ගංවතුරෙන් උතුරේ වැසියන් 86,000ක් විපතේ.. මරණ දෙකක්..

December 26, 2018 at 5:30 pm | lanka C news
ගංවතුරෙන් උතුරේ වැසියන් 86,000ක් විපතේ.. මරණ දෙකක්..

අයහපත් කාලගුණය හේතුවෙන් උතුරු ප්‍රදේශයට බලපෑ ගංවතුර තත්වය නිසා පවුල් 27,656 කට අයත් පුද්ගලයින් 86,695 දෙනෙකු විපතට පත්ව ඇති අතර පූර්ණ නිවාසද 86 ක් විනාශ වී ඇති අතර අර්ධ වශයෙන් නිවාස 1308කට හානි අද (26) වන විට සිදුව ඇති බවට ජාතික ආපාදාකලමනාකරන ඒකකයේ වාර්ථා අනුව පෙන්වා දෙයි.

මේ අනුව විපතට පත් වැසියන්ගෙන් පවුල් 2686 කට අයත් පුද්ගලයින් 8693 දෙනෙකු ආරක්ෂිත කඳවුරු 25 ක රඳවා සිටින බවටද යාපනය මරදන්කේනි ප්‍රදේශයේ සහ කිලිනොච්චිය කණ්ඩාවලෙයි ප්‍රදේශයන්හි මරණ දෙකක් වාර්ථා වී ඇති බවට ආපදා කලමනාකරන ඒකකය විසින් පෙන්වා දෙයි.

මේ අනුව වැඩිම පිරිසක් විපතට පත්ව ඇත්තේ කිලිනොච්චිය දිස්ත්‍රීක්කය වන අතර එහි කරච්චි, කණ්ඩාවලෙයි සහ පච්චිලෙයිපල්ලි යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි පවුල් 15,198 කට අයත් පුද්ගලයින් 47,578 දෙනෙකු විපතට පත්ව ඇති අතර එහිදී නිවාස පූර්ණ 25ක් සහ අර්ධ නිවාස 505 කට හානි සිදුව ඇත.

උතුරු පලාතෙන් දෙවනුව වැඩිම පිරිසක් විපතට පත්ව ඇත්තේ මුලතිව් දිස්ත්‍රීක්කයේ වන අතර එහිදී ඔඩ්ඩුසුඩාන්, පුදුකුඩිඉරිප්පු, තුනුක්කායි, මැරටියන්පත්තු, මාන්තෙයි නැගෙනහිර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි පවුල් 8025 කට අයත් පුද්ගලයින් 25,889 දෙනෙකු විපතට පත්ව ඇති අතර පූරණ නිවාස හානි 65ක් හා අර්ධ නිවාස හානි 801 වාර්ථා වී ඇත.

අනතරුව මන්නාරම් නගරයේ සහ නානාට්ටාන් ප්‍රදේශයන්හි පවුල් 27 කට අයත් පුද්ගලයින් 85 දෙනෙකුද වව්නියාව දිස්ත්‍රීක්කයේ පවුල් 149 කට අයත් පුද්ගලයින් 501 දෙනෙකුද යාපනය දිස්ත්‍රීක්කයේ මරදන්කේනි ප්‍රදේශයේ 4257 කට අයත් පුද්ගලයින් 12,642 දෙනෙකුද විපතට පත්ව ඇති බවට ආපදාකලමනාකරන ඒකකය විසින් පෙනවා දෙයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

35 views

3 Comments to “ගංවතුරෙන් උතුරේ වැසියන් 86,000ක් විපතේ.. මරණ දෙකක්..”

  1. Spirit says:

    දකුණු ඉන්දියාවෙන් විසා නැතුව අපේ රටට ආපු සක්කිලි කල්ලතොනිත් මේ 86.000 අයත්ද ?

  2. JOHN says:

    සර්වබලධාරී දෙවියන්වහන්සේගේ දඩුවම …..මිනීමරු LTTE ත්‍රස්තවාදීන් සැමරීමේ විපාකය ඊළම හදාගනිව් ඉන්දියාවේ
    පලයව් ආපු රටට දකුණු ඉන්දියාවටම … අපට පව් නොදී

  3. LION says:

    දැන්වත් උතුරේ දෙමළජනයා දැනගත යුතුයි තමන් ඉන්දියානුවන් නොවේ ශ්‍රී ලාන්කිකයන් බව

Main News