ක‍්‍රීඩා අමාත්‍යංශය වට්ටි අම්මා මට්ටමට වැටේ.. සුසන්තිකාට දුන් දේවල කුලේ හතර වටේ කියයි..

June 7, 2017 at 3:15 am | lanka C news
ක‍්‍රීඩා අමාත්‍යංශය වට්ටි අම්මා මට්ටමට වැටේ.. සුසන්තිකාට දුන් දේවල කුලේ හතර වටේ කියයි..

ඔලිම්පික් ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ සිය පදක්කම වෙන්දේසි කරන්නේ යයි කරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් ක‍්‍රීඩා අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

අමාත්‍යංශයේ වැඩබලන ලේකම් සෝමරත්න විදානපතිරණ විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

මේ දිනවල විවිධ ජනමාධ්‍ය ඔස්සේ සුසන්තිකා ජයසිංහ මහත්මිය ක‍්‍රීඩා අමාත්‍යාංශයට එල්ල කරන චෝදනා සම්බන්ධව මෙසේ කරුණු පැහැදිලි කරමි. 2000 වසරේදී ඔලිම්පික් පදක්කමක් දිනාගනිමින් ජයසිංහ මහත්මිය මෙරටට අත්කර දුන් කීර්තිය පළමුව ගෞරවන්විතව සිහිපත් කරමි. එදා සිට මේ දක්වා පැවති රජයන් විසින් සුසන්තිකා ජයසිංහ මහත්මිය වෙත මුදල් ත්‍යාග, නිවාස, රථ වාහන ආදි විවිධ වූ ප‍්‍රදානයන් ලබාදී ඇත. තවද ජයසිංහ මහත්මිය විසින් ප‍්‍රකාශයට පත්කරන ලද ඇයගේ චරිතාපදානය ප‍්‍රකාශයට පත්කිරීම සඳහා අප අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීම අනුව ගරු ක‍්‍රීඩා අමාත්‍යතුමන්ගේ අනුමැතිය පරිදි රුපියල් ලක්ෂ එකොළහක මුදල් ප‍්‍රදානයක් ද පසුගිය වසරේදී ඇය වෙත ලබාදී ඇත. එවන් තත්ත්වයක් තුළ පවා ඇය පත්ව ඇතැයි කියන ආර්ථික අපහසුතා පිළිබඳව ද කනගාටු වෙමි.

ප‍්‍රථමව සඳහන් කළ යුත්තේ සුසන්තිකා ජයසිංහ මහත්මිය විසින් පවසන ආකාරයේ සේවයෙන් ඉවත් කිරීමක් ක‍්‍රීඩා අමාත්‍යාංශය විසින් මෙතෙක් සිදුකර නොමැති බවයි. ඇයට හිමි අප්‍රේල් මාසයට අදාළ ගෙවීම්හි යම් තාවකාලික පමාවක් සිදුව ඇති අතර ඊට අදාළ හේතු මෙම ලිපියේ මතු දැක්වෙනු ඇත.

මීට ඉහත රජය සමයේ ජයසිංහ මහත්මිය ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ උපදේශිකාවක් ලෙස පත්කර තිබූ අතර 2015 වසරේදී නව රජය පත්වන විට ඇගේ සේවය අවසන් වී තිබිණි. නව රජයේ ක‍්‍රීඩා අමාත්‍යවරයා ලෙස නීතිඥ දයාසිරි ජයසේකර මහතා වැඩ භාරගැනීමෙන් පසු මෙම තත්ත්වය වෙනස් කර සුසන්තිකා ජයසිංහ මහත්මියගේ සේවය ගෞරවන්විතව ලබාගැනීමට අවශ්‍ය පියවර ගැණිනි. ඒ අනුව කුමන අමාත්‍යවරයෙක් ක‍්‍රීඩා අමාත්‍ය ධූරය දැරුව ද ජයසිංහ මහත්මියට වයස අවුරුදු 60 වනතුරු රු.60,000ක මාසික දීමනාවක් සහ රු.15,000ක ඉන්ධන දීමනාවක් ලබාදීමට අපේක්ෂිත අනුමැතීන් ඉල්ලා 2016.05.19 වන දින කැබිනට් මණ්ඩලය වෙත ක‍්‍රීඩා අමාත්‍යතුමන් විසින් සංදේශයක් ඉදිරිපත් කරනු ලැබිණි. එම සංදේශය ප‍්‍රකාරව කැබිනට් අනුමැතිය හිමිවූයේ 2016.07.01 දින සිට වසරින් වසර දීර්ඝ කිරීමට යටත්ව 2020 වසර දක්වා ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ජාත්‍යන්තර තරග සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තෝරාගැනීමේ හා පුහුණු කිරීමේ උපදේශක වශයෙන් ජයසිංහ මහත්මියව පත්කිරීමටයි. මේ වෙනුවෙන් රජයේ අමාත්‍යාංශයක උපදේශකවරයෙකු වෙත කාර්ය සාධනය පදනම් කරගෙන පිරිනැමෙන රුපියල් 60,000ක වැටුප් ගෙවීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිණි.

