ගංජා භාවිතය උචිතයි.. ගංජා වගා කිරීම ආරම්බ කරනවා..- රාජිත

March 18, 2018 at 4:40 pm | lanka C news
ගංජා භාවිතය උචිතයි.. ගංජා වගා කිරීම ආරම්බ කරනවා..- රාජිත

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ උතුරු මැද පළාත් ප්‍රාදේශීය කාර්යාලය සහ අලෙවි සැල අනුරාධපුර බැංකු පෙදෙසේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදි.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

“ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව ජනවාරි මාසයේ දී රුපියල් මිලියන 2.5 ක ආදායමක් ලබා තිබෙනවා. ආයුර්වේද නිෂ්පාදන සදහා විශාල ඉල්ලුමක් දේශීයව මෙන්ම විදේශීයව ද පවතිනවා. දේශීය ඖෂධ නිෂ්පාදනය සදහා අවශ්‍ය ඖෂධ පැලෑට් වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අපි කටයුතු යොදා තිබෙනවා.

ආයුර්වේද දෙපාර්තමේන්තුවට අයත් ඔසු උයන් ද වගා කරනවා. අනුරාධපුර සහ පොළොන්නරු දිස්ත්‍රික්ක පුරා ඉඩම් අක්කර 1000 ක පමණ ආයුර්වේද ඖෂධ පැළෑටි වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැළසුම් කර තිබෙනවා. එමගින් ස්වයං රැකියා ද තරුණ තරුණියන්ට ලැබෙනවා.

කෝමාරිකා වගා කිරීම ද මේ අතර සිදු කිරීමටයි සැළසුම් කර ඇත්තේ. කෝමාරිකා අස්වනු නෙළීමට ගත වන්නේ මාස 06 ක කාලයක්. එමගින් විශාල ආදායමක් ලබාගන්න පුළුවන්. 2017 වසරේ දී ලෝකයේ ආයුර්වේද ඖෂධ ඇමරිකානු ඩොලර් බිලියන 26 ක් අලෙවි කර තිබෙනවා. එය වසර 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 100 ඉක්මවනවා.

කංසා වගා කිරීම පිළිබදව අපි අවධානය යොමු කර තිබෙනවා. යුරෝපා රටවල ලොකු ඉල්ලුමක් තිබෙනවා. ස්නායු රෝග සදහා කංසා ඖෂධය උචිත බව වෛද්‍ය මතයයි. කංසා දුම ඉරීම, උචිත නොවූවත් ඖෂධ වශයෙන් භාවිත කිරීම උචිත බව ආයුර්වේදයේ සදහන් වෙනවා. බ්‍ර්තාන්‍ය ජාතිකයින් ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීමට පෙර අපේ රටේ ජනතාව කංසා ඖෂධයක් ලෙස භාවිත කළා. ඇතැම් අය එය පානය කළා. නමුත් බ්‍රිතාන්‍ය ජාතිකයින් දුම්කොළ වගාව ප්‍රචලිත කිරීම සමග කංසා වගා කිරීම තහනම් කළා. එම නීති රීති තමයි අදත් ක්‍රියාත්මක වන්නේ. නමුත් කංසා සදහා විශාල ඉල්ලූමක් පවතිනවා. ආයුර්වේදය සදහා අවශ්‍ය අබිං පවා ඉන්දියාවෙන් ආනයනය කිරීමට සිදුව තිබෙනවා.”

