ගංජා වවලා රට පැටෙවුවොත් සර් ෆේල් නෑ.. අපි සහාය දුන්නේ ඒකටයි..- ඩයනා ගමගේ

November 20, 2020 at 10:30 pm | lanka C news
ගංජා වවලා රට පැටෙවුවොත් සර් ෆේල් නෑ.. අපි සහාය දුන්නේ ඒකටයි..- ඩයනා ගමගේ

කංසා මෙරට තුළ අපනයන මට්ටමින් ඖෂධයක් ලෙස වගා කර එම ආදායමෙන් ණය බරින් නිදහස් වන ලෙස රජයට යෝජනා කරන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය.

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන ඇය මේ වන විට රජයට සහාය දක්වමින් සිටී.

ඇය පෙන්වා දෙන්නේ නැහැ ‘සර් ෆේල්.. සර් ෆේල්’ යයි හැමදාම නොකියා කංසා වගා කර ණය බරින් නිදහස් වීමට කටයුතු කළ යුතු බවයි.

විසිවන සංශෝධනය සම්මත කිරීමට සහාය දී සර්ට බලය ගෙනත් දුන්නේ ඒ සඳහා යයිද ඇය කියා සිටියාය.

කෙසේ නමුත් කංසා වගා කළ යුත්තේ ‍රාජ්‍ය මැදිහත්වීමෙන් වෛද්‍ය විද්‍යාත්මක භාවිතය සඳහා පමණක් බවත් ආර්ථිකය ශක්තිමත් කිරීමට එය සිදු කල යුතු බවත් ඇය කියා සිටියාය.

පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් ඇය මෙම අදහස් පල කරන ලදී.

49,018 views

37 Comments to “ගංජා වවලා රට පැටෙවුවොත් සර් ෆේල් නෑ.. අපි සහාය දුන්නේ ඒකටයි..- ඩයනා ගමගේ”

  1. දේශප්‍රේමී says:

    මේ බුදුන්ගේ දේශයක් කියලා මුලු ලෝකයම පිලිගන්නවා එතකොට නේද උපාසක නෝනා..😝

    • සමනලයා says:

      බුදුන්ගේ දේශයේ බෙහෙත් පැලෑටියක් වවලා එයින් ආදායමක් ගන්න බැරිද? හැම දේටම බුදුන්ගේ දේශය කියන්න එපා. ලංකාවට වඩා බුදුදහම විශේෂයෙන් තේරවාද බුදුසමය තියෙන තායිලන්තය බලන්න. අපේ රටේ කාලෙන්.කාලෙට බුදු සමය නැතිවී ගියේ මේ වගේ මන්ධ බුද්ධික පිරිස් නිසා. සියම් නිකාය ආරම්භ වුනේ තායිලන්තයෙන් උපසම්පදාව ගෙනත්, අමරපුර, රාමාඤ්ඤ නිකාය ආරම්භ වුනේ බුරුමයෙන් උපසම්පදාව ගෙනත්. මෙයින්ම පේනවා නේද ලංකාව බුදුන්ගේ දේශය කිය කියා ඉදලා අන්තිමට මේ රටේ උපසම්පදාවත් ගේන්න වුනේ වෙනත් රටවලින් කියලා. බුදු දහම තුල නීති නැත. සෑම දෙයක්ම සිහිනුවනින් බලා අවබෝධයෙන් කටයුතු කරන්න කියලා. ගංජා දෙස මත්ද්‍රව්‍යයක් ලෙස නොබලා බෙහෙතක් ලෙස බලන්න. පොපි මල් දිනය ලොව වඩා සමරනවා නමුත් එහි ඇට මත්ද්‍රව්‍යයක් කියලා තහනම්… දුම්කොළත් එහෙනම් තහනම් කරන්න ඕනේ. සුද්දා හදපු තහනමක් බුදු දහමට ඈදා ගන්න එපා..

  2. vis8 says:

    Well said!! Marijuana is an amazing medicinal product. Pharmaceutical companies do not want this to be legalized. They will lose a lot of money since marijuana can be used for epilipsy, diabetes and even to slow the progress of cancer. Great initiative. Most states in America have legalized recreational marijuana. Sri Lanka will only benefit from this. Forget those who are caught in the stigma of the term ‘drugs’ 🙂

  3. vis8 says:

    Well said!! Marijuana is an amazing medicinal product. Pharmaceutical companies do not want this to be legalized. They will lose a lot of money since marijuana can be used for epilipsy, diabetes and even to slow the progress of cancer. Great initiative. Most states in America have legalized recreational marijuana. Sri Lanka will only benefit from this. Forget those who are caught in the stigma of the term ‘drugs’ 🙂

    Glaucoma sufferers: CBD and THC

  4. prasantha says:

    yes, good idea. but what happened to the money saved from war. further i propose to legalise porn industry which we can earn USD without any cost. this will boost the economy.

  5. MD says:

    අද තරුණ පරපුර වනසන මත්ද්‍රව්‍ය නිශ්පාදනය කරන්න අවශ්‍ය මල් වර්ග වවන රටකට අපේ සාපය යනවා වගේ අපටත් ඕවා යවල සාප නොලැබෙන විධියට කටයුතු නොවන්න වග බලාගත යුතුයි.අදහස හොඳයි කර්මය තේරුම් ගෙන වැඩ කරන්නයි අවශ්‍ය වන්නේ.

  6. නිලන්ත says:

    හරි පාලනයක් නැති ලංකාවෙ ගංජා, ගණිකා මොන දේ විකුණුවත් fail.

  7. Ashan says:

    Athatama hoda adahasak.. thanks Diana..loke godak rataval Kansas thahanama ivath karanava..meya anivaryan Kala uthuii

  8. තණමල්විල කොල්ලා says:

    ගංජාවල රඟේ ඩයනත් දන්නව එහෙනං.
    මෙිවගේ තව කාන්තාවො කීපදෙනෙක් පාර්ලිමේන්තුවට පත්කළොත් මසුරං. එචිචරයි අඩුවකට තිබිබෙ.
    අපිගැන කතාකරන ඩයනාට අපේ මනාපය.

  9. Upali says:

    MEY GENIGE SANSKRUTHIKA THRIKONAYE ‘ GANJA ‘ DA ?

  10. ක්‍රිමිනල් says:

    ගංජා ගහලා කරපු කතාවක් හින්දා එ තරං ගනං ගන්න ඔනේ නෑ ! මුදලට විකිනෙන කාන්තාවකගේ යොජනා නිකං අර නරියා ,කුක්ක්ලුන්ට දුන්න අවවාද ,අනුශාශණා වගේ තමයි..😂😂😂

Leave a Comment

Main News