ගංවතුරෙන් උතුරේ 64,000 ක් විපතේ.. අවතැන් කඳවුරු 56 ක් පිහිටුවයි..

December 9, 2019 at 8:02 am | lanka C news
ගංවතුරෙන් උතුරේ 64,000 ක් විපතේ.. අවතැන් කඳවුරු 56 ක් පිහිටුවයි..

උතුරු පලාතට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවූ ධාරාණිපතා වර්ෂාව හා ජල ගැලීම් වලින් මේ වන විය සාමාන්‍ය වැසියන් පවුල් 19,831 කට අයත් පුද්ගලයින් 64,448 දෙනෙකු විපතට පත්ව ඇති බවට ජාතික ආපදාකලමණාකරන මධ්‍යස්ථානය පවසයි.

එහිදී විපතට පත් ජනතාවගෙන් පවුල් 2611 කට අයත් පුද්ගලයින් 8478 දෙනෙකු උතුරේ දිස්ත්‍රීක්ක පහේ පිහිටුවා ඇති ආරක්ෂිත කඳවුරු 56 ක රඳවා ඇති අතර වර්ෂාපතනය හා ජල ගැලීම් හේතුවෙන් නිවාස අර්ධ හානි 319 ක් හා පූර්ණ හානි 6ක් වාර්ථා වෙයි.

උතුරේ වැඩිම පිරිසක් විපතට පත්ව ඇත්තේ මුලතිව් දිස්ත්‍රීක්කයේ වන අතර එය පවුල් 9297 කට අයත් පුද්ගලයින් 30,020 දෙනෙකු විපතට පත්ව ඇති අතර විපතට පත් ජනතාව ආරක්ෂිත කඳවුරු වෙතට රැගෙන ඒම හා සහන සැලසීමට මුලතිව් දිසාපතිනිය රූපවතී කේදීස්වරන් මහත්මියගේ අධීක්ෂණයෙන් ආපදාකලමනාකරන නිලධාරින් හා මුලතිව් ආරක්ෂ සේනා ආඥාපති මේජර් ජෙනරල්ජයන්ත සෙනවිරත්න මහතාගේ උපදෙස් පරිදි යුද හමුදා සෙබලුන් විසින් දායකත්වය ලබා දෙයි.

එමෙන්ම කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ පවුල් 7225 කට අයත් පුද්ගලයින් 23,344 දෙනෙකු විපතට පත්ව ඇති අතර විපතට පත් ජනතාව වෙනුවෙන් කිලිනොච්චිය දිසාපති සුන්දරම් අරුමෙයිනායගම් මහතාගේ අධික්ෂණයෙන් ආපදාකලමනාකරන නිලධාරීන් හා කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මෙජර් ජෙනරල් විජිත රවිප්‍රිය මහතාගේ උපදෙස් පරිදි යුද හමුදාව දිවා රාත්‍රී සේවයේ යොදවා ඇත.

ඊට අමතරව යාපනය දිස්ත්‍රීක්කයේ පවුල් 1858 කට අයත් පුද්ගලයින් 6298 ක්ද මන්නාරම් දිස්ත්‍රීක්කයේ පවුල් 1051 කට අයත් පුද්ගලයින් 3478 ක්ද වවුනියාව දිස්ත්‍රීක්කයේ පවුල් 400 කට අයත් පුද්ගලයින් 1308 ක්ද විපතට පත්ව ඇති බවට ආපදාකලමනාකරන කාර්යාල මගින් පෙනවා දෙයි.

වැඩිම පිරිසක් විපතට පත්ව ඇත්තේ ප්‍රදේයන්හි පිහිටි වැව් වාන්දැමීම හේතුවෙන් වන අතර පහත්බිම් වල ජනතාවට අවධානයෙන් සිටින ලෙසටද දැනුම් දී ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

4,968 Viewers

2 Comments to “ගංවතුරෙන් උතුරේ 64,000 ක් විපතේ.. අවතැන් කඳවුරු 56 ක් පිහිටුවයි..”

  1. Kotalawala says:

    ජාත්‍යන්තර නඩයට ඔන්න වෙලාව..

  2. Cosmic ray says:

    උතුරේ වැසියන් පිලිබඳ කිඹුල් කඳුළු හෙලන ඩයස්පෝරාව, විග්නේශ්වරන්, ස්වාජිලිංගම්, සුමන්තිරන් සම්පන්තන් ඇතුළු T N A නඩය විපතට පත් දමිල ජනතාවට ලබා දෙන සහන ගැන විමසිල්ලෙන් බලා සිටින්නෙමු.

Main News