ගංවතුරින් හානි වු එක් පුද්ගලයකුට රුපියල් 2808යි… ජනපතිට, අගමැතිට කාර් ගන්න ඊට වැඩියි.. UN වාර්තා මෙන්න..
November 29, 2016 at 11:20 am | lanka C news
පසුගිය මැයි මස දිවයිනේ ඇති වූ ගංවතුරින් ප්‍රදේශ ගණනාවක විශාල හානි සිදු වූ විය. මේ නිසා කොලොන්නාව, කඩුවෙල, බියගම, කැළණිය, අවිස්සාවේල්ල, හෝමාගම යන ප්‍රදේශ ඇතුළු දිවයිනේ ප්‍රදේශ ගණනාවක්ම ජන ජීවිතයට හානි විය.
එම අවස්ථාවේ ගංවතුරින් පිඩාවට පත් අසරණ ජනතාව බැලිමට රටේ බලධාරීන් තරගයට මෙන් ගියහ. රටේ ජනතාව රූපවාහිනි නාලිකාවල මග පෙන්වීම සහ දායකත්වය මත හැකි පමණින් පිඩාවට පත් අසරණ ජනතාව උදව් උපකාර කලහ.
රජය ඉල්ලා සිටියේ මෙම විශාල ගංවතුර රටේ ජනතාවගෙන් 301,602 දෙනෙකුට බලපා ඇති බවත් හැකි පමණින් විදේශ මිත්‍ර රටවලින් ආධාර ලබාදෙන ලෙසත්ය. ඒ අනුව නොයෙකුත් රටවලින් අධාර උපකාර මේ රජයට නොඅඩුව ලැබුණි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් 2016 මැයි මස 26 දින නිකුත් කල වාර්තාව අනුවද මෙය සනාථ වේ. එම වාර්තාව අනුව හාහි සිදු වූ ප්‍රමාණය 301,602ක්, 104 දෙනෙකු මියගොස් 99 දෙනෙකු අතුරුදහන් වී ඇත.
රජය විසින් පසුගිය ඔක්තෝබර් 4 වෙනිදා අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කොට අනුමැතිය ලබාගත්තේ ගංවතුරින් හානි වූ පුද්ගලයින්ට සහ දේපළ සඳහා වන්දි ගෙවිමටයි. ගංවතුර නිසා හානි වූ 301,602 දෙනෙකුට වන්දි සඳහා රුපියල් මිලියන 847 ක් අමාත්‍ය මණ්ඩල විසින් අනුමත කලහ.
ඒ අනුව මිලියන 847ක මුදල පීඩාවට පත් 301,602ක් අතර බෙදු විට එක් පුද්ගලයකු සඳහා රුපියල් 2808 කි. ඒ අනුව මෙතරම් විශාල හානියක් සිදු වී තම ගෙවල් දොරවල් විනාශ වී තම ඇදිවත පමණක් ඉතුරු වූ අසරණ ජනතාවට දින දෙකක කම්කරුවකුගේ වැටුප වැනි මුදලකින් මිලදී ගැනීමට හැකියාව ඇත්තේ සිමෙන්ති එක කොට්ටයකුත් ගඩොල් කැට දහයකුත් වැලි තාච්චියකුත් දින බාගයක් සඳහා මේසන් බාස් කෙනෙකු සඳහා වැටුප් පමණයි.
එසේ තිබියදී පසුගිය අයවැයෙන් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාගේ පාවිච්චියට වාහන මිලදී ගැනීමට පමණක් මේ මුදලට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් වෙන් කොට ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තාව මෙතනින්
එහෙම තමයි යහපාලන ප්‍රතිපත්තිය. හැන්ද ඇති එකා තමන්ට ඕන ව්දියට බෙදා ගන්නවා.
ඒ වුනාට ගංවතුරට යටවුනු බියගම බියර් කොම්පැනියට සහනාධාරය ප්‍රකෝටි ගණනක්. අනුග්‍රහය මතට තිත තිය සැදැහැවත් බදු ගෙවන්නෝ.
ගංවතුර, නායයාම් සහ කොස්ගම හමුදා කදවුර පිපිරවීම අස්සේ ජනතාව නොදන්නා “ජාත්‍යන්තර සම්මුතියක්” නීතිගත වූ ආකාරය…
2016.05.18 හෝ ආසන්න දිනකලංකාවේ බොහෝ පළාත්වල ගංවතුර, නායයාම් ආදී ව්‍යසන සිදු වුණද 2015 අංක 13 දරන ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ පනත අනුව නීතිය ක්‍රියාත්මක නො කරන ලදී. නොයෙක් රාජ්‍ය නොවන සංවිධාන සහ විවිධ පුද්ගලයන් විසින් තමන්ට සිතෙන ආකාරයට ක්‍රියා කළ අතර, නීතියට අනුව සිදු කළ යුතු මූලික පියවර වන “ව්‍යසන තත්ත්වය” ප්‍රකාශ නො කරන ලදී.
http://www.sinhala.lnwtoday.com/archives/12882
මෙච්චර සෙල්ලමක් දාල කියල අපි දන්නෙ නෑනේ…
කවුරු ආවත් ඔහොම තමයි.දේශපාලකයෝ (හොරා කන උන් ට ) දිට්ට ධම්ම වේදනීය ක්‍රමය තමයි පළදින්න ඕනේ ,එක තමයි මගේ පැතුම .
‘කවුරු ආවත් ඔහොම තමයි’ කියලම කියන්න බෑ. කොයි රටේද මේවගෙ මහ බැංකුව මංකොල්ල කෑවෙ. නිකං මේකපටි ආන්ඩුවට සුදු හුනු ගාන්න එපා හලෝ