ගංජාවලින් කොරෝනා මෙල්ලයි… ලොව පුරා පරීක්‍ෂණවලින් හෙලිවෙලා.. නීතිගත කරන්නැයි ජනපතිගෙන් ඉල්ලයි..

August 31, 2021 at 10:00 am | lanka C news
ගංජාවලින් කොරෝනා මෙල්ලයි… ලොව පුරා පරීක්‍ෂණවලින් හෙලිවෙලා.. නීතිගත කරන්නැයි ජනපතිගෙන් ඉල්ලයි..

ස්වයං ප්‍රතිශක්තිකරණය උදෙසා කංසා නීතිගත කරන සිදු ලෙස ශ්‍රී ලංකා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසින් ඉල්ලා සිටියි.

එහි ලේකම් තුසිත බාලසුරිය මහතා රජයෙන් හා ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම ලිඛිතව කර තිබේ.

ලෝකය පුරාම ප්‍රතිශක්තිකරණය වර්ධනය කරගැනීම සඳහා කංසා භාවිත කරද්දි ආයුර්වේද මෙන්ම දේශීය ඖෂධයක් වන කංසා භාවිතා කිරීම මෙරට පුරවැසියන්ට අවසර නොමැති වීම කණගාටුවට කරුණක් යැයි ද ඔහු පෙන්වා දෙයි.

වැඩිහිටියන්ගේ භාවිතය සඳහා නියාමනයන් සහිතව කංසා නීතිගත කරන්නැයි ඔහු රජයෙන් හා ජනාධිපතිවරයාගෙන් ඉල්ලයි.

එය මෙරට ජනතාවගේ සුවය උදෙසා මෙන්ම දේශීය වෙදකම නගාසිටුවීම උදෙසා ද ගන්නා වැදගත් හා විප්ලවීය තීන්දුවක් බව ද ඔහු පෙන්වා දෙයි.

දේශීය විදේශීය පර්යේෂකයන් පෙන්වා දෙන පරිදි කොරෝනා රෝගය මාරාන්තික තත්ත්වය වෙන නිවුමෝනියා තත්ත්වය පාලනය කිරීම සඳහා කංසා යොදාගත හැකි බවත් පර්යේෂණ ගණනාවක් මගින් තහවුරු කර ඇති බවද ලේකම්වරයා කියා සිටී.

ඇමරිකාවේ ඇතැම් ප්‍රාන්තවල කොරෝනා එන්නත ලබා ගත් අයට නොමිලේ කංසා බෙදාදීම ද ලේකම්වරයා විසින් එම ලිපිය මගින් සිහිපත් කර ඇත.

105,071 views

28 Comments to “ගංජාවලින් කොරෝනා මෙල්ලයි… ලොව පුරා පරීක්‍ෂණවලින් හෙලිවෙලා.. නීතිගත කරන්නැයි ජනපතිගෙන් ඉල්ලයි..”

  1. Nandasoma Suriyaarachchi says:

    කංස බීල කොරෝන හොඳ වෙලා තියෙන්නෙ කොයි රටේද……?
    මේ අවස්ථාවෙදි, තමන්ගෙ මානසික ආබාධ ප්‍රදර්ශණය කිරීම හැම ක්ෂේත්‍රයකම සිදු වෙනවා……..!
    පැණි, එන්නත්, චූර්ණ, කරල්, ඔය දේවල් එක එක මට්ටමින් ක්‍රියාත්මක උනත් කොරෝනා වලට නිසි ප්‍රතිකාරයක් තවම ලැබිල නැහැ ….!!

  2. JR says:

    ඕක බොබ් මාලේ කිව්වෙ 70 ගණන් වල….!!!

  3. ජුවානිස් says:

    ඔහොම යනකොට කසිප්පුත් කොරෝනා සුව කරනවා කියයි .
    අයියෝ අපිට අහන්න වෙන කථා .

  4. සමන්ත says:

    මෙතන කොටන ගොඩාක් දෙනෙක්ට අමතකයි ගංජා තහනම් කලේ ලංකාවේ දුම්කොළ වගාව ප්‍රචලිත කරන්න කියන කාරණාව. පෙර රජ දවස ගංජා භාවිතා කලා. ගංජා යනු හොද ඔසුවක්. එය නොදන්නා අය තමයි එහි වැරදි දකින්නේ. ඕනෑම දෙයක් වැඩිපුර ගැනීම ගැටලු ඇති කරයි. කාලයක් කැස්සට දෙන පිරිටන් සිරප් එක ෆාමසි වලින් ලබා ගත හැකිවුනා එය සමහරක් මත් වෙන්න පාවිච්චි කලා මතක ඇතිනේද? ඒත් ඔසුවක් තමයි. රස්තාපාරියන්ස් ආගම අදහන පිරිස් ගංජා දුමින් තම දෙවියන් නමදී. සෑම දෙයක්ම ඇබ්බැහිවීමට ලක් වේ. උදාහරණයක් ගතහොත් දිනපතා එකම වේලාවක තේ පානය කළහොත් යම් දිනකඑම වෙලාවට තේ පානය කීරීමට නොහැකි වුනොත් එම පුද්ගලයාට ඈනුම් යෑම, ඇගපතේ වේදනාව වගේ දේවල් ඇතිවේ. හැම දෙයක්ම පමණට එහා භාවිතය තමයි හොදනැත්තේ. කොකේන් යනුද ඔසුවක් වන අතර එය අධිකව ගැනීම නිසා ප්‍රශ්නයක් වී ඇත. ලොව සෑම ⁣⁣⁣ඔසුවක්ම අධික මාත්‍රාවෙන් ගැනීම කුඩු ගැහුවා හා සමානයි.

    • kosgalwala hewage nimal says:

      සහතික ඇත්ත මට කියන්න තියෙන්නෙත් ඒකම තමයි අපේ රටෙි පාලකයන්ට තවම නාදහස් චින්තනයක් නැහැ තවම ඉන්නෙ යටත් විජිත මානසිකත්වයේමයි.

Main News