ගංජා තොගයක් මග වැටී තිබියදී අල්ලයි..

October 5, 2019 at 2:02 am | lanka C news
ගංජා තොගයක් මග වැටී තිබියදී අල්ලයි..

යාපනය මනල්කාඩු ප්‍රදේශයේ මාර්ගයක් ආසන්නයේ වැටී තිබූ පාර්සල්යක් පරික්ෂා කිරීමේදී කේරල ගංජා කිලෝ 3 ග්‍රෑම් 900 ක පමාණයක් සොයාගෙන ඇති බවට නාවික හමුදාව පවසයි.

උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් සහ යාපනය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් සිදු කළ සෝදිසි කීරිමකදී සැක කටයුතු පාර්සලයක් මාර්ගයක් ආසන්නයේ වැටී තිබී එය පරික්ෂා කිරීමේදී මෙම කේරළ ගංජා ප්‍රමාණය හමුවී තිබේ.

ආරක්ෂක අංශ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම හේතුවෙන් මෙම කේරළ ගංජා‍ ප්‍රමාණය අතහැර දමා සැකකරුවන් පළා ගොස් ඇති බවට සැක කරන අතර, සොයා ගන්නා ලද කේරළ ගංජා තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා පේදුරුතුඩුව,පොලිසිය වෙත භාර දීමට කටයුතු කළ බවට නාවික හමුදාව වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,599 Viewers
Main News