ගංවතුරට හසුව මරණාසන්නව සිටි ගවයින් 500කට ආසන්න ප්‍රමාණයක් යුද හමුදාවෙන් බේරා ගනී…

December 8, 2020 at 5:30 pm | lanka C news
ගංවතුරට හසුව මරණාසන්නව සිටි ගවයින් 500කට ආසන්න ප්‍රමාණයක් යුද හමුදාවෙන් බේරා ගනී…

මන්නාරම පෙරියමඩු ප්‍රදේශයේ පැවති දැඩි ගංවතුර තත්වයකට හසුව මරණාසන්නව සිටි ගවයින් 413 දෙනෙකු යුද හමුදාව විසින් බේරා ගැනීමට සමත්ව වූ අතර ගවයින් 12 දෙනෙකු සැඩ වතුරට ගසාගෙන ගොස් සිටිදී මළ සිරුරු හමු වූ බවට යන්නි ආරක්ෂක සේනා මූලස්ථානය පවසයි.

අදාල ගවයින් පෙරියමඩු ප්‍රදේශයේ අතුරුදහන්ව ඇති බවට ගවයින්ගේ හිමිකරුවන් විසින් යුදහමුදාවට දැනුම් දීමෙන් පසව එම අවස්ථාවේදීම ක්‍රියාත්මක වූ යුද හමුදා සෙබලුන් විසින් බොට්ටු යොදා ගනිමින් අතරමංව සිටි ගවයින් බේරාගෙන හිමිකරුවන්ට ඊයේ (07) දින භාර දීමට පියවර ගෙන තිබුණි.

පෙරියමඩු වැව පිටාර ගැලීම හා අධික වර්ෂාව හේතුවෙන් පෙරියමඩු ප්‍රදේශයේ එකවරම ජලමට්ටම ඉහල ගොස් ගංවතුර තත්වයක් ඇතිවීමෙන් මෙලෙස ගවයින් අතරමංව සිටි අතර අතරමංව සිටි ගවයින්ගෙන් ගවයින් 12 දෙනෙකු ජලපහරට ගසාගෙන ගොස් මිය ගොස් සිටියදී මළ සිරුරු සොයා හිමිකරුවන්ට භාරදීමටද යුද හමුදාව කටයුතු යොදන ලදි.

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ උපදෙස් පරිදි 65 වන සේනංකාධිපති මේජර් ජෙනරල් ටිකිරි දිසානයකගේ අධීක්ෂණයෙන් , 652 සහ 653 බලසේනාවන්හි බලසේනාධිපතිවරුන් වූ බ්‍රිෙග්ඩියර් සංක ජයමහා සහ බ්‍රිෙග්ඩියර් උදය හේරත් යන අයගේ නායකත්වයෙන් 23 වන පාබල හමුදාවේ සහ 23 ගජබා රෙජිමෙන්තුවේ සෙබලුන් විසින් මෙම මහගු කාර්යට දායක වී ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

15,267 views

5 Comments to “ගංවතුරට හසුව මරණාසන්නව සිටි ගවයින් 500කට ආසන්න ප්‍රමාණයක් යුද හමුදාවෙන් බේරා ගනී…”

  1. කැප්පෙටිපොළ says:

    This massage for all world.honesty is the best policy should be changed as patience is the best policy.

  2. ක්‍රිමිනල් says:

    එල ආ…… රතු තරුවෙන් ආවොත් ගව මුත්‍ර එකතු කරගන්න පුලුවන්ද?

    • GU-VP SAKKILI API says:

      එල ආ…… රතු තරුවෙ, Brothers lata yeka harak tama denna ona , yeka BOMBA NANA LATA tama harak ona
      Yeka URATA kemati neee, Horentama Uru Mas Kanawa. Yeka oda

      EBRHIM NANA

  3. ගොන් බයියා says:

    අනේ අපේ සහෝදරයෝ මරනින් බේරගෙන. තැන්කිව්

  4. sena says:

    දැන් ඉතිං හම්බයො ටික පොලොවෙ පස්කයි

Main News