ගංජා අපනයනය ගැන අධ්‍යනය කරන්න GMOA විද්වත් කමිටුවක් පත් කරයි…

September 5, 2020 at 6:48 pm | lanka C news

ගංජා සම්බන්ධයෙන් මේ වන විට ඇතිවී තිබෙන සාකච්ඡාව ගැන අධ්‍යනය කිරීම සඳහා තම සංගමය විසින් කමිටුවක් පත් කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මෙරටට විදේශ විනිමය ගෙන ඒම ගංජා අපනයනය කල හැකි බවටත් ඇතැමුන් පැවසීම සම්බන්ධයෙන් තම විධායක කමිටුවේ දී සාකච්ඡා වූ බව එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

එම විද්වත් කමිටුවක් මගින් දෙන ලද තීන්දුව අනුව රටේ ජනතාවගේ සෞඛ්‍යයට හොඳම තීන්දුව සහ රටට හොඳම තීන්දුවක් සංගමය විසින් ප්‍රකාශයට පත්කරන බවත් ඔහු පැවසීය.

එම සංගමයේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුකදී ඔහු මේ බව කියා සිටියේය.

20,171 views

13 Comments to “ගංජා අපනයනය ගැන අධ්‍යනය කරන්න GMOA විද්වත් කමිටුවක් පත් කරයි…”

  1. කාන්තාර පළඟැටියා says:

    මම ෆ්‍රීලාන්සර් කෙනෙක්. මම ඊශ්‍රායෙල් සමාගමක් මෙඩිකල් කැනබිස් ගැන කල අන්තර්ජාල පර්යේෂනයකට දත්ත අන්තර්ජාලයෙන් එක්කහු කරන්න දායක උනා. ඔවුන් කලේ පාර්කින්සන් රෝගයට මෙඩිකල් කැනබිස් යොදාගන්නා ආකාරය. මම ඒ පර්යේෂණයේ පිටපතක් GMOA එකට දෙන්න කැමති.

    • වයි දිස් කොලවෙරි says:

      දෙන්න දෙන්න…… මම දන්නා කෙනෙක් උසස් තත්වයේ ගංජා තෙල් බින්දුවක් බැගින් සතියකට කිහිප වතාවක් (හෝ දිනපතා – හරියට මතක නෑ ) දිව යට තබාගෙන පිළිකාවක් පාලනය කර ගත්තා.

      පිහිය සහ ගින්දර කියන්නේ හොදට වගේම නරකට පාවිච්චි කරන්න පුළුවන් දේවල්. ගංජා කියන්නෙත් එහෙම දෙයක්.
      නරකට පාවිච්චි කරොත් දඩුවම් කරන්න නීති හදලා ගින්දර සහ පිහියෙන් මිනිස්සු වැඩ ගන්නවා.
      ගන්ජත් ඒ විදිහට නීති හදලා වැඩ ගන්න පුළුවන් දෙයක්.

      • narada says:

        Agree with both of you, අපේ හෙළ වෙදකමේ තියන වටිනාම බෙහෙතක්, තිලෝක විජය පත්‍ර

    • CoolNet says:

      Dear pal
      Can I have the research paper for revision. econchad@gmail.com

  2. Buuwa says:

    Onna chance eka… Kakiri hene badu LAL ta…ko oya … Oba kohida ????

  3. ඉන්දික says:

    අනේ පලයං බං. උඹලා කොහොමත් හෙල වෙදකමට විරුද්ධයි. බටහිර වෙද්දුන්ගෙ අදහස් අපිට එපා!

  4. Duminda says:

    දැනටමත් පමණක් යුරෝපා රටවල සහ ඇමරිකාවේ පවා මෙය නීත්‍යානුකූල කරලා තියෙනවා, කලු කඩ මුදලාලිලට යන සල්ලි ‍රජයට ලැබෙන්නට සලස්වගන්නත් පුලුවන් නීතිමය බලාදිකාරයට යටත්ව නිසි අදීක්ශ්නය යටතේ කරන්න පුලුවන් නම් රටතුලට විදේශ විනිමය ඉතුරු කරගන්නත් පුලුවන් වේවි…

  5. Ranji says:

    Australia is currently doing this, so why Sri Lanka can’t do it?

    • කාන්තාර පළඟැටියා says:

      මම ඉන්න බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ සමීක්ෂණයකින් හෙලිවෙලා තිබෙනවා කැනඩාවේ මෙම මෙඩිකල් කැනබිස් නීතිගත කලාට පසුව මානසික ආතතියට සහ කල්පවත්නා මානසික රෝගවලට පාත්‍ර වෙන රෝගීන් ගේ පැහැදිලි අඩුවක් තිබෙන බව. ඒ වාගේම එම රෝගවලට ගොදුරු වී සිටින්නන්ට වෛද්‍ය නිර්දේශ මත භාවිතාවට ලබා දුන්නු පසු ඔවුන් සුවයට පත්වීමේ ඉක්මනක් ඇතිබව. මේවා මෙහෙ ලියාපදිචි ඔසුසල් සේවා මඟින් ගන්න ඕනෑ. ආවාට ගියාට මේ ගංජා යොදා ගන්න බැහැ. විශේෂ වර්ග කිහිපයක් තිබෙනවා. ඒ වර්ග අපේ රටේ හැදෙනවාද කියන්න නම් දන්නෙ නෑ. මේවා ලංකාවෙ වගා කරනවා නම් රජයේ ආරක්ෂක අංශ යටතේ පමණයි කරන්න ඕනෑ.

