ගංවතුරින් මිනිසුන් බේරාගත් යුද හමුදාවට තවත් බර වැඩක් පැවරෙයි..

December 27, 2018 at 5:30 pm | lanka C news
ගංවතුරින් මිනිසුන් බේරාගත් යුද හමුදාවට තවත් බර වැඩක් පැවරෙයි..

මුලතිව් දිස්ත්‍රීක්කයට බලපෑ අධික ගංවතුර තත්වය හේතුවෙන් කැඩී ගිය මුලතිව් උදයාර්කට්ටුකුලම් වැවේ වාන යුද හමුදා සෙබලුන් විසින් පිලිසකර කිරීම අද (27) දිනයේදීද සිදුකරමින් සිටිති.

මේ අනුව වර්ෂාව හා ගංවතුර හෙතුවෙන් මුලතිව්හි කැඩී ගිය කයිවේලි මරඳමඩු වැව, සින්නසම්බාල්කුලම් වැව, කල්ලුකුලම් වැව ඇතුලු කුඩා වැව් කිහිපයක් නැවත පිලිසකර කිරීමේ කටයුතු යුද හමුදාව විසින් මේ දිනවල සිදුකරමින් සිටිති.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දුෂ්‍යන්ත රාජගුරු මහතාගේ පූර්ණ අධීක්ෂණයන් යටතේ 68 වන සේනාංකයට අයත් බලසේනාවන් විසින් කැඩී ගිය වැව් පිලිසකර කිරීම ආරම්භ කොට ඇත.

ලවිතන ගංවතුර හේතුවෙන් මේ වන විටත් මුලතිව් දිස්ත්‍රීක්කයේ  ඔඩ්ඩුසුඩාන්, පුදුකුඩිඉරිප්පු,  තුනුක්කායි, මැරටියන්පත්තු, මාන්තෙයි නැගෙනහිර, වැලිඔය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි පවුල් 8282 කට අයත් පුද්ගලයින් 26,815 දෙනෙකු විපතට පත්ව ඇති අතර පූරණ නිවාස හානි 85ක් හා අර්ධ නිවාස හානි 1754ක් වාර්ථා වී ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

15,514 Viewers

4 Comments to “ගංවතුරින් මිනිසුන් බේරාගත් යුද හමුදාවට තවත් බර වැඩක් පැවරෙයි..”

  1. sunil attanayaka says:

    unta ithin mona de kalath kisi kele gunayak naha …TNA eke ewun paththa palathaka naha un illanne rate bagayak witharaui…..me demellunta thaama loku unwa witharayi…..

  2. sakalabujan says:

    Mokatada Army eka oya taram mahansi wenne…Demalu tikak merila ghihn TNA eke unta terenna arinna..

  3. Dayani says:

    What ever the Army does, I wonder if these Tamil people are appreciating what they are doing really or not.!!! So difficult to understand their real feelings, because there were lot of demonstrations in Mulativ area, to find missing people.!!
    On top of that, Tamil politicians talking about discrimination and racism, LTTE in exile, always shedding crocodile tears and misleading whole world, are very quiet without doing anything to save their own people.!!!
    What a shame????

  4. analyst says:

    sambandan tama kiyanna oya vada tika karanna

Main News