ගංවතුර ආපදාවේ ක්‍රෙඩිට් එක හමුදාවට හා පුදගලික මාධ්‍යවලට යනවා කියා ආණ්ඩුවේ මැදිහත් වීම පෙන්වන්න ආපදා ඇමතිවරු 24ක්..
June 2, 2017 at 3:33 am | lanka C news
රටේ ඇතිවි තිබෙන ගංවතුර හා නාය යෑම් නිසා විශාල ජනතාවක් පිඩාවට පත්ව ඇති අවස්ථාවක ආණ්ඩුවේ දේශපාලන මැදිහත් වීමක් පෙන්නුම් නොකෙරෙන බවත් ත්‍රිවිධ හමුදාවේ සහ පුද්ගලික මාධ්‍යයන්හි මැදිහත් වීම ප්රවෘත්ති හරහා විකාශනය වීම මේ ආණ්ඩුවට අවාසි බව ආණ්ඩුවේ ඉහල කවයක සාකච්චා වී ඇතැයි වාර්තා පල වෙයි.
ඊට වහාම පිලියමක් ලෙස විපතට පත් දිස්ත්‍රික් 8 ආවරණය වන පරිදි අමාත්‍යවරුන් 24 දෙනෙකු විසින් පත් කර ඇති අතර එම අමාත්‍යවරුන් සියලුම දෙනා විපතට ප්‍රදේශයන් ගෙන් බැහැර අමාත්‍යවරුන් වන අතර ඔවුන් විපතට පත් ප්‍රදේශ කරා ගොස් ජනතාවට සහන සැලසිමේ වැඩසටහන් සඳහා සහභාගි යුතු බවත් පැවසෙයි.
එමෙන්ම පුද්ගලික මාධ්‍ය හරහා ජනතාවට භාණ්ඩ මෙන්ම මුදල් මෙරට සහ පිටරටවලින් එකතු කිරීම නැවත්වීම සඳහා ආණ්ඩුව මැදිහත් වීමටද සාකච්චා වී ඇතැයි සමාජ ජාලයන්හි වාර්තාවහන් පලවෙයි.