ගංජා කිලෝ 125ක් පාපැදියකින් ගෙන යද්දී අත්අඩංගුවට..

July 14, 2020 at 2:02 am | lanka C news
ගංජා කිලෝ 125ක් පාපැදියකින් ගෙන යද්දී අත්අඩංගුවට..

යාපනය වරතෝලෙයි ප්‍රදේශයේදී රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝ 124 ග්‍රෑම් 750 ක ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට වඩුක්කොඩ්ඩෙයි පොලීසිය පවසයි.

ඒ අනුව, අද මධ්‍යම රාත්‍රීයේ වඩුක්කෝට්ටේ පොලිස් වසමේ වරතෝලේ මාර්ගයේ දී සිදුකළ වැටලීමකින් අදාල කේරළ ගංජා තොගය පාපැදි දෙකක බැඳගෙන යමින් සිටියදී සැකකරුවන් දෙදෙනෙක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

පා පැදි දෙකෙහි පිටුපස පොහොර මලු දෙකක ගැට ගසා තිබිය දී කේරල ගංජා කිලෝ ග්‍රෑම් 124 යි ග්‍රෑම් 750ක් අත්අඩංගුවට පත්ව ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 37 හා 40 යන වයස්වල පසුවන යාපනය සුළිපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බවටත් ඔවුන් අද දින යාපනය මල්ලාකම් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට පරික්ෂණ සිදු කරන වඩුක්කොඩ්ඩෙයි පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

12 views
Main News