ගංජා වගාව නීතිගත කරනවා..- ඇමති

August 19, 2020 at 1:20 pm | lanka C news
ගංජා වගාව නීතිගත කරනවා..- ඇමති

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමිටව්ගේ ඉල්ලීමද සැලකිල්ලට ගෙන රටේ කංසා වගාව නීත්‍යානුකූල කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අැමති සිසිර ජයකොඩි මහතා සඳහන් කරයි.

බෙංගමුවේ නාලක හිමියන් රටට ඉතාම ආදරේ කරන නිදහස් ජාතික සටනක් ආරම්භ කළ ස්වාමීන් වහන්සේ නමක් බවත් එනිසා ඒ හිමියන්ගේ සහ තවත් විද්වතුන්ගේ අදහස් සැලකිල්ලට ගෙන එම යෝජනා කරන ක්‍රමවේදය රට තුළ ස්ථාපිත කරන බව ද ඔහු පැවසීය.

පළමුකොටම දේශීය වෙදකමට අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය මෙරට පුරම නිෂ්පාදනය කිරීමට වැඩ පිළිවෙලක් ආරම්භ කරන බවත් එහිදී ග්‍රාමීය ජනතාවට ආදායම ලැබෙන ලෙස කටයුතු කරන බවත් ඇමතිවරයා කියා සිටියේය.

46,645 views

26 Comments to “ගංජා වගාව නීතිගත කරනවා..- ඇමති”

  1. Love nature says:

    පුරාණ ආයුර්වේද වෛද්‍ය විද්‍යාෙව් ගංජා බෙහෙතක් ලෙස දක්වා ඇති නමුදු බෙහෙතක් ලෙස ගැනීමේදී යම් යම් සීමාවන්ට යටත් වී එය ඔසුවක් ලෙසම භාවිත කළ යුතුය. නියමිත අනුපාතයට වෙනත් ඔසු හා මුසු කොට වෛද්‍ය උපදෙස් අනුව බෙහෙත් සෑදීමට ගන්නා බව සැබවි. එහෙත් හිතුමනාපයේ ගංජා ඉරීම කිසිසේත්ම ඖෂධීය භාවිතයක් ලෙස දැක්විය නොහැක.

  2. Love nature says:

    කංසා මිනිස්‌සුන්ට හම්බ වුණේ මීට අවුරුදු 12,000 කට පමණ කලින් චීනයේ අල්තායි කඳුවැටියේ ගංගා නිම්නවලදී. කංසා මිනිසුන්ට හම්බ වුණාට පස්‌සේ ඒක මුළු ලෝකය පුරාම ව්‍යාප්ත වුණා. ඉන්දියාවෙ, පර්සියාවේ, අරාබියේ, රෝමයේ, ගී්‍රසියේ ආදී විවිධ ප්‍රදේශ වලත් අපිට කංසා පිළිබඳ තොරතුරු හම්බවෙනව. ඇත්තෙන්ම ලෝකයේ කෘෂිකර්මය ආරම්භ වෙන්නෙ කංසා වලින්. කංසා කියන්නෙ චීනෙ තිබ්බ ප්‍රධාන බෝග 5 න් එකක්‌. ඉන්දියාවෙ තිබ්බ ප්‍රධාන බෝග 3 න් එකක්‌.හුඟ දෙනෙක්‌ හිතන්නෙ කංසා කියන්නෙ භයානක මත් ද්‍රව්‍යයක්‌ පමණක්‌ බවයි. කංසා ඇට වලින් තෙල් හා පිටි හදන්න පුළුවන්. කඳේ පොත්තෙන් නූල්, ලණු, කඹ, රෙදි, කැන්වස්‌, හෙම්ප්, ප්ලාස්‌ටික්‌ හදන්න පුළුවන්. අරටුවෙන් කඩදාසි, චීප් බෝඩ් වර්ගයේ ලෑලි, කොම්පෝස්‌ට්‌ පොහොර, ගොඩනැඟිලි කර්මාන්තයේ වැලිවලට ආදේශකයක්‌ හැටියට ගන්න පුළුවන්. කංසා මුල් හොඳ ඖෂධයක්‌. මල් පිපුණු කරටි වල ඇති මැලියම් වලින් ඖෂධ, චරස්‌, මල් හා පත්‍ර වලින්, , බීම වර්ග හා ආහාර ලෙස ගන්න පුළුවන්. ඒ වගේම ගංජාවලට පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාවක්‌ තියෙනවා. කංසා ශාකයෙන් අද ලෝකය මුහුණ දෙන ප්‍රශ්න ගොඩකට උත්තර ලැබෙනව.

  3. ඔව්..ඔව්....බඩූ ගෑහිල්ත්. නීතියානූකූලව කරමූ. says:

    බඩූ ගැහීල්ලත් නීතීයානූ කරල අම්මවත් විකූණමූ. සලිලි ලෑබෙනව නම් පූරන්වෙන්න දෙන්න නම් එපෝ.

    • මේ මනුස්සයා දන්නඑකම දේ තමයි මේ කියලා තියෙන්නේ….

      පව් ඉතින්….හරකා කියලා මසට විකුනන්නත් බෑ…

    • පෙති ජෝන් says:

      උඹේ අම්මනම් කොහොමත් පුරන් වෙන එකක් නෑ, උන්දෑ දවස ගානෙ සේල් වෙනවනෙ.

  4. Mahesh KSA says:

    ගංජා කියන්නේ අපේ රජදරුවන්ගේ කලේ ඉඳල බාවිතා කරන ලද මහගු ඔසුවක් ! මේක මත්ද්රවයක් ලෙස තහනම් කිරීමේ ඉතිහාසය බැලුවහොත් එක පිටිපස්සේ පහේදිලිවම හිටියේ බටහිර මිනිස්සු ! එත් අද මොකද වේලා තියෙන්නේ ? බටහිර මිනිස්සු ගංජා වලින් විවිද නිෂ්පාදන හදුන්වාදෙමින් එය ප්‍රචලිත කරනවා . අපේ මිනිස්සු තාමත් අර දුපත් මානසිකත්වය කරපින්නාගෙන දගලනවා .

  5. Think Tank says:

    It is a great idea if it is cultivated under state supervision mainly for the export market.
    This plant can be grown easily in our country due to the tropical climate in most part of the island where as in Europe they cant grow it except in green houses.

  6. ගංජා කියන්නේ මහගු ඔසුවක්.... ! says:

    ගංජා කියන්නේ අපේ රජදරුවන්ගේ කලේ මහගු ඔසුවක්…. !

    බටහිර මිනිස්සු ගංජා වලින් විවිද නිෂ්පාදන හදුන්වාදෙමින් එය ප්‍රචලිත කරනවා……….!

    අපේ මිනිස්සු තාමත් අර දුපත් මානසිකත්වය කරපින්නාගෙන දගලනවා…! .

Main News