ගංවතුර අස්සේත් ගුවන්සේවා අධිකාරිය ලක්ෂ ගණන් ගෙවා මාකර්ටිං…
June 1, 2017 at 5:30 pm | lanka C news
ගුවන්සේවා අධිකාරියේ සේවකයින් කිහිප දෙනකු ගංවතුරින් දැඩි ලෙස ආපදාවට ලක්ව සිටියද ඒ පිළිබඳ තුට්ටුවක හෝ තැකීමක් නොදක්වා ඇති අධිකාරියේ පරිපාලනය රූපවාහිණී වැඩසටහන් වලට මූණ දමා ගැනීමේ අරමුණින් රුපියල් ලක්ෂ 03ක මුදලක් ලබාදී ඇති බව වාර්තා වෙයි.
රූපවාහිණී වැඩසටහන් වලට මූණ පෙන්වීමට ඉතා කැමැත්තක් දක්වන ගුවන්සේවා අධිකාරියේ පරිපාලකයින් මුදල් පරිත්‍යාග කොට ඇත්තේ අසරණ ජනතාව වෙනුවෙන් වූ කැක්කුමකින් නොවන අතර එය හුදු පුද්ගලික ප්‍රවර්ධන වැඩසටහන් වෙනුවෙන් කරන ලද්දක් යයිද සේවකයින් කියති.
කිසිදු රූපවාහිණී මාධ්‍යකින් ඇරයුම් නොලැබෙන නිසා මෙසේ මහජන මුදල් යොදා ගනිමින් බින්දුවටම වැටී ඇති ප්‍රතිරූපය යන්තම් හෝ ගොඩනගාගැනීමට උත්සාහ දරන බව අධිකාරී සේවකයින් පවසයි.