මීට අදාළ පත්වීම් ලිපිය ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් 2016.07.01 දින සිට බලපැවැත්වෙන පරිදි 2016.08.12 වන දින ඇය වෙත යවා ඇති අතර එහි 08 වන ඡේදය යටතේ ”ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් විසින් ඔබ වෙත පවරනු ලබන රාජකාරී ඔබ විසින් ඉටුකළ යුතුය. සෑම මසකම පළමු සතියේදී මාසික ඉදිරි වැඩසටහන ලේකම් වෙත ඉදිරිපත් කර අනුමත කරගත යුතු අතර මාසය අවසානයේදී කළ වැඩසටහන පිළිබඳ වාර්තාව ද ලේකම් වෙත ඉදිරිපත් කළ යුතුය”.

09 වන ඡේදය යටතේ ”තවද සෑම වසරක් අවසානයේදීම එම වර්ෂය තුළ ඔබ විසින් ඉටු කරන ලද කාර්ය භාරය සම්බන්ධව වාර්තාවක් හා ඉදිරි වර්ෂයේදී සිදුකිරීමට අපේක්ෂිත කාර්යභාරය පිළිබඳ වාර්තාවක් ද ලේකම් වෙත ඉදිරිපත් කළ යුතුය”. බවට සඳහන්ව ඇත.
මෙම තනතුරෙහි පිහිටා සේවය කිරීමට කොළඹ 07, ටොරින්ටන් ක‍්‍රීඩා පිටියේ පිහිටි ක‍්‍රීඩා සංගම් සඳහා වෙන්කර ඇති ගොඩනැඟිල්ලේ 03 වන මහළෙහි 08 වන කාමරය ද ඇයට වෙන්කර ලබාදුණි.

සුසන්තිකා ජයසිංහ මෙන්ම දක්ෂ තවත් මලල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් බිහිකර ගැනීමේ අරමුණු පෙරදැරිව ගරු අමාත්‍යතුමන් විසින් මලල ක‍්‍රීඩා සම්මේලනයේ හිටපු සභාපති සුගත් තිලකරත්න මහතාව සහ ජයසිංහ මහත්මියව අමාත්‍යාංශයට කැඳවා ඒවන විට පැවති මලල ක‍්‍රීඩා සංචිත 3හි පුහුණුකිරීම් හා උපදේශන සහය ලබාදෙන ලෙස ඇයගෙන් ඉල්ලා සිටින ලදී. නමුත් මේ මොහොත වනතුරුත් ජයසිංහ මහත්මිය එම සේවය මෙරට මලල ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය වෙත ලබාදී නැත.

2016 ජුලි මස සිට 2017 මාර්තු දක්වා ඇය වෙත ක‍්‍රීඩා අමාත්‍යාංශය විසින් අඛණ්ඩව වැටුප් ගෙවීම සිදුකර ඇත. නමුත් උක්ත ඡේදවල අවශ්‍යතා සම්පූර්ණ කිරීමට සුසන්තිකා ජයසිංහ මහත්මිය දිගින් දිගටම අපොහොසත් වී ඇත. 2017 ජනවාරි මාර්තු කාලසීමාවේ ජයසිංහ මහත්මිය රෝගීව සිටි අතර සානුකම්පිතව සලකා එම කාල සීමාවට අදාළ වැටුප් ගෙවීමට ද අප අමාත්‍යාංශය කටයුතු කර ඇත. එවන් තත්ත්වයක් තුළ පවා ඉහත දැක්වූ 08වන ජේදයේ අවශ්‍යතා දිගින් දිගටම ඉටු නොකිරීම මත 2017 අප්‍රේල් මාසයේ සිට ඉදිරි ගෙවීම් සිදුකිරීම පිණිස අදාළ වාර්තාවන් මාසිකව ඉදිරිපත් කරන ලෙස 2017 අප්‍රේල් 26 වන දින ජයසිංහ මහත්මිය වෙත ලිපියක් යවමින් අමාත්‍යංශ ලේකම්වරයා විසින් දැනුවත් කර ඇත.