  6. කමල් says:

    70-77 සමගි පෙරමුනු රජය යටතේ රුපියල් ඉහළ ගියේය .ආර්ථිකය ඉහළ ගියේය .නමුත් ජේ ආර් ආවේ හයෙන් පහක බලයකින් .ඇන් ඇම් සමගි පෙරමුනට කලදේ ජයසුන්දර මේ ආන්ඩුවට කරන බව පෙනේ. සින්ගප්පූරුව මැලේසියාව දියුනු වුනේ මේ මොඩලයෙන් නෙවෙයි.මේ රටවල ඕනම විදේශීය භාන්ඩයක් ගන්න තියෙනවා.එහෙ ආනයන සීමා නොකලත් ඩොලරය පහල ගිහින් නැහැ.අපි ආයෙත් සංවුර්ත ආර්ථිකයකට යනවා ඉංදියාව වගෙ.ඉන්දියාවෙ රුපියල ඉහලගියත් මිනිස්සුන්ගෙ ජීවන තත්ත්වය ඉහළ ගිහින් නැහැ.

  7. අපේ රට says:

    නීතිමය බලාදිකාරයට යටත්ව නිසි අදීක්ශ්නය යටතේ කරන්න පුලුවන් නම් රටතුලට විදේශ විනිමය ඉතුරු කරගන්නත් පුලුවන් වේවි…වගා කරනවා නම් රජයේ ආරක්ෂක අංශ යටතේ පමණයි කරන්න ඕනෑ .මේ සඳහා සිරිමා මැතිනියගේ කාලයේ තිබුන “දුම්කොළ නිතිගත සංස්ථාව” නැවත බලගන්වන්න

  8. ඉතිහාසය හදාරන්න..! says:

    සුද්දා ලංකාවට එනකොට මේ රටේ හිටියේ ඉතාමත් ශක්තිමත් මිනිස්සු…
    සුද්දා බැලුවා මොකද්ද ඒකට හේතුව කියල…
    රණවරා බෙලිමල් පොල්පලා අදීන් ගෙන් නිර්මාණය උන 100% ක් ඇගට ගුණ බීම…
    ඒ වගේම ගංජා සහ දියුණු කෘෂි සහ වාරි කර්මාන්තය එයට ප්රධාන හේතුවක් කියල සුද්ද දැක්කා.

    අපේ දේෂීය වාරි කර්මාන්තය විනාශ කරන ගමම්ම අපිට තේ බොන්න හුරු කරපු සුද්දා ගංජා තහනම් කරල අරක්කු බොන්න අපිව හුරු කලා.

    හැබැයි අපේ මිනිස්සු ඒ කාලේ ගංජ පාවිච්චි කලේ දැං කරන විදියට නෙමෙයි.මී පැණි එක්ක වේලලා හොදට.

    කුඩු කරලා පානයක් විදියට තමයි ගංජා කියන දේ පාවිච්චි කලේ.
    ඊට අමතරව මස් උයනකොටත් ඒ කුඩු පාවිච්චි කලා.මේ කතාවට ඉතිහාසය නොදැන හිනා වෙන්ට පෙර ඉතිහාසය හදාරන්න

    ගංජාවලින් ඖෂධ වර්ග නිපදවා අපනයනය කළහොත් මෙරට සියලු අපනයන ද්‍රව්‍යවලට වඩා වැඩි විදේශ විනිමයක් ගංජාවලින් ඖෂධ වර්ග නිපදවා අපනයනය කළහොත් මෙරට සියලු අපනයන ද්‍රව්‍යවලට වඩා වැඩි විදේශ විනිමයක් ඉපයිය හැකියි.!

    අද විෂ සහිත කේරල ගංජා භාවිතා කිරීමට සිදුව ඇත්තේ මෙරට ගංජා තහනමෙන්..!

    ලෝකයේ වෙනත් රටවල නම් විශාල වශයෙන් ගංජා අපනයනය කරන නමුත්..

    බ්‍රිතාන්‍ය අධරාජ්‍යවාදීන්ට විරුද්ධව ශක්තිමත්ව ගැටීම හේතුවෙන් ගංජා බ්‍රිතාන්‍යයන් විසින් සම්පූර්ණයෙන්ම තහනම් කරන ලද බව ද ඉතිහාසයේ ඇත…!

    • narada says:

      Excellent explanation, this is what exactly happened to our great nation, now it is time to put back to the right track.