඩකඩක් සහිත නිවාස සඳහා මෙම ජංගම දුරකථන යෙදවුමක් මගින් පාලනය කළ හැකි ස්වයංක්‍රීය ජල සැපයුම් පද්ධතියක් සහිත ගෙවතු වගා ඒකකය, අඩු වියදමකින් නිෂ්පාදනය කිරීම සඳහා ඉහත නව නිර්මාණකරු සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මේ වනවිටත් පර්යේෂණ සිදු කරමින් සිටී.

මොරටුව කටුබැද්ද පිහිටි කාර්මික සංවර්ධන මණ්ඩල පරිශ්‍රයේ දී මෙම නව ගෙවතු වගා ඒකකය මාධ්‍ය සඳහා හඳුන්වා දුන් අතර එහි දී අදහස් දැක්වූ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක මහතා පැවසුවේ මෙම ජංගම දුරකථන යෙදවුමක් මගින් පාලනය කර හැකි ස්වයංක්‍රීය ජල සැයපුම් පද්ධතියක් සහිත ගෙවතු වගා ඒකකය වාණිජව නිපදවීමට අමතරව චන්දිම ප්‍රසාද් මහතා හඳුන්වා දී ඇති ජංගම දුරකථන යෙදවුමක් මගින් පාලනය කළ හැකි ස්වයංක්‍රීය ජල සැපයුම් පද්ධතිය වාණිජ වගාවන්, නාගරික අලංකරණ උද්‍යාන ආදිය සඳහා යොදා ගැනීමේ හැකියාව සොයා බලන ලෙස අමාත්‍ය විමල් වීරවංශ මහතා තමාට උපදෙස් ලබා දී ඇති බවයි.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය

32,148 Viewers

7 Comments to “App එකකින් ක‍්‍රියාත්මක කල හැකි නව ගෙවතු වගා ඒකකයක්…”

  1. damien says:

    Great work..appreciated…

  2. Saman says:

    Good job

  3. sana says:

    Thanks. Vertical agriculture is the best solution not only for urban areas but also for entire country because we no longer have horizontal space for extensive agriculture, given the population pressure – land area per head. Think innovatively, we can reduce human-elephant conflict also if we don’t clear large forest areas for agriculture and get enough harvest from vertical farms with little space. This high tech farms save water and no need to have large reservoirs flooding the best nature areas. Entails host of other benefits – no soil erosion, less pesticides, beauty …etc. Keep it up. Vertical agriculture (going up) is the only option given the land scarcity. Engineers must come forward to ensure our food security.

  4. සඳ මෝල්විය says:

    මම එත් බැලුව මොකක්ද මේ අමුතු වැඩේ කියල. මේ දවස් වල ඉතින් වැඩිය මිඩියා ෂෝ, ප්‍රෙස් කොන්ෆෙරන්ස් එහෙම නැති නිසා අමාත්‍ය විමල් වීරවංශ මහතා කොහෙන් හරි ඔලුව දාගන්න තමයි කල්පනාව. වගා කරන එකනම් කොහොමත් හොඳ දෙයක්.

    • Me says:

      හැමදේකම අඩුපාඩු, වැරදි දකින්නෙ තමාතුල අැති විශාල අඩුවක් නිසා.

  5. Ravana Parapura says:

    හෙළයන් තම පැරණි ජිවන රටාවට අනුගත විය යුතුය…

  6. Love nature says:

    සුද්දගේ විස පාන් කෑමෙන් වළකිමු