රජයේ අමාත්‍යාංශයක් ලෙස සුසන්තිකා ජයසිංහ මහත්මිය වෙත අප ගෙවූ දීමනාවන් යනු මුළුමනින්ම මෙරට මහජනතාවගේ මුදල්ය. මහජන මුදල්වලට නිසි වටිනාකමක් ලැබෙන අයුරින් ජයසිංහ මහත්මිය වෙත ලබාදීම අප සතු වගකීමක් වන අතර එම මුදලට ලබාදිය යුතු සේවාව මෙරට ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය වෙත නිසි පරිදි ලබාදීම ජයසිංහ මහත්මිය සතු වගකීමකි. ඇය විසින් සිදුකරනු ලබන කාර්යභාරය පිළිබඳව තැකීමක් නොකර, අමාත්‍ය මණ්ඩල තීරණ ප‍්‍රකාරව කාර්ය සාධන වාර්තා ලබා නොගෙන මූල්‍ය දීමනාවන් ලබාදීමට අපට කිසිඳු නෛතික හෝ සදාචාර හිමිකමක් නොමැත.

තමන් යම් ආර්ථික අපහසුතාවක පසුවේ නම් සුසන්තිකා ජයසිංහ මහත්මිය විසින් කළ යුතුව ඇත්තේ තම පදක්කම වෙන්දේසි කිරීම නොව, රජය විසින් ඇය වෙත ලබාදුන් තනතුරට අදාළ අවශ්‍යතා සම්පූර්ණ කර ඉන් ගෞරවන්විත වැටුපක් ද ලබමින් ක‍්‍රීඩාවටත් මවුබිමටත් ලබාදිය යුතු සේවය නොපැකිළිව ලබාදීමයි. ඒ වෙනුවෙන් ක‍්‍රීඩා අමාත්‍යාංශයේ දොරටුව තවදුරටත් විවෘතව පවතී. ඇය වැනි තවත් අතිදක්ෂ ක‍්‍රීඩා තරුවක් හෙට දිනයේ අප මවුබිමෙහි බිහිකර ගැන්මට, ක‍්‍රීඩා අමාත්‍යාංශය හා එක්ව තම මෙහෙවර ලබාදෙන මෙන් සුසන්තිකා ජයසිංහ මහත්මියගෙන් ගෞරවන්විතව ඉල්ලා සිටිමි.

සෝමරත්න විදානපතිරණ
වැඩබලන ලේකම්
ක‍්‍රීඩා අමාත්‍යාංශය

55 views

10 Comments to “ක‍්‍රීඩා අමාත්‍යංශය වට්ටි අම්මා මට්ටමට වැටේ.. සුසන්තිකාට දුන් දේවල කුලේ හතර වටේ කියයි..”

  1. බන්ඩය්යා says:

    සුසන්තිකා ශ්‍රි ලංකාවට ගෙන දුන් කීර්තිය ඩන්කන් වයිට් හැරෙන්නට වෙන කිසිවෙක් කර නැත. කිසිම ක්‍රිඩා අැමතිවරයෙක් සුසන්තිකාගේ ඝනයට වැටෙන්නේ නැත්තේ ඔහුන් කල බම්බුවක් නැති නිසාය. බොහෝ
    මෑත දේසපාලුවන් කලේ ජනතාවගේ මුදලින් සැප විඳිමය හොරකම් කිරමය ජනතාව අැන්දවීමය. තිස් අවුරැදු යුද්දය නිම කිරීමට දේසපාලන නායකත්වය දුන් මහින්ද පමණක් නොමියන සේවයක් කලේය.

    • කුමාර says:

      මෙතෙන තනිකරම තියෙන්නේ ඔය දයාසිරි ඇමතිගේ කුහක කම .මිනිහට කාල ඉන්න බෑ සුසන්තිකාට තියෙන ප්‍රසිද්දිය සහ දක්ෂ කම අන්න එනිසා තමා ක්‍රීඩිකාවගෙන් වාර්තා ඉල්ලන්නේ .යකෝ ක්‍රීඩිකාවක් ඉගෙනගෙන තියෙන්නේ ක්‍රීඩාව ඔවුන්ගෙන් වැඩ ගන්න ඕනා ඔෆිස් කාමරේ ඔවුන්ව වාර්තා ලියන්න වැඩසටහන් ලියන්න හිර කරලා නෙවෙයි ඔවුන්ගෙන් වැඩ ගන්න ඕනා ක්‍රීඩා පිටියේ ,එක කරන්නේ නැතිව වාර්තා ලියන ලිපිකාර රැකියාවක් දුන්නම හරියනවද ?යකෝ සුසන්තිකා ඇති දක්ෂ කෙනෙක් එවැනි අයව උපදේශිකාවක් ජාතියට ගන්නවානම් වාර්තා ලියන්නත් ඕනෑම නම් ඇයගෙන් කරුණු වාචිකව අහලා ඒ කරුණු වාර්තාවක් හැටියට ලියන්න ලේකම් කෙනෙක් ඇයට දෙන්න ඕනා අන්න එහෙමයි වටිනා පුද්ගලයන්ට සලකන්නේ ,ඔවුන්ගේ දක්ෂවතව උපරිම ප්‍රයෝජනය ගන්නේ .
      පිටියේ කරන්න ඕනා රැකියාව ඔෆිස් කාමරයකට කොටු කරන මිහරකා මොකාද ?
      මේ වාර්තා හැදීම සහ එම තනතුර තනිකරම සුසන්තිකාට හිරිහැර කරන්න කරපු දෙයක් .උන් දන්නවා සුසන්තිකා ලියන කියන වැඩ වලට කම්මැලියි කියල (ස්ව්බාවිකවම ක්‍රීඩිකාවක් උනේ එකනේ නැතිනම් ලිපිකාරියෙක් වෙනවනේ )සුසන්තිකාට මේ දේ කරන්න තමයි මුන් මෙහෙම වාර්තා ලිවීමක් උපදේශක තනතුරත් එක්ක පටලවලා සුසන්තිකාව හිර කලේ .දැන් එක පත්තුවෙලා .
      දයාසිරි ජයසේකර වහාම ඉල්ලා අස්වනු .

