ඛෙත්තාරමයේ තරගය නරඹමින් සිටි අවිශ්කගේ පියා සිහිසුන්ව ඇද වැටේ.. රෝහල්ගත කරයි.. අවිශ්ක 82කට දැවී යයි.. ලංකාව අද තරගයක් දිනුම්..

July 28, 2019 at 9:56 pm | lanka C news
ඛෙත්තාරමයේ තරගය නරඹමින් සිටි අවිශ්කගේ පියා සිහිසුන්ව ඇද වැටේ.. රෝහල්ගත කරයි.. අවිශ්ක 82කට දැවී යයි.. ලංකාව අද තරගයක් දිනුම්..

අද ශ‍්‍රී ලංකා බංග්ලාදේශ දෙවැනි එක්දින තරගය නරඹමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ යොවුන් ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුගේ පියා හදිසියේ අසනීප වීමෙන් රෝහල් ගත කර ඇත.

අවිශ්කගේ පියා විශේෂ ආරාධිතයන්ගේ කුටියේ තරගය නරඹමින් සිටියදී එක්වරම සිහිසුන්ව ඇද වැටී ඇති අතර එහි සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි තිලංග සුමතිපාල මහතා වහා ගිලන් රථයක් ගෙන්වා ඔහුව රෝහල වෙත යොමු කර තිබේ.

ලාබාල ආරම්භක පිතිකරු අවිශ්ක ප‍්‍රනාන්දු අද දිනයේ සාර්ථක පිතිහරශයක යෙදෙමින් වේගයක් ලකුණු 82ක් ලබා ගත්තේය.

තරයේ මුලින් පන්දුවට පහර දුන් බංග්ලාදේශය සිය පන්දු වාර 50 අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 238ක් ලබා ගත්තේය.

පිලිතුරු ලෙස ශ‍්‍රී ලංකාව පන්දු වාර 44.4කදී කඩුළු ..ක් පමණක් දැවී ලකුණු 242ක් ලබා ගනිමින් තරගය ජය ගත්තේය.

ඒ අනුව තරග 03කින් යුතු තරගාවලිය 2-0ක් ලෙස මේ වන විටද ශ‍්‍රී ලංකාව ජයගෙන සිටී.

58,551 Viewers

5 Comments to “ඛෙත්තාරමයේ තරගය නරඹමින් සිටි අවිශ්කගේ පියා සිහිසුන්ව ඇද වැටේ.. රෝහල්ගත කරයි.. අවිශ්ක 82කට දැවී යයි.. ලංකාව අද තරගයක් දිනුම්..”

  1. කුඩා දරුවා says:

    මිනිස්සු කොච්චර නිවනින් දුරයිද ?

    • john the baptice says:

      මොකද්ද බන් නිවන කියන්නෙ? ක්‍රිකට් වලට සම්බන්ද දෙයක්ද?

  2. Saradiel says:

    ඉක්මන් සුවය පතමු

  3. ඉච්චා භංගත්වය උනා. says:

    ඉච්චා භංගත්වය උනා………. ඉච්ච, නිච්ච වී දුකට පත් වී සිහිසුන් උනා… දාරක ප්‍රේමය තදින්ම තිබු නිසා 100ක් නොගහ out උන නිසා දුක වැඩි වී සිහිසුන් උණා… 100ක් ගැහුවානම් සතුට වැඩිවී heart attack එකක් හැදෙන්නත් තිබුණා ..

Main News