ගංගා ජල මට්ටම් වේගයෙන් ඉහලට.. ගංවතුර අවදානමක්..

November 30, 2017 at 10:40 am | lanka C news
ගංගා ජල මට්ටම් වේගයෙන් ඉහලට.. ගංවතුර අවදානමක්..

ඇද හැලෙමින් පවතින අධික වැසි හේතුවෙන් රට පුරා ගංගා කිහිපයකම ජල මට්ටම් ඉහල යමින් ඇති බව ආපදා කලමණාකරන මධ්‍යස්ථානය නිවේදනය කරයි.

මේ හේතුවෙන් ගංගා දෙපස ජනතාව දැඩි විමසිල්ලෙසන් සිටින ලෙසද ඔවුන් ඉල්ලා සිටී.

නිල්වලා, ගිං හා හා කළු යන ගංගාවල ජල මට්ටම් මෙසේ ඉහල යමින් ඇති අතර එම ගංගා අසල පදිංචි කරුවන්ට වඩාත් විමසිලිමත් වන්නැයිද ඔවුන් අනතුරු අගවයි.

මේ වන විටත් කුකුලේගග ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇති අතර ඉන් පහල ප‍්‍රදේශයන්හි ජනතාවට විමසිලිමත්වන ලෙසද උපදෙස් දී ඇත.

147 views
Main News