      • කුමාර says:

        ඒවගේම කියන්න ඕනා මම රන්ජන්ගේ ෆෑන් බෝයි කෙනෙක් නෙවෙයි එත් රන්ජන් මේ මහා බක පණ්ඩිත ඇමතියාට වඩා ප්‍රශනය තේරුම් අරගෙන එකට මැදිහත්උනා අන්න එකට ප්‍රණාමය පුදකරනවා .
        රටක් වටිනා ක්‍රීඩිකාවට ප්‍රසිද්දියේ අවමානය කරපු ඇමතියා ඉල්ලා අස්වනු

  2. Police Junta says:

    Dogs are eating rice making noice and people are dying

  3. Open mind says:

    සුසන්තිකා ට දුන් දේ ජනතාව ගේ. ඒ නිසා ඒවා ජනතාව දැන ගැනීම වඩා සුදුසු.දේශපාලන අඩා පාලි වැඩ ක් නැහැ.

    • CAT says:

      තමන්ට ලැබුන දේ රැකගෙන ජීවත්වීමට ඇය දැන යුතුයි ..තමා ලබා ගත් ඔලිම්පික් සම්මානයවත් රැකගැනීමට වුවමනාවක් නැති , සිය පදක්කම වෙන්දේසියේ විකුණන බව කියමින් ජනතාව මුලා කරමින් මුදල් සෙවීමට තැත් කරන ඇගේ හැසිරීම හෙළා දැකිය යුතුයි ….කවුරු කලත් වරද වරදමය දැන් මේ සිද්දීයෙදී අපි දෝශාරෝපනය කල යුත්තේ ක‍්‍රීඩා අමාත්‍යංශයට හෝ එම අමාත්‍යංශය බාර ඇමතිට නොවේ
      එයට කිසිවකුට දෝශාරෝපනය කල යුතු නොවේ ..තමාගේ ආර්ථිකය දියුණු කරගන්න ලොකු උනන්දුවක් උත්සාහයක් ගැනීමට සුසන්තිකා දැනගත යුතුයි

      • kaniya says:

        ඇත්ත කියපන් උඹ දයාසිරිගේ හෙන්චයියෙක් නේද ?ඌ නේද කිව්වේ ඔය විදියට ලියන්න කියල .
        උඹ ගිහිල්ල ඌට කියපන් වැඩේ හරියන්නේ නෑ සර් මිනිස්සු ඔක්කොම ගන්නේ සුසන්තිකාගේ පැත්ත උන් සර් රටට කරපු කෙන්ගෙඩිය මොකද්ද කියල අහනවා කියල

        • Chanaka says:

          CAT is right. Never mind what she is done earlier. We respect it. But She has to earn her living.

  4. CLEM says:

    AS IF WE ARE GOING TO BELIEVE ANYTHING A MINISTRY SPOKESMAN SAYS! HA HA !!!

  5. Asoka says:

    මෙරට මහජනතාවගේ මුදල්ය. මහජන මුදල්වලට නිසි වටිනාකමක් ලැබෙන අයුරින් ජයසිංහ මහත්මිය වෙත ලබාදීම අප සතු වගකීමක් වන අතර. ,,,,,,,,,,,තමන් මහන්සියෙන් හම්බකරගත් පදක්කම විකුණනවට ආණ්ඩුව අකමැතියි. එත් මුන්ට බදු රහිත වාහන ලක්ෂ 600කට විතර විකුනන්න පුළුවන්. අනෙක මහජනතාවගේ මුදල් වලින් යැපෙන දයාසිරිලා හැම මාසෙකම කරපු වැඩ ගැන මහජනතාවට වාර්තා දෙනවද.

Main News