– ප‍්‍රසන්න අධිකාරී

386 views

21 Comments to “ගංජා භාවිතය උචිතයි.. ගංජා වගා කිරීම ආරම්බ කරනවා..- රාජිත”

  1. buruputha says:

    Parajitha alias Ganja hutan

  2. ලොකුඑකා says:

    හරි දෙයක් කිවුවේ ඕක විතරයි. එංගලන්තය ලොකු අදායමක් ගන්නවා ඕකෙන්. තේ වලට වඩා හොදට market කරන්න පුළුවන්. ලංකාවේ පොලොව නියමයි. ගොන්නු ටිකක් කෑ ගහයි. ලෝකය දිහා බැලුවම අනාගත ඕක. දැන් තමයි Medical Research කරන්නේ මේ ගැන

    • Pina says:

      ඔවු ලොකු එකෝ , උඹ හරි .මාත් දන්නව මේ අවුරුදු තුනට එක හොද වැඩක් වත් කරන්න බැරිවුන අපේ ලොක්කන් දැන් වත් එක හොඳ වැඩක් කරන්න හිතාගෙන, ගන්ජා වවන්න. ඕක තමයි අපිට අඩුවකට තිබුනේ. පස්සෙ ගන්ජ වවල , උරල හිරේ ඉන්න එවුන් දැන් වීරයෝ වගේ එලියට දාමු.

  3. Gayantha says:

    Idala idala molai thiyena waidak. Samaharu wali adi habai oka karanna. Issara owa thahanam nai sudda awata passe thamai oka winasa karai ewunge dumkola saha cigerette walata thaina hadanna.

  4. bend to bend says:

    බත් කන රටේ කෘෂිකර්ම ඇමතිවරයා වී වගාව ගැන කථා කරන්නේ නැත​.උන්නැහේ කථා කරන්නේ පිදුරු කන අං තට්ටු ධාරියෙක් ගානටය​.අල,බතල​,මඤ්ඤොක්කා,වී පිට රටින් ගෙන්වා කන එක වගා කර කනවාට වඩා ලාභ බව කියන්නට උන්නැහේ පෙළඹුවේ තවත් පිදුරු කන උපදේශක අං තට්ටු ධාරියෙක් වන්නට බැරි නැත​.සෞඛ්‍ය ඇමති ගංජා වවන්නේ වේදනා නාශකයක් ලෙස භාවිතා කරන්නටද කියා අප දන්නේ නැත​.සෞඛය ක්‍ෂේත්‍රයේ අද දිනයේ දැවෙන එකම ප්‍රශ්ණය ගංජා ඌණතාවය නම් ගෙවත්තේ පමණක් නොව රජ සබයේද ගංජා වවා ඒ දැවෙන ප්‍රශ්ණය අහවර කරගැන්මට අප ඔවුනට උදව් කල යුතුය​.එසේ නොමැතිව කැබිනට් සාමූහිකත්වය පෙරදැරි කර ගෙන කෘෂිකර්ම ඇමතිගේ ඉල්ලුම සපුරා ලන්නට සෞඛ්‍ය ඇමති ගංජා වගාවට සැරසෙන්නේ නම් අපේ සහය ලැබෙන්නේ නැත​.

  5. ගන්ජ බන්ඩි says:

    අගමැටිගෙ ගජ මිතුරන්ට මහ දවල් බැංකු මංකොල්ල කන්න පුලුවන් නම් ගමේ උන්ට ගංජ ටිකක් උරල අාතල් එකක් ගන්න අැමතියගෙ උන් සයිඩ් එකේ ගංජ ටිකක් වික්ක හම මොකක්ද ඒකෙ වැරැද්ද?

  6. D.Nimal says:

    Rajith Senratahan is man who destroy MR ruling alliance. The aim of RS is want destroy whole country. Now he is moving Ganga cultivation for rules poor to get into cannabis through out Island wide?
    He is enemy of whole Sri Lankan irrescapative of political parties and classes in Sri lanaka?
    This is new US agenda of undermined our nation mission undertaken by Rajitha?

  7. Geetha says:

    Amuthuwen ganja ona naha appai puthai denna diha baluwamama ganja karayo wage kochcharawath uthura dakuna maru wela .

  8. ranaweera gunasena says:

    පළපුරුද්දෙන් කියන දේවල් .කැබිනට් මාද්‍ය හමුවට එන්නෙත් උගුරක් ඇදල .

  9. daminda says:

    POHORA SAHANAADARETH DEMU………….MATHATA THITHA